ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය හිමි කිරීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එකඟ වීයැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි කියයි.
මෑත දී ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ කොටසක් සිරිසේන ජනපති සභාපති පදවියට පත් කළ අතර, ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයට මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු පිරිසක් ඔහු සභාපති පදවියට තෝරා පත් කර ගත්හ.
එහෙත් පක්ෂ සභාපතිවරයා විය යුත්තේ ජනපති ධුරය දරණ තැනැත්තා බව මහින්ද රාජපක්ෂ මහතා ජනපති සමයේ පක්ෂ ව්‍යවස්ථාව සංශෝධණය කැරිණි.
ඉදිරි මැතිවරණයේ දී පක්ෂයක් ලෙස ඊට මුහුණ දිය යුතු බවත්, පක්ෂයේ ඉදිරි ගමන ගැන සාකච්ඡා කිරීමට සිකුරාදා (15) මධ්‍යම කාරක සභාව රැස්වනු ඇති බවත්, පක්ෂයෙන් වෙන්ව ගිය මන්ත්‍රීවරුන් ද ඊට පැමිණෙතියි අපේක්ෂා කරන බවත් එම ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකඟ වෙනවා ඇරෙන්න එතුමාට වෙන විකල්පයක් නැහැ.(හේ)
මේ වෙන දේවල් ගැන අපි බලන් ඉමුකෝ.මොකද වෙන්නේ කියලා.(හේ)
මහින්ද මහතා සැබෑ නිහතමානී කෙනෙක් (නි)
අනුකම්පා ඉපදවී මේ තීරණය ගෙන ඇති බව පෙනී යයි.(හේ)
මොන දේ සිද්ධ වුනත් ,නව ජනාධිපතිතුමා හොරුන්ව ආරක්ෂා නොකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.(හේ)
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමානේ පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කරලා තියෙන්නේ.ඒ නිසා වෙන කාටවත් ඒ ගැන දෝෂාරෝපණයක් ගෙනෙන්න බැහැ. (නි)
දේශපාලනය ගැන මිනිසුන්ට විශ්වාසයක් ඇති කරන්න දැන්වත් මිනිසුන්ට සේවයක් කරන්න (දිල්)
එඩිතර නායකයාණනි, ඔබ ගත් නිර්භීත තීරණයට මගේ ප්‍රණාමය. ඔබ තුමා රටට උවමනා වන දිනය වැඩි ඇතක නොවේ . දළදා සමිදුගේ සරණයි (අ)
දැන් ඉතින් හොරු ඔක්කොමලා උපාසක මහත්තුරු වෙන්න වගේ හදන්නේ. ඉදිරියට වෙන්නේ මොකක්ද කියලා පොදු ජනතාව බලාගෙන ඉන්නේ. හැබැයි මෛත්‍රී මහත්තයෝ අපි ඔබ තුමාට ඡන්දේ දුන්නේ පැවති ක්‍රමය වෙනස් වෙයි කියන දැඩි විස්වාසයකින්. එ් වගේම හොරුන්ට දූෂිතයන්ට තරාතිරම නොබලා දඩුවම් දෙයිකියලා දැඩි විශ්වාෂයක් ඇතුව. මෙහෙම ගිහින් හොරු ටික ඔබතුමාගේ රැකවරනයට ලක්උනොත් පොදු ජනතාව වන අපි ඉදිරි මැතිවරණයේදී මහින්දට කරපු දේ කරන්න මොහොතක් වත් පසුබසින්නේ නැහැ. දින සීයට බහුතරය හදාගන්න කියලා දූෂිතයෝ ලංකරගන්න එපා. ඊට වඩා හොදයි පාර්ලිමේන්තුව විසුරවලා මැතිවරණයකට යන එක. ඔබතුමාගේ නායකත්වයක් යටතේ පිරිසිදු අපේක්ෂකයෝ ලැයිස්තුවක් එක්ක මැතිවරණයකට ගියොත් අනිවාර්යයෙන්ම දිනනවා. අපිට ඕන කරන්නේ යහපාලනයක් මිස තක්කඩි ආන්ඩුවක් නොවන බව කවුරුත් හොදින් මතක තියාගත්තොත් හොදයි. මහින්ද මහත්තයත් කළ අසමජ්ජාති වැඩ වලින් බේරෙන්න ඔබතුමාගෙන් රැකවරණයක් ලබන්න හදන බවක් තමයි අපිට පේන්නේ. (බ)
දැන් ඉතින් ඔක්කොමලා මුකුත් දන්නේ නෑ වගේ ඉන්න හදන්නේ .ඉදිරියට වෙන්නේ මොකක්ද කියලා පොදු ජනතාව බලාගෙන ඉන්නේ. හැබැයි මෛත්‍රී මහත්තයෝ අපි ඔබ තුමාට ඡන්දේ දුන්නේ පැවතිච්ච ක්‍රමය වෙනස් වෙයි කියන දැඩි විශ්වාසයකින්. එ් වගේම හොරුන්ට දූෂිතයන්ට තරාතිරම නොබලා දඩුවම් දෙයිකියලා දැඩි විශ්වාසයක් ඇතුව ඒ විශ්වාසය රකියි කියලා අපි බලාපොරොත්තු වෙනවා (දිල්)
වැරැදිකරුවන්ට දඩුවම් දිය යුතුයි (දිල්)
ඔය එක එක පක්ෂවල සභාපති හෝ ලේකම් කවුරු උනත් අපට වැඩක් නැහැ. අපට අවශ්‍ය වන්නේ ඔබතුමා මෛත්‍රී පාලනයකින් ඉටුකරන්න පොරොන්දු උන දේවල් එලෙසින්ම ඉටුකිරීමයි. ඔය හිතවත්කම් නිසා අනුකම්පාව ඇතිවෙනවා. එවිට දුෂිතයන්ට දඩුවම් දෙන්න බැරිවෙනවා. නාමල්ට විරුද්දව නඩු නොදමන බවට එකඟතාවයක් තියෙන බවට කතා පැතිරෙනවා. (නදී)
එකඟත්වය හොරුන් ආරක්ෂා කිරීමේ එකඟත්වයක් නොවෙයිද? අපි විමසිල්ලෙන්. (නදී)
දින 100 න් පසු මෛත්‍රී ජනපති. මහින්ද අගමැති රනිල් මග ඇති. යු.එන්.පී කාරයෝ අත්පුඩි ගැහුවා විතරයි (නදී)
මොනවද මේ වෙන්නේ දැන් කෝ පිටිපස්සෙන් හිටපු කට්ටිය (දිල්)
බලපුවාම ව්‍යවස්ථා ඔක්කොම සංශෝධනය කරලනේ. පාරා වලල්ලක් වෙලා දැන්.(හේ)
අලියෝ ආයේම අනාථාගාරේට යවයි වගේ.(හේ)
මහින්ද මහත්තය එහෙම සභාපතිකම දෙනවනම් එතනින් එතුමාගේ දේශපාලන දිවිය අවසන් වෙනවා..මම හිතන්නේ නැහැ එතුමාට ඡන්දෙ දීපු පිරිසිදු සිංහල බෞද්ධ ඡන්ද වලට එතුමා එහෙම අසාධාරණයක් කරයි කියල.(අ)
එතුමන් සාදාරණ විදියට හිතනවා (දිල්)
මේ වගේ දේවල් වෙද්දී කල්පනාවෙන් වැඩ කරන්න වෙයි (දිල්)
අපි ඡන්දය දුන්නේ පාට පක්ෂ භේදයකින් තොරව යහ පාලනයකට. ඒත් ආයි යන්න හදන්නේ හිටපු තැනටමයි. මහින්දයි එයාගේ හොර ගෝලයෝ රොත්තයි හදන්නේ දැං සහයෝගය දීලා කරපු වැරදි සේරම වහගෙන මහමැතිවරනයට ඉදිරිපත් වෙන්න. ඒකෙන් ආයි මහින්දව දිනවලා අගමැති කරන්න. ඉදිරි දින 100 ඇතුලට ව්‍යවස්ථාව වෙනස් උනාහාම වැඩි බලතල හම්බවෙන්නේ අගමැතිට. එතකොට මහින්ද අගමැති උනාහාම ආයිත් සැරයක් හොරු කණ්ඩායමක් බිහිවෙන්නේ. අපි ඡන්දය දුන්නේ මේකටද ? (නදී)
