ශ්රී.ල.නි.ප ය යනු බෝඩ් ලෑල්ලක් නොවන බවත්, පාක්ෂිකයන් නැති පක්ෂයයකින් වැඩක් නැති බවත්, මේ වන විට පක්ෂය දියවෙමින් තිබෙන බවත් බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කීවේය.
හිටපු ඇමැතිවරයකු වූ දිවංගත රෙජී රණතුංග මහතාගේ හත් වැනි ගුණසමරුව වෙනුවෙන් පැවැති පිංකම් මාලාව අවසානයේ මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු එසේ කීවේය.
‘පියා (රෙජී රණතුංග මහතා) කිසිවිටකත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් අතහැර ගියේ නැහැ. පාක්ෂිකයන්ගේ කැමැත්ත වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටියා. පක්ෂ නායකත්වයට ගම්මට්ටමේ පාක්ෂිකයන් ශක්තිමත් කිරීමේ වැඩ සටහනක් නැහැ. මෙවැනි අවස්ථාවක රෙජී රණතුංග වැනි නායකයින් පක්ෂයට හා රටට අත්‍යවශ්‍යයි. මේ නිසා තාත්තාගේ අඩිපාරේ යමින් තමන් ශ්‍රීලනිපයේ බහුතර පාක්ෂික මතය වෙනුවෙන් පෙනී සිටිනවා.එහෙම කරන්නේ පක්ෂයේ විනාශ කරන්න නොවන පාක්ෂිකයන් ආරක්ෂා කරන්නයි.‘





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතේ, දැන්වත් මොළේ පෑදුනොත් ලොකු දෙයක් (නි)
ඔබලා නේද මහින්ද නැතුව රට අනතුරේ කියලා රැස්වීම් තිබ්බේ? දැන් යන්න මහින්ද නිසා පක්ෂය අනතුරේ කියලා. කොහොමත් දැන් නම් පරක්කු වැඩියි. ජනපති සමඟ එකතුවුණා නම් අද පක්ෂය ගොඩ (නි)
පක්ෂය දියකර හරින්නේ කවුද කියලා අපි දන්නවා (නි)
තනිකර වැරදි කතාවක්. පක්ෂය නොවේ දියවන්නේ....., පක්ෂයේ ඉඳගෙන එම බලයෙන් රටේ සාරය උරාගෙන බීපු සහ බොන අය දියවී යනවා (නි)
පක්ෂය කෙසේවෙතත් දේශපාලන අනාගතය නම් බොහොම ඉක්මනට අවසන්වෙයි වගේ (නි)
රට පාවාදීමට හොර,රහස් ගිවිසුම් ගහපු අය පක්ෂයෙන් ඉවත් නොකළොත් පක්ෂය දියවෙනවා. (නි)
හොරුන්ව අතහැර රට ගැන සිතා මෛත්‍රිපාල ජනාධිපතිට සහාය දෙන්න.ඔබ අවංකවම රටට ආදරයක් ඇත්නම් ශ්‍රී ලංකා ජනතාව ගැන සිතන්න. එවිට ඔබට ජයගනීවි. (නි)
හොරු ඉන්නාතුරු පක්ෂය ගොඩගන්න බැහැ (නි)
හොරකමට වංචාවට ආයුෂ අඩුයි. දැන්වත් තේරුම් ගන්න. (නි)
අපි සන්තෝසෙන් ඉන්නේ - දුක ශෝකය නැහැ දන්නේ - අයියා මල්ලි වාගේ අයියා මල්ලි... (නි)
පිවිතුරු යහපාල සුනක පුතේ මැදමුලන වලව්වේ තව මස්කටු තියෙනවද (ම)
සෑම් ,අපි රටට හිතවත් ඔබ වගේ හොරුන්ට හිතවත් නොවේ. (ස)
පක්ෂය දියවෙනවා නොව "ඒක දියකරනවා" කියලා කිව්වා නම් ඔයිට වඩා නම්බුකාරයි. (නි)
අදහස් දාන අය නිදහස් පක්ෂයට ගොඩක් ආදරෙයි වගේ.බලා ඉන්න අමාරු නම් බය හිතෙනවා නම් ඇස් පියාගෙන යහපාලනේ සොහොන් ලකුණු මතක් කරගන්න.තව ටික දවසයි (නි)
අපිට නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු ඕනෑම පක්ෂයක් තිබුනත් නැතත් වැඩක් නැහැ.අපිට අවශ්‍ය වෙන්නේ ආණ්ඩු මාරු එක්ක වෙනස් වෙන්නේ නැති දිගුකාලීන දැක්මක් ඇති රාජ්‍ය ප්‍රතිපත්තියක්. ජ්‍යාත්‍යන්තර දේශපාලනය සැළකුවොත් මේ මොහොතේ තායිලන්තයේ මෙය සිදුකරමින් පවතිනවා. පක්ෂ රැකගන්න එක හෝ දියවෙන එක දේශපාලකයාගේ මිසක් ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක් නෙමෙයි. (නි)
යහපාල උන්නැහේ වගේ මිනිස්සු බලන් ඉන්නේ රටට මොකක් හරි හෙනයක් වදිනකන් බොර දියේ මාළු බාලා මහින්දව ගොඩ දාන්න. එයාට හරි ගියොත් ඇති. රටට මොකක් වුණත් කමක් නැහැ. (ම)
