අජන්ත කුමාර අගලකඩ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හවුල් ආණ්ඩුවෙන් ඉවත් වෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ශ්‍රීලනීප මධ්‍යම කාරක සභාව හෙට (11) රාත්‍රීයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යළි රැස්වේ.
ශ්‍රීලනීප මධ්‍යම කාරක සභාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිලනිවසේදී ඊයේ (09) රාත්‍රීයේ රැස්වූ අවස්ථාවේදීද මේ සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර , ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා මධ්‍යම කාරක සභාව හෙට රාත්‍රීයේ යළි කැඳවීමට එහිදී තීරණය විය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.