ඔබ තුමා රටට අවශ්‍යයි. ඒත් පවුලේ අයයි ඔබ තුමාව නැති කළේ (නදී)
ෆයිල් ඇති කට්ටියට මොනවා හිතෙන්න ඇද්ද ? (නදී)
මේ එකඟතාවය ගැන සෙසු පක්ෂ හා ඡන්දය දුන්න මහජනතාව දැනුවත් කලොත් හොඳයි නේද ? කරන කියන වැඩ වල විනිවිද භාවය කියන දේ නැතිකම පසුගිය ආණ්ඩුවට බලය අහිමි වීමට ප්‍රධාන හේතුවක් (නදී)
මේක නම් විදේශීය කුමන්ත්‍රණයක්. (නදී)
හිටපු ජනපති ආර්යාව ගැනත් පරීක්ෂන කරනවද ? (නදී)
එකම විකල්පය. (නදී)
මේ දේ ඇත්තටම වෙන්න පුළුවන්ද?(හේ)
"ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය හිමි කිරීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එකඟ වීයැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි කියයි. "රාජපක්ෂ'' පවුල ආරක්ෂා කරනවා කියන පොරොන්දුව මතද? (නදී)
මට හිතෙන්නේ මේකත් මහින්දගේ ගුන්ඩුවක් ? (නදී)
"ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය හිමි කිරීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එකඟ වීයැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි කියයි." බලයට කෑදර කෙනෙක් එක පාරම කැමති වුනා කියන එක පිලි ගන්න තරම් අපි මෝඩයෝ නොවෙයි. (නදී)
පක්ෂ ගණනාවක සම්මුතියකින්, සමස්ත ජනතාවටම දුන්නු පොරොන්දු ඉටු කරන්න. "මෙගා හොරු" අල්ලන්නම වෙනවා. දැන් රට ගිය අයත් ආපසු එනවා කියන්නේ එහෙනම් එ්ක තමයි. (නදී)
ඉන්න හොරුන්ට පැනලා යන්න අමාරුයි. ඒ වෙනුවෙන් ක්‍රියා කරන්න තරුණ මන්ත්‍රීවරු, විවිධ පක්ෂවලින් දැනටමත් පෙරමුණ අරන් ඉන්නේ. (නදී)
කම්බා හොරු නිදහස්ද ඒ කියන්නේ? (නදී)
අන්තර්ජාලයේ සත්‍ය හෙළි කරලා තිබෙනවා. දැන් ඉතින් ලංකාවේ ඉදලම සත්‍ය තේරුම් ගන්න පුළුවනි. (නදී)
මතක තියා ගන්න මහින්දට දුන්න ඡන්ද ලක්ෂ 59 ක් ඇති බව. නැති නම් ශ්‍රී ලංකා පක්ෂය දියවෙන එක වලක්වන්න බැහැ. ජනාධිපති තුමත් එයාගේ පක්ෂෙට ආදරේ නැතිද, හුගක් යු.ඇන්.පී අය එ්කට බය වෙලා වගේ ප්‍රතිචාර දැක්කම හිතෙනවා. (නදී)
අපි බන්දුල පෙරේරා වගේ කැපුවත් මෛත්‍රී වෙන්නේ නැහැ. හරි දේ හරි කියනවා වගේ වැරදි දේ වැරදි කියන්නත් කොන්දක් තියෙනවා. (නදී)
රාජපක්ෂ පවුල් වනාන්තරය රට කාපු හැටි දකින්න අපි පුල පුලා බලා සිටිනවා. (නදී)
