ශ්රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටී බී ඒකනායක, එස් එම් චන්ද්‍රසේන, සාලින්ද දිසානායක, බන්දුල ගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ මහත්වරුන් ද, බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් ද මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් පවත්වන ඒකාබද්ධ මැයි රැලියට සහභාගී වන බව ආරංචි මාර්ග කියයි.
කිරුලපොන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන එම මැයි රැලියට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ද ආරාධනා කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් පෙළපාළියෙන් එම මැයි රැලියට යෑමට කටයුතු සංවිධානය කරන බව ඔවුන්ට හිතවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කොම සෙල්ලම් දාන්නේ මහින්ද ඇති කරපු සාමය නිසා . මම ඉතාලියේ ඉන්නේ මට මතකයි ඉස්සර බයේ ලංකාවට ආව කාලේ මට දුකයි මිනිස්සුන්ට ඒවා මතක නැති එක ගැන මම මහින්ද ගැතියෙක් නෙවෙයි නමුත් යුද්ධයක් සමග රට දියුණු කරන්න මහින්ද කළදේ අමතක කරන්න එපා මහින්ද නැති කළේ වටේ සිටි මැති ඇමැතිවරු කීප දෙනෙක් කොමිස් කොයි ආණ්ඩුව අාවත් ගහනවා (බ)
"එංගලන්තේ ඉන්න කිසිම කෙනෙක් රජ පවුලට බනින්නේ නෑ" කියලා අශාන් කොහොම කියනවද මම නම් දන්නෙ නැහැ. මම කියන්නෙ එංගලන්තෙ ඉන්න බහුතරය රටවැසියාගේ බදු මුදලින් රජ පවුල නඩතුතු කරනවට අකැමැතියි. ඒක මම හිතලා කියන එකක් නෙමෙයි. එහේ අය සමීක්ෂණ කරලා හොයාගත්තු සහ වැදගත් පුවත්පත් වල පලවුනු දෙයක් නිසයි. (බ)
මේ පිරිසට රට වෙනුවෙන් කිරීමට දෙයක් නැත.කරන්නේ රට ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත් නායකයාට බොරු අවලාද නගන එකයි.ඇත්තටම මහින්ද මහත්මා සැබෑ යුග පුරුෂයෙකි.මෙය පක්ෂ පාට අත හැර පිළිගතයුතු සත්‍යයි.එනිසා මේ රට තවදුරටත් සුරක්ෂිත කළ හැක්කේ එතුමාටය.අපේ රට විනාශ කළ කොටිත් ,බ්‍රිතාන්‍ය කිරීටයත් දෙකම එකය. (බ)
දුන්නේ නැහැ බලෙන් ගත්ත ඒවා. (බ)
මහින්ද එනවට බයයි තමයි මොකද පරණ දේවල් ආයේ කළොත් රටට වෙනදේ මුළු ලෝකෙම දන්නවනේ(බ)
නියම ශ්‍රී ලංකා රැලිය ඇත්තේ කිරුළපන තමයි. 58 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ මහින්දටනේ. (නි)
අනේ! මොනවා කරන්නද මේ හදන්නේ? (නි)
නියමයි. අපිත් එනවා. ජයවේවා! (නි)
එයාලා වෙනම යන එක හොඳයි (නි)
ඒක එයාලගේ කැමැත්තනේ (නි)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලු (නි)
රට බේරාගත් අපේ රජාණෝ, මහින්ද මහතාට ජය වේවා ! (නි)
මේ සියල්ලෝම ගැන අපි නම් දන්නවා (නි)
දැන් තමයි බළලා මල්ලෙන් එළියට පනින්නේ (නි)
ඔව් රට හරි මාර්ගයට එනවට සමහරු කැමතිම නැහැනේ.ඒක නිසානේ මේ කෙරුවාව කරන්න හදන්නේ. මිනිස්සු හොඳ හින්දා හොඳයි. නැත්නම් එදාට එළව එළවා ගහයි (නි)
දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්නේ නැතුව ඉල්ලගෙන කන්න හදන්න එපා (නි)
