(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
අගමැති ධුරය හෝ විපක්ෂ නායක ධුරය දෙන්නේ නම් පමණක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂය ඊයේ (22) තීරණය කළේය.
මේ තීරණය ගෙන ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (22) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යහපාලන ආණ්ඩුවේ කොටස්කාරයකු ලෙස එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කරන තුරු කිසිදු කරුණක් පිළිබඳව එම පක්ෂය සමග සාකච්ඡා නොකිරීමට ද මෙහිදී තීරණය කරන ලදැයි එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ‘ලංකාදීප’යට පැවැසීය.
වත්මන් ආණ්ඩුව ගැන රටේ ජනතාව බරපපළ කළකිරීමට පත්ව සිටින අවස්ථාවක ඒ ආණ්ඩුවේ කොටස්කාරයන් වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කටයුතු කිරීම ඵලක් නොවන බවද එම සාකච්ඡාවේදී තීරණය වී ඇත.
මේ සාකච්ඡාවේදී ගත් තීරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දීම සඳහා සී.බී. රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි හා මහින්ද යාපා අබේවර්ධන යන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක්ද මෙහිදී පත්කරගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාගේ පොදු ජන පෙරමුණ ට කරන්නට ඇත්තේ කාලය මරමින් පුවත් පත්වලට අදහස් දැක්වීම පමණි. පොදු ජන මතය ඔබලාට නොමැති බව දෙවරක් ඔප්පු කර අවසානය. ඔබ ලා සමග ඉතිරිව සිටින පිරිස පසුගිය දසවසර තුල කල දේවල් උපයාගත් දනය යන සියල්ල මේ රටේ සිටින ජනයා හොඳින්ම දන්නා කරුණකි. එම නිසා නැවත ඔබලාගේ සහය යහපාලන රජයකට කිසි ලෙසකින් වත් අවශ්‍ය නොවේ.
කොහෙන් ගියත් බල තන්හාව! අනික, කමිටුවේ ඉන්නෙත් කිසිම වැදගැම්මක් නැති අයනේ. ඉතින් සාකච්චා කුමට?
නාමල්, යෝශිත, චිචී, සිරන්ති, බැසිල් කට්ටියටත් සම අගමැති බලතල ලැබෙන බැවින් මහින්දට අගමැති කම දිය යුතුමයි.
මස් රාත්තලම ඉල්ලීම
ජය වේවා
2015 ඡන්දෙ දිනලා මහනුවරදී අපිට මේ ගැන කිව්වා නේ. අවුලක් නැහැ.
2015 මැතිවරණයේ දී තරුණ , උගත් , අලුත් අපේක්ෂකයින් ඉදිරිපත් කර අලුත් දේශපාලන සංස්කෘතියක් සදාවී කියා ජනාධිපතිතුමා ගෙන් බලාපොරොත්තු වුනා . එසේ වුනා නම් පාර්ලිමේන්තු බලය කෙසේ වෙතත් ජනතා බලයක් ගොඩ නැගෙනවා . දැන් සිදු වෙමින් පවතින තත්වය කණගාටුදායකයි .
අහවලාටත් අඩි 6 කතා අමතකවෙලා වගේ පස්සෙන්ම යන්නේ .
ලංකාවේ පරාජය වූ එකම ජනාධිපති, අවුරුදු දෙකකටත් කලින් මහජනයා එකතුවී නිලයෙන් පහ කල මෙයාද ලජ්ජා නැතිව අගමැතිකම ඉල්ලන්නේ? එතකොට රත්තරන් රෝහිත ඇතුළු නඩේටද රට පාලනය කරන්න ඉල්ලන්නේ? හරි ෂෝක්..! එන්න දෙන්නම්..!
ලැජ්ජා නැත්ද මන්දා
ජනාධිපති ධුරය ඉල්ලන්නේ නැත්තේ තුන්වෙනි වතාවේ බැරි නිසාද
හරියට හරි හැබැයි අපි ඔබලා සමග සිටින්නේ ඔබලා ටක්කෙට හරියටම ඉන්න නිසා නොවෙයි වෙන විකල්පයක් නැති නිසා.
සමහර කට්ටියකට ඕනේ බලයට එන්න විතරයි රට හදන්න නොවේ. සියලු දෙනාම එකතු වෙලා මේ රට කොච්චර ලස්සනට හදන්න පුළුවන් රටක්ද.
අගමැතිකම හෝ විපක්ෂ නායකකම... කිසිම ගැලපීමක් නැති ඉල්ලීමක්නේ. මෙතනින් තේරුම්ගන්න පුළුවන් දේ තමයි මේගොල්ලෝ ඉන්නේ දෙලොවක් අතර කියන බව.
විපක්ෂ නායක ධුරය නිත්‍යානුකුලව පාර්ලිමෙන්තුවේ හිමි විය යුතු වන්නේ සරල බහුතරයක් නියෝජනය කරන දමිල ( සමස්ත මුළු දමිල ජනගහනයම ගත්තත් 11.21% ) පක්ෂයකටද ? මෙය ප්රජාතන්තවාදී ද ?
කොන්දේසි දැන් දන්නවනේ. ඉතින් සාකච්චා කරන්න.
ගොනා හැරෙන්නේ තැබිලි පැළේට. ඔය හදන්නේ අර පරීක්ෂණ ඔක්කොම නවත්තගන්න
මෙයාලා ඔය බලයට එන්න කරන වංචාවක් බලය අරන්
ශ්‍රී ලංකාවේ මගේ සහෝදර ජනතාවනි චුට්ටක් හිතන්න ලෝකරටවල් අද කොහෙද අපි කොතනද උදාරණයක් මලයාසියාව අද කොහොමද මේ පක්ෂ දෙක රට විනාස කරනවා ජාති වාදය අවුස්සනවා එනිසා අපේ රටට විප්ප්ලවයක් ඕන බුද්දාගම නැතිවෙන්නේ නෑ ලෝකේ තියන තුරු .
කොහොමද බල තණ්හාව අගමැතිකම නාමල්ටද බැසිල් ටද .
ලජ්ජා නැතුව තව පස්සෙන් ගිහින් සිරි සගබෝදී වෙනවා බලාගෙන ඉමු, යු එන් පි තනි ගමන හොදා, මේ වගේ පතොලයෝ ඉස්සරහට ගෙනාවට වඩා
හරි එහෙනම් ජනතාවගේ පැත්තෙනුත් අපි මේ දෙගොල්ලන්ටම කොන්දේසි දානවා. මොකද ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වෙලා ජනතාවගේ සල්ලි ගසා කෑ පරාජය වූ ආණ්ඩුවක් (ඒකාබද්ධ විරුද්ධ පක්ෂය) හා ඒ ජනතාවගේම ඡන්දයෙන් කාලෙකට පස්සේ බලයේ සිටින පක්ෂයකට මුක්කු ගසා සිටින එජාපය "පුදන කොටම කාපි " යකා සිද්ධාන්තය ඔප්පු කළ එජාපයටත් නැවත බලයක් සඳහා ජනතාවට ආයාචනා කරන්න සදාචාරාත්මක අයිතියක් නැති බව මතක් කර දෙමින් ජනතාව ලෙස අප ඉල්ලා සිටින්නේ කරන ලද සියලුම වැරදි වලට ප්‍රථමයෙන් ජනතාවගෙන් සමාව ගත යුතුයි කියලා. දෙවනුව ගිය ආණ්ඩුවේ අයත් මේ ආණ්ඩුවේ අයත් සොරකම් කළ ධනය ආපසු මහා භාණ්ඩාගාරයට බාර දිය යුතුයි. මේ කොන්දේසි ඉටු නොකර හුදු බලය සඳහා පමණක් සම්මුතියකට පැමිණ මැතිවරණයකට යන්න බලාපොරොත්තුවක් ඇත්නම් පරදින්නත් බලාගෙන එසේ කරන්න කියා අප අවධාරණයෙන් කියා සිටිනවා. ජනාධිපති සිරිසේන මහත්මයට කියන්න පුළුවන් කම තියෙන්න ඕනේ, මහින්ද කණ්ඩායමේ කෙනෙකුට අගමැතිකම දෙන්නම් හැබැයි, හැබැයි රාජපක්ෂ පවුලේ අයට එල්ලවී ඇති මහා පරිමානයේ දූෂණ හා මිනීමැරුම් චෝදනා වලට පවුලේ හතර පස්දෙනෙක් සිපිරිගෙදරට යැව්වට පස්සේ. ඒක ඇත්තෙන්ම සාධාරණයි.
ඔය කිසිවක් දියයුතු නැත ඔවුන් සියල්ල එලවා දමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අලුත් උගත් තරුණ පිරිසක් බදවා ගන්න ඊළඟ ඡන්ද දෙකෙන් ඔය හොරු රැළ ඉබේම ගෙවල් වලට යැවෙනු ඇති.....