(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසීමට දේශපාලන පවුලක සාමාජිකාවක් වීම අත්‍යවශ්‍ය කාරණයක් නොවන බැවින් හැකියාව හා දක්ෂතා ඇත්නම් ශ්‍රීලනිපය සමඟ එක්වන්නැයි නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට කාන්තාවන් වැඩි වැඩියෙන් දේශපාලනයට පැමිණිය යුතු යැයි ද අමාත්‍යවරිය කියයි.
දේශපාලනයට කාන්තාවන් නොඑන කාලයක වුවද ලොව පළමු අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කළද ඇය ශක්තිමත්ව සිටි බවත් ඇය ලෝක කාන්තා ප‍්‍රජාවටම ආදර්ශයක් වූ බවත් ඒ අමාත්‍යවරිය පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (07) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරිය මේ බව කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවන් දේශපාලනයට එන එක හොදයි. ඒත් කවුද දැන දැනම ගිලෙන නැව්වලට නගින්න කැමති.
අපි පුංචිකාලෙ එහෙම දේශපාලන පක්ෂයක් තිබුණා මට මතකයි. ඒක තවම තියනවද?
කාටද මේ කියන්නේ.
ලංකාවේ කාන්තාවන් කී දෙනෙක් ඔහොම කියල තිබෙනවද කයිවරුව විතරයි.