(ආනන්ද ඊ ජයකොඩ්)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළේ බණ්ඩාරනායක මහතාගේ නම විකුණා ගෙන කෑම විතරයි. හිටපු ජනාධිපතිවරයා ජනාධිපති ධූරය දැරූ කාලයේ එක වතාවයි බණ්ඩාරනායක ගුණ සමරුවකට මෙම ස්ථානයට ආවේ.
කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක ගුණ සමරුව පවත්වලා නැහැ. අද මේ කටයුත්ත කරන්නෙත් පවුලේ සාමාජිකයන් පමණයි.
නමුත් හිටපු ජනපති අද එන්න ඉඩ තියනවා මොකද හැම තැනින්ම පන්නලා ඉන්නේ. ඒ හින්ද අද එන්න ඉඩ තිබෙනවා යැයිද හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිහාසය ඇත්ත කියනවා. දේශීය ධනපතියන්ට පහර ගහලා. දැන් කිසිම තැනක නිවැරදිව ආයෝජනයකට දේශීය ධනපතියෙක් නෑ. මෝඩ, ප්රගතිශීලි කථා කියන වාමාංශික පක්ෂ වලින් වැඩක් නෑ...
අපිටනම් අමතක නැහැ
බණ්ඩාරනායක මැතිතුමාගේ ප්‍රථිපත්ති අදට නෙමෙයි එදාට ගැලපෙන්නෙත් නැහැ. පංච මහා බලවේගය තුළින් ශ්‍රී ලාංකීය සමාජය තවදුරටත් භේදබින්න කිරීමේ පාපය සුළුපටු නැහැ. මේ රටේ ජනතාව අදටත් එම කරුමය ගෙවනවා. ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබන්න තිබුණු ඉඩකඩ අහුරලා තනිකර සිංහල සහ දෙමළ අධ්‍යාපනය පාසල් තුළ හඳුන්වා දීමේ ආදීනව අද අපි විදිනවා. බණ්ඩාරනායක මහත්තයා කළේත් තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මේ රටේ මිනිසුන් අතර දේශපාලන බෙදීම් ඇති කිරීම පමණයි. නිදහසෙන් පසු ශ්‍රී ලංකාව හරි විදිහට ඉදිරියට රැගෙන යන්න මේ කිසිවෙක් සමත්වෙලා නැහැ. ඒ නිසා බොරුවට ගුණවයලා වැඩකුත් නෑ...
මුල අමතක කරන එක දේශපාලුවන්ගේ හැටියක්. තමුන්ගේ වාසියට, පැවැත්මට එහෙට මෙහෙට පනින රිලවුන් ගැන කවර කතාද?