ශ්රී .ල .නි. ප. ය විනාශ කරන්නේ කවුද කියලා අපි දන්නවා (නි)
මධ්‍යස්ථව බලන අපිට නම් පෙන්නේ මේ දියවීමට ඔබතුමාලගේ ක්‍රියාකලාපය හේතුවුන බවයි. දැන්වත් කොන්ද කෙලින් තියාගෙන වැඩ කලොත් නම් ලබන ඡන්දෙට ඇතුලට එන්න පුළුවන්. නැත්නම් සොරිම තමයි.(හේ)
ජීවන වියදම වැඩිකමට ලංකාවේ දුප්පත් ජනතාවත් දිය වේවි යනවා. දේශපාලුවෝ නම් පිටි මුට්ට වගේ තර වෙනවා. (බ)
කවුද ඉතින් දිය කරන්න වතුර ඇද්දේ? අපිද? එයා තවමත් ඕක දියකරමින් නේ ඉන්නේ! (බ)
පාක්ෂිකයා කොතනද - ඡන්දය කියනු ඇත. (ස)
කොමෙන්ට්ස් දාන අය නිදහස් පක්ෂයට ගොඩක් ආදරෙයි වගේ. කනගාටුයි මහත්තුරුනේ..ප්‍රසන්න මහත්තය ඔයාලට හිතන්න බැරි දේශපාලන ආකර්ශනයක් එක්ක ලක්ෂ 58 ක ජනමතයට සාධාරණය ඉටු කිරීමේ ගමනක් යනවා..බලන් ඉන්න අමාරුනම් බය හිතෙනවනම් ඇස් පියාගෙන යහපාලානේ සොහොන් ලකුණු මතක් කරගන්න..තව ටික දවසයි ඒක වලදාන්න....(ස)
ජනක මහත්තයෝ..එදා ඉඳන් මේ රටට වින කරපු මේ රටට හෙන ඉල්ලපු එව්වෝ තමයි අදටත් මහින්ද මහත්තයාගේ නම මතක් කරන කොටත් කලිසම් තෙමා ගන්නේ..ඔයත් ඒ ජාතියේ වගේ මට පෙන්නේ..මහින්ද මහත්තයව ගොඩ දාන්න අවශ්‍ය නැහැ..එතුමා ගොඩ ඉන්නේ..මේ රටට ආදරය කළ මිනිස්සු තමයි 8 වෙනිදා වලට ගියේ..එයාල අද මහින්ද මහත්තයාගේ පිහිටෙන්ම තමයි එදා වගේම වලෙන් ගොඩ එන්න හදන්නේ..ඒක වැඩි දවසක් නොගිහින් වෙනවා.මෙදා පාර අපි වලෙන් ගොඩ එන්නේ මේ රට ආයේ අරාජික කරලා මිනිස්සුන්ට මරබිය ආයෙත් ඇති කරන්න පෙරුම් පුරන ඒකට මග පාලා දෙන්න හදන රටට හැමදා හෙන පතන ඔහෙලා වගේ ගුනමකුවෝ ඔක්කොම ඒ වලේ දාල වලලලම තමයි. (ස)
මහින්ද පැරදුනේ නැහැ ඇස ඇරලා බලන්න කාටද ජන බලය දැන් (ම)
කතාව ඇත්ත එතුමා කොහෙත්ම පැරදිලා නැහැ. පැරදිලා තියෙන්නේ, අවංක කම, නීතිය, සදාචාරය වගේ උතුම් ගුණාංග. අන්තිමට පැරදිලා තියෙන්නේ මහජනතාව. (ස)
ජනතාව ප්‍රතික්ෂේප කල අය පස්සේ යන නිසා නේද ඒක වෙන්නේ? (කේ)
මේකේ ප්‍රතිචාර දාන අය රටට හිතවත් නෑ වගේ. (ස)
පක්ෂය දිය කරලා දාන්නෙ ඔබ තුමාලාම. පැරදුන නායකයෙක් පස්සේ ගිහිල්ල පක්සේ අනාත කරලා දැම්ම. දැන්වත් මොලේ කල්පනා කරලා අලුත් නායකයා එක්ක පක්සේ ගොඩගන්න .නැත්නම් ඔබතුමාට ජනතාව සලකාවි මීලග චන්දෙදි. (කේ)
හැබැයි මහින්ද සමග යන ගමන නිසා පක්ෂය නොවේ ඔබ තනිවේ (කේ)
ඉතාමත් අයහපත් දේශපාල තත්වයක්! (නි)
ඇත්ත නේන්නම් !!! ඔය දියවීම පටන්ගත්තේ 2015 ජනවාරි මාසයේ 08 වැනිදායින් පස්සේ. ඒක ස්වභාවික දියවීමක් නොවෙයි කියලා බොහෝ දෙනෙක් දන්නවා. දියවීම කියනවට වඩා හොඳයි "කාල දැම්මා" කියනවා නම්. පක්ෂය කාලා, කාබාසිනියා කළ රොත්ත, බුරුත්ත දොට්ට දැම්මොත් නම් පක්ෂය විතරක් නොවෙයි මුළු රටමත් රැකගන්න පුළුවන් වෙන බව ඒකාන්තයි. (නි)
මහ ඇමතිතුමාට දැනුයි මොළය පෑදිලා තියෙන්නේ. (නි)
උඩින් අදහස් දාන අයගේ හිතේ එයාලා දේශපාලන ඔස්තාර්ලා කියලා. (නි)
ඔබතුමන්ලා විසින් මෛත්‍රී ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හැටියට පත්කළා නම් එතුමන්ට සයෝගය දීලා පක්ෂය දිනවන්න කටයුතු කරන්න.පරාජය වුණ කට්ටිය එක්ක එකතුවෙන්න එපා. (නි)