කපන්න බැරි අත සිඹීම. (නදී)
දවස ගානේ ගුවන් තොටුපොලෙන් අල්ල ගත්තු රාජ සන්තක කළා කියපු රත්තරන් ටොන් ගැන මහා භාන්ඩගාරයේ තියෙනවද කියල බලන්න? (නදී)
ආපසු ජනාධිපති තුමාට මිනිස්සු ගොනාට අන්දන්න බැරි වෙයි. රනිල් මහත්තය දිනලා ඉවරයි, ජනාධිපති බලතල කිව්ව විදිහට අඩු කරන්න. එහෙම කියලනේ යූඇන්පී ඡන්ද ගත්තේ. යූඇන්පී හොල්ලනවා ආයේ බොරු. අපි රැවටෙයි ඕවට...(බ)
මෛත්‍රී දිනපු දවසේ මම පවුලේ අයට සහ අනිකුත් මගේ මිත්‍රයන්ට කිව්වේ දැන් ඉතින් ඉදිරි මහා මැතිවරණයේදී ඡන්දය ජෙනරල් ෆොන්සේකාගේ පක්ෂෙට හෝ ජවිපෙට දෙන්න කියලයි (බ)
ඔය ලේකම් සභාපතිකම් වලින් අපිට වැඩක් නැහැ. රාජපක්ෂ විසින් කරනු ලැබූ "මෙගා දුෂණ" වංචා හොයන්නම වෙනවා. එ්කේ දෙකක් නැහැ. (බ)
අර ලිබියාව විනාශ කළ ගඩාෆිට ඒ රටේ මිනිසුන් පැය 24 න් දුන්න උත්තරය හරි කියල දැන්නම් හිතෙනවා. (බ)
අපි වෙනසක් බලා ගෙන හිටිය එහෙත් අපිතාම එතනම (බ)
ෆයිල් ඇති උදවිය ප්‍රීතියෙන් පිනා ගොස් ඇතිබව දැනගන්නට තිබේ. (බ)
එතකොට අර එංගලන්තේ මහ රැජිණිගේ අස්සයයි, කුමාරවරුන්ට ගෙනල්ලා දුන්න කියපු හෙලිකොප්ටර් ටිකයි ජනසතු කරනවද (නදී)
ජනාධිපති තුමයි චන්ද්‍රිකයි හිට් විකට් වෙන්න යන්නේ. (බ)
මහජන මුදල් ඩොලර් කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කරලා ගහපු මත්තල ගුවන් තොටුපොල ගැන,වරාය ගැන ,නොරොච්චෝලේ විදුලි බල ගාරය ගැන,රත්තරන් වලින් හදපු අධිවේගී මාර්ග ගැන,අල්ල ගත්තු රත්තරන් ටොන් ගාන ගැන,දැනට ඉදි වෙමින් පවතින හෝටල් ගැන,අල්ල ගත්තු ඉඩම් ගැන .............හොයන්නේ නැහැ කියන එකග තාවය මතද?අපිට දැන ගන්න ඕනේ. (බ)
හැමෝම බලාගෙන ඉන්නේ මිනිහෙක් වැටුණහම ගහන්න. මේකේ ලියන හැමෝටම අමතකයි වගේ අපි නිදහසේ හුස්මක් ගන්නේ අද ඒ උත්තමයට පින්සිද්ධ වෙන්න කියලා. ප්‍රභාකරන් කිව්වේ ඕක තමයි සිංහලයාට හැමදේම මතක සති දෙකයි කියලා. කොයි දේශපාලකයාගේත් වැරදි තිබෙනවා. ඒවාට නීතිය අනුව දඬුවම් දෙනතුරු හැමෝම නිදහස් පුද්ගලයෝ. කොන්ද කෙළින් ලෝකයට මුහුණදුන් එකම නායකයා අද තමන්ගේම ජාතියෙන් බැණුම් අහනවා (නි)
මහජන මුදලින් ලැම්බෝගිනි 5-8 ක් ගත්තේ කොහොමද කියලා බොරු ඉතින් (නදී)
අර ලිබියාවේ වගේ පැය 24 න් ප්‍රශ්නෙට උත්තරේ නුදුන්නු අපි ගොන්නු. (බ)
එදා ජෙනරල් සරත් ෆොන්සේකාව ජනාධිපති කරවන්න බැරි වුන එක ගැන අපි හදවතින්ම කනගාටු වෙනවා. ඒ කියන දේ කරