විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දූෂිත පුද්ගලයන් බව වරාය සහ නාවික ඇමැති අර්ජුන රණතුංග මහතා කියයි.
‘අපේ පක්ෂය ඇතුළෙත් ඉන්නවා ත්‍රස්තවාදියන්. ඔවුන් පක්ෂය බලයට එනවට කැමැති නෑ. හොරකම් කළ මැති ඇමැතිවරුන් පිරිසක් 19 සම්මත කරන අවස්ථාවේ විරුද්ධ වුණා. එය කඩාකප්පල් කරන්න උත්සාහ කළා. අද 20 වැනි සංශෝධනයට වෙලා තියෙන්නෙත් එයයි. පිට පක්ෂවලට වඩා ශ්‍රීලනිපයේ කොටසක් හදනවා විස්ස සම්මත වීම වැලක්වන්න. පසුගිය කාලයේ මේ මනාප ක්‍රමයත් එක්ක සූදුකාරුවන්, කැසිනෝකරුවන්, බුකිකරුවන්, එතනෝල් ව්‍යාපාරිකයන්, කසිප්පු මුදලාලිලා, හොරකම් කළ පිරිස් පාර්ලිමේන්තුවට ආවා. මේ ඕනෑම කෙනකුට මුදල් තියෙනවා නම් පාර්ලිමේන්තුවට එන්න පුළුවන්. එය නතර කරන්නයි 20 ගෙන ආවේ. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තවාදීන් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ (නි)
ඉතින් ත්‍රස්තවාදීන් ඉන්න බව දන්නවා නම්, ත්‍රස්ත මර්දන කොට්ටාශයට ඔක්කොම අල්ලලා දෙන එකනේ තියෙන්නේ .... (නි)
පිවිතුරු යහපාල පුතේ ඔබේ හඬ දකුණු කොනේ මැදමුලනෙන් බව අපි දන්නවා. (ස)
බයියෝ ටිකක් එකතුවෙලා නටන එක රටේ ජනතවගේ හඩ නොවේ ,රටේ මිනිස්සු ජනවාරි අට වෙනිදා මහින්දව ප්‍රතික්ෂේප කරලා ,කුනුකූඩෙට දාල ගෙදර යැව්වා , මහින්දගෙන් යැපිච්ච අයට තමා නැවත මහින්ද අවශ්‍ය. (ස)
අපි අපි අතරත් ඉන්නවා ත්‍රස්තවාදීන් (නි)
මෙයා පක්ෂේ කඩාගෙන ගිහින් ෆොන්සේකාට මුක්කු ගැහුවා නේද? ෆොන්සේකා වගේම ඔබත් අසුචි වලේ තමයි ඉන්නේ. ලොකුවට සාධාරණය කතා කලාට ක්‍රිකට් සභාපති තරඟයට කඩු පොලු සංකල්පය ගෙනාවේ ඔබයි. ඔබ ක්ලිපර්ඩ් රත්වත්තේ තරඟෙට ආපු වෙලාවේ කරපු දේවල් අපි දන්නවා.ඔබ එදා ක්‍රියාත්මක කලේ චන්ඩි කමයි. (ස)
වසර 30ක් තිස්සේ උතුරේ ත්‍රස්තවාදයක් ගැන කතාකරලා ලංකාවේ මිනිසුන්ට තවම ඇතිවෙලා නැහැ වගේ මාතෘකාවෙන් එළියට එන්න. දකුණේ සිංහල කොල්ලෝ කරන්න හැදුවේ විප්ලවයක් වුණත් ශ්‍රී.ල.නි.ප.ය හා එ.ජා.පය එකහෙළාම කිවුවේ ඒක ත්‍රස්තවාදී වැඩක් කියලා. ඔය ප්‍රධාන පක්ෂ දෙකේම හිටපු ත්‍රස්තවාදීන්ගේ වැඩ නිසාම තමයි දකුණේත් උතුරේත් තරුණයෝ (තවත් බාහිර සාධක කිහිපයක් ඇතුළුව) ආයුධ අතට ගත්තේ. අවසානයේදී පොළවේ මිහිදන් කරනු ලැබුවේ අපේම දු පුතුන්. රාජ්‍යය අනුග්‍රහයෙන් පෝෂණය වන ත්‍රස්තවාදය තුරන් කරනතුරු මේ රටට තුණුරුවන්ගේම පිහිටයි. (නි)