ලලිත්, එහෙනම් මං වගේම ඕගොල්ලොත් කතාකළේ අපේ රටේ සමහරුන්ගේ යටත් විජිත මානසිකත්වය ගැනද? (නි)
වෙනස් අදහස්ද අවැසිය (නි)
ඇයි මේකට එච්චර බය? මහින්ද රජ තමයි ලංකාවේ ගැළවුම්කරු! (නි)
හැබැයි පසිඳු පාලකයෙක් හැටියට නම් රටකට ඕනෑ ඒ රට පරසතුරු උවදුරු වලින් වගේම රට තුළ ඇතිවන අවුල් වියවුල් වලිනුත් ආරක්ෂා කරගත හැකි අභිමානවත් නායිකාවක් හෝ නායකයෙකි. ඔහු හෝ ඇයගේ පවුල් පසුබිම අපට වැදගත් නැත. (නි)
කෙවින්, ඔයා කියන්නා වගේ එංගලන්තේ රජ පවුල එංගලන්තයට විතරක් නොව ලෝකෙටම බරක් වෙන්නේ ඔවුන්ගේ අසීමිත අවශ්‍යතා සපුරාගනු පිණිස ඔවුන් පරිසරයත් සෙසු රටවලුත් සූරාකන බැවිනි. හැබැයි ආර්ථික වශයෙන් බරක් වුණත් රජ පවුල යනු තම රටේ අභිමානය පිළීබඳ ජීවමාන සංකේතයක් ලෙස බ්‍රිතාන්‍යයන් සළකන හෙයින් අශාන් කියන කතාවෙත් සත්‍යයක් නැතුවාම නොවෙයි. (නි)
සෑම්, නිකන් බැටලු හම පොරවාගත් වෘකයෙක් වෙන්න හදන්න එපා. වහල් මානසිකත්වයෙන් මිදෙන්න. (නි)
පසිඳු, වෙනත් රටවල් කොල්ල කෑ කොල්ලකරුවන්ට සම්මාන ලෙස නයිට් නාම ලබාදුන් එංගලන්තේ රැජිනටත් තම රට රැකගැනීමට මිස අනුන්ගේ රටවල් කොල්ලකෑමට තම වැසියන් කිසිදා පොළඹවා නැති ගැමුණු, පැරකුම් වැනි නර දෙවියන් සහ ඔවුන් අනුයමින් රට කරවූ මෙරට ශ්‍රේෂ්ඨ පාලකයන්ටත් එකම හැන්දෙන් බෙදන්නට නොහැකි බව දැන් ඔබට වැටහෙනවා නොවේද? (නි)
සත්‍යා මහතාණෙනි, ඔබත් එක්තරා ආකාරයක වහලෙක් තමයි (නි)
ප්‍රකාශ්ගේ කටේ මසුරන් දාන්න වටිනවා. කවුරු පිළිගන්න කැමති වුණත් නැතත් හිටපු ජනපතිතුමා අප රටේ පිනට පහළවුණ යුග පුරුෂයෙක්. (නි)
මේ ගොල්ලන්ගේ මන්ත්‍රී වරප්‍රසාද පාර්ලිමේන්තුව විසුරුවා හැරිය විට නැතිවෙනවා. එතකොට බොරු ලෙඩ අරගෙන රෝහලේ ඉන්න ලැබෙන්නේ නැහැ .කොහොමටත් ප්‍රධාන පක්ෂ දෙකෙන් මැතිවරණයට ඉල්ලන්න ලැබෙන්නෙත් නැහැ.කොහොමටත් වෙනම පක්ෂයක් හදාගන්න එක නුවණට හුරුයි (නි)
අනේ දෙව්දත් නොදිටි මොක්පුර ...! (නි)
සත්‍යගේ අසත්‍ය ප්‍රකාශය පිළිකුලෙන් යුතුව බැහැර කළයුතුමය. (නි)
එතකොට දැන් අපි යන්න ඕනෑ කොයි එකටද? (නි)
ප්‍රකාශ්ගේ අදහසට එකඟයි (නි)
මහින්ද මහතාට ජයවේවා! (නි)
අපි නම් ඇත්තටම බයයි ආපසු එනවට. හිතනකොටත් බයයි. (නි)
මහින්ද එනවට හැමෝම බයවෙලා වගෙයි (නි)
තනියම කරන්න පුළුවන් දේවලුත් තිබෙනවා. බැරි දේවලුත් තිබෙනවා. මේවට කියන්නෙ නරිනාටක කියලා. (නි)
ඔය කව්රුවත් කම්කරුවොත් නොවෙයි. කම්කරු නායකයොත් නොවෙයි. දැන් මැයි දිනය කම්කරුවන්ගේත් නොවෙයි. ඕවට යන වැඩිදෙනා නිවාඩු දවසේ නිකම් හම්බවෙන බත් පැකට් එක කාලා නිකම් ලැබෙන බස් සවාරියෙන් කොළඹ බලලා පෙළපාලියට සම්බන්ධ වෙන කට්ටිය (නි)
සෑම්, 21 වන සියවසට රජවරු ගැළපෙන්නෙ නැහැ. පරිසරයට අනුකූල නොවු යෝධ ඩයිනෝසරයනුත් වඳවුණ එකේ රජවරු ඉවත්වෙලා යන එක අහන්නත් දෙයක් නෙමෙයි. (නි)
මොනවද මේ විහිළු? (නි)
ඇත්තටම බයයි සුරේකා. එතුමාට විතරක් නෙමෙයි වටේ හිටිය හැමෝටමත් අපි හරි බයෙන් හිටියේ. (නි)
