අජන්ත කුමාර අගලකඩ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හවුල් ආණ්ඩුවෙන් ඉවත් වෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ශ්‍රීලනීප මධ්‍යම කාරක සභාව හෙට (11) රාත්‍රීයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යළි රැස්වේ.
ශ්‍රීලනීප මධ්‍යම කාරක සභාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිලනිවසේදී ඊයේ (09) රාත්‍රීයේ රැස්වූ අවස්ථාවේදීද මේ සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර , ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා මධ්‍යම කාරක සභාව හෙට රාත්‍රීයේ යළි කැඳවීමට එහිදී තීරණය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමා කොහොමද මේ යහ පාලනය කරන්නේ මේ දෙපිටකාට්ටුවෝ ටික තියාගෙන, මේ ටිකට යන්න කියන්න ආණ්ඩුවෙන් එතකොට රට ටිකක් හැදේවි.
මේ තීරණයත් බාලගිරි දෝෂයට අහුවෙලා වගේ. හැමදාම හෙට හෙට කියකියා ඔහේ කොහොමහරි කල් මරනවා.
දැන්නම් ශ්‍රීලංකා පක්ෂයට වුන දේ ගැන දුකක් තමයි තියෙන්නේ...
ප්‍රධාන දෙපිටකාට්ටු වැඩ කරන කෙනෙක් තමයි ... පක්ෂයේ හොරු රැල වෙනුවෙන් පෙනී ඉන්නේ. එයටයි මුල් තැන. ඒ බව ඔප්පු කරලා තියෙන්නේ...
මඩේ හිටවපූ ඉන්න වගේ වැනෙන කට්ටිය. තමන්ගේ පක්ෂයේ අභයන්තර වැඩක් ගැන කෙලින් තීන්දුවක් ගන්න බැරි නායකයෝ ජාතික වැදගත් කමකින් යූතු ප්‍රශ්ණ සම්බන්ධයෙන් කටයූතු කරන ආකාරය අපිට හිතාගන්න පුළුවන්.
මේවා ඔක්කොම බොරු රගපෑම් විතරයි. හරියට දෝෂාභියෝගය වගේ.
ඔය දෙපැත්තට අදින කට්ටිය පසුගිය අවුරුදු 3 තුල කරපු එක හොඳක් තියෙනවද? ජනාධිපතිතුමා එක්ක විදේශ සංචාර යනවා අැරුණුවිට රජය අපකීර්තිමත් වෙන ආකාරයට ක්‍රියා කළ බව ජනතාව හොඳින් අවබෝධ කර ගත්හ. දැන්වත් මේ කණ්ඩායම එළියට යවන්න. එතකොටවත් රටට යහපතක් වේවි.
අවුරුද් 3ක්ම බයිලා ගහලා මේ කරන්නේ අපේ බදු මුදල් ටික කොල්ලකාගෙන ඉන්න එක විතරයි.
එළවනකල් යන්නේ නැහැ...
යන්න අනේ. අපි ඡන්දේ දුන්නේ නම් ලොකු පක්ෂ දෙක එකතුවෙලා වෛරී දේශපාලනය අවසන් වේවි කියලා හිතලා. ඒවාගේම වංචා දූෂණ නැතිවෙයි කියලා . ඒත් ඔයාලටවත් එජාපෙටවත් එකතු වෙලා වැඩ කරන්න බැරි බවත් වංචා දූෂණ නොකර ඉන්න බැරි බවත් පැහැදිලියි. ඉතින් තවත් මොකට ඉන්නවා ද? හැබයි මැතිවරණ තිබ්බා කියලා වෙනසක් වෙන්නෙත් නැහැ. මොකද ඡන්ද දායකයොත් ඔයාලා වාගෙමයි. නැවතත් ජනතාව ඡන්දේ දෙන්නේ ඔයාලට විතරයි. බය වෙන්න එපා ඕන දෙයක් කරන්න.
මෙයාලා මහින්දගේ ලණුව කාල දැන් දිරවගන්න බැරිව දඟලනවා.
කට්ටිය විපක්ෂෙට යන්න හදනවනම් හදන්නේ ජනමතය අනුව විපක්ෂේට චාන්ස් එකක් තියෙන නිසා.
පසුගිය පළාත්පාලන මැතිවරණයේදී ශ්‍රීලනීප ලක්ෂ දහතුනක් පමණ ඡන්දය දුන්නේ එජාපය සමග ආණ්ඩු කරන්න නෙවෙ. රටේ 55% කට අධික ජනතාවක් පවතින රජයට විරුද්ධ බව එකෙන් පැහැදිලි වුනා. මේ කට්ටිය එජාපය සමග ආණ්ඩු කලොත් ඔය ලක්ෂ දහතුනත් ඊළඟ ඡන්දෙදි නැතිවෙන බව දන්නවා. ඒකයි ඔය දඟලන්නේ.
ගියත් එකයි , හිටියත් එකයි . මොකද ඔය දෙකෙන් කෝක වුනත් අපිට සෙතක් වෙන්නේ නැහැ .
හෙට වෙනකම් ඉන්නේ ඇයි අදම යන්නකෝ. අත හැරීම ලේසි නැත.
ඊළඟ පාර්ලිමේන්තු සැසි වාරයේදී ඔය සේරම විපක්ෂයට එකතුවෙන බව හිටපු ජනාධිපති කියන්නේ විහිලුවට නෙවේ.මේ සියල්ලම ක්‍රමානුකුලව සැලසුම්කල සුක්ෂම වැඩපිළිවෙලක අංග බවයි පෙනෙන්නේ.
මේ දේශපාලුවෝ හැමදාම හිතාගෙන ඉන්නේ තමන් නැත්නම් රට ඉවරයි කියල. ජනවාරි 8 පොරොන්දු වුන විදියට වැඩ කලානම් මේ කිසි අවුලක් නෑ.
බාලගිරි දොසේ අද නොවෙයි හෙට
ඔය කිය කියා ඉන්න එකේ ඉක්මනටම ගියානම් හොඳයි .
හරියට ඩීබී විජේතුංග මහතා එජාපයත්, රටත් පාලනය කළා වගේ තමයි. අද මෛත්‍රිපාල ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, රටත් පාලනය කරන්නේ. එ්කේ ප්‍රතිඵල තමයි අද එජාපය එකට ඔළුව උස්සන්නත් බැරි. එතුමත් දුර්වල පාලනයක් කරලා.. තවත් දුර්වල කෙනකුට පක්ෂ නායකත්වය බාර දීල ගියා. ඒ වගේම අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් වෙලා තියෙන්නත් ඒකම තමයි.
රට මේ අවදානමට ඇදලා දැම්මේ ජනපති... තමයි. දැන් නහයෙන් හැඬුවාට. මේ කවුරුත් අසරණ ජනතාව පාවිච්චි කරලා සැප විඳිනවා. මේ මිනිස්සුන්ට යන්න අපායක් තියෙයිද? ඒකට ගියත් ඩීල් ගහලා යමරජුගේ පාලනෙත් අවුල් කරලා විශ්වාසභංගයක් ගෙනාවා ෂුවර්.