අනේ දැන් කතා ඇති! (නි)
දකුණේ කොල්ලන් නම් ආයුද අතට ගත්තේ අසහනයට් කියල කියන්න පුළුවන්.නමුත් උතුරේ නම් සිදුවන්නේ එය නොවෙයි, මේ සිංහල රට තමිල් නාඩු ප්‍රාන්තයක් කර ගැනීමේ උත්සාහය, මේ රටේ ඉතිහාසය එයට දෙස් දෙනවා.නමුත් දකුණේ කැරැල්ලට සම්බන්ධ වූ අයත් පසුව දේශපාලන ප්‍රවාහයට එක්වී නොයෙකුත් දුෂිත වැඩ කළා.(ම)
නිමලරත්න! ඔබ හරි. වරහන් ඇතුලේ තවත් බාහිර සාධක ලෙසින් මා කෙටියෙන් ලීවේ ඔය ඔබ කියන දෙයයි. උතුරේ ත්‍රස්තවාදයට ආගම් හා වර්ගවාදී කඩ තුරාවල ට මුවා වී උතුරේ හා නැගෙනහිර වෙනම රාජ්‍යයක් පිහිටුවන්න උඩ ගෙඩි දුන් මිනිසුන් ගලේ පැහැරූ බළලුන්ගේ තත්වයට පත් වුනා. පරමාර්ථය කෙලෙසුන නිසාම ව්‍යාපාරයත් සුන්නත් දුවිලු උනා. ප්‍රජාතන්ත්‍ර වාදී ප්‍රවාහයකට එකතුවන්න පුලුටක් හෝ ඉතුරු උනේ නැහැ. දකුණේ අරගල පිටුපසත් මේ දුෂ්ටයින් සැඟවී සිට හොල්මන් කලත් අරමුණ යහපත් වීම නිසා ඔවුන් අද දුර්වලකම් මැද හෝ විප්ලව උන්මාදයෙන් මිදී සිටිනවා. (ස)
නටන්න බැරි නිසා පොලව ඇද. (ස)
ලොකුම ත්‍රස්තවාදියා ඉන්නේ එහෙනම් සභාපති පුටුවේ.. තමන්ට අයත් නැති ජනමතයක් මංකොල්ල කාල ඒ ජනමතය බලහත්කාරෙන් යටපත් කරමින් පක්ෂයේ බහුතර මතයට කන් නොදී ද්‍රෝහී සුළුතරයක් සමග එකතුව පක්ෂය විනාශයට අැද දමමින් තවත් පක්ෂයකට කළගුණ සලකමින් සභාපති පුටුවේ වාඩි වී සිටින මෛත්‍රී මහතාත් ඔහුගේ ද්‍රෝහී නඩයට අයත් වන ඔබලාත් හැර වෙනත් ත්‍රස්තවාදින්නම් නිදහස් පක්ෂයේ අප දැනුවත්වනම් නැත . (ස)
අර්ජුන ඔයා කියන දේවල් , ඔයාගේ ඇතුලේ තියෙන දේවල් අපි හොදින් දන්නවා .පුලුවන්නම් එන ඡන්දෙදි ඔයා ශ්‍රී ලංකා එකෙන් දිනලා පෙන්වන්න. (ස)
පිවිතුරු - ජනාධීපති............මහින්ද - අගමැති... (ස)
ඔබ හරි. නමුත් මේ හොරු රැළ ඕකට ඉඩදෙන්නේ නැහැ. (නි)
ඇත්තට තැනක් ඇත. අපි සැමදා ඔබ සමඟයි (නි)