මහින්දට කඩේයන පිරිසේ නම් කිසිම අඩුවක් වෙලා නැතිබවයි මට නම් පෙනෙන්නේ (නි)
වෙනස නම් නියමයි (නි)
සමහරු මහින්දට බැන බැන මෙතන අදහස් දානවා සුපුරු පරිදි යහපාලන කණ්ණාඩිය දාගෙන. (නි)
අනේ රජවරුන්ට බනින්න එපා. අපේ මෛත්‍රී ජනාධිපතිට මහා රැජින අතට අත දුන්නේ මේස් ගලවලා. මොන තරම් නම්බුවක්ද අපේ රටට. (ම)
ඔව් ප්‍රකාශ් ඔබ හරි , ඔය සත්‍ය අද මධ්‍යස්ථ මත දරණ සියලු දෙනාම පසක් කරගෙන ඉන්නේ . මේ මතය තවදුරටත් ජනතාව අතරට ගෙන යාමට ඔබ වැනි අයගේ දායකත්වය පතමි (බ)
අනේ දහම්, බම්බුව තමයි! මේස් දැම්මත් නැතත් ඒ අත පුරාම අපේ රටේ වීරයන්ගෙත් නොදරුවන්ගේත් අපවැනි වෙනත් රටවල අහිංසකයන්ගෙත් ලේ!!. (බ)
සමන් 100% හරි. තිත්ත ඇත්ත කාටත් තේරුනාට අපේ අය අදහස් දාන්නේ තමා කැමති කට්ටියටනේ. (නි)
100% පිරිසුදු ඡන්ද ලක්ෂ 58 ජයවේවා (බ)
දේශපාලනෙන් ම අතුගැවිලා යන කට්ටිය අවසන් ගමන අද කිරුලපනෙන් අරඹනවා. ඔය පක්ෂ කඩාගෙන ගිය කට්ටිය කවදාවත් දේශපාලන වේදිකාවේ රැඳුනේ නෑ.(ම)
රජවරු අදට හරියන්නෙ නැහැ. එංගලන්තෙ මිනිස්සු කොච්චර බනිනවද එයාලගේ බදු මුදලින් රජ පවුලක් නඩත්තු කරනවා කියලා. (බ)
මහා රැජිනගේ මේස් නැති අත මහ මෙරක් වගේ පෙනෙන්නේ වහල් මානසිකත්වය නිසානේ දහම්. නම්බුව කෙසේ වෙතත් මෙහෙම හිතන අය නම් නිකම්ම නිකම් හිස් බම්බු ම තමයි. (බ)
ඔකම තමා අපිත් කියන්නේ සුමුදු හේවා අපිත් කියන්නේ, රජවරු කුමාරවරු අපිට එපා. පොළවේ පය ගහලා ඉන්න සාමාන්‍ය මනුස්සයෙක් තමයි අපට ඕනේ.(ම)
සුමුදු එංගලන්තෙ රැජිනට බැන බැන මෙහෙ රජවරු ඇති කරන්න යනවා.(ම)
ගොඩක් හොඳයි තම බලය පෙන්වන්න පුළුවන්නේ ....(ම)
හොරු ගොඩට මෙයාල තමයි අඩු (බ)
කියන්න දේවල් බොහෝයි. ඕක ඔහොම වෙනවනම් ලොකු දෙයක් එතකොට දෙපැත් නයින්ගෙන් මහින්දට බේරිලා ඉන්න පුළුවන්. කෙවින් ඒ උනාට අපේ අයට හරි ලොකුයිනේ අත් මේස් ගලවල අතට අත දුන්න කියල. හැබැයි එයාල දැක්කේ නෑ දෙවෙනි සැරේ එහෙම දුන්නේ නෑ කියල. (බ)
මහානාම, තමන්ගේ කන්ණාඩිය ගලවලා බලන්නකෝ ඉස්සර වෙලා.(ම)
සරත්ට තවම කෑම දිරවල නැහැ වගේ ....මහින්දගේ රාජ උෂ්ණය ගහලාද ? (ම)
ත්‍රස්තවාදයෙන් රට මුදාගත් දේශපාලන නායකයා ගැන විතරයි අපේ අයට මතක. ලේ වලින් ජීවිත වලින් රට බේරාගන්න දායක වුණ අනෙක් අය අමතකයි (නි)
කෙවින් නිකන් බොරු කියන්න එපා.. එංගලන්තේ ඉන්න කිසිම කෙනෙක් රජ පුවලට බනින්නේ නෑ. ඒ ගොල්ලන්ට ඒ රජ පවුල මහ අභිමානයක්.. නොදන්න දේ නොකියා ඉන්න (බ)
අහන්නත් දෙයක් ද ගයාන්, අපේ රට කොටි ත්‍රස්තවාදයෙන් මුදාගෙන ටික කලකට හෝ අපට අභිමානවත් රටක් උරුමකර දුන් නායකයා නියෝජනය කරන මැයි රැළියට මිස රටට සතුරු විදෙස් බලවේග වලත් බෙදුම්වාදයේත් මන දොළ සපුරන රැළියකට අපි නම් යාමට සිතන්නේ වත් නැහැ. (බ)
පිටබැද්දර ජයා කවුරුත් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටියට මොකද අපි නං දාඩිය මහන්සියෙන් හම්බකරගෙන කන මිනිස්සු හින්ද එහෙම නිවට වෙලා ඉන්න අපිට නම් බැහැ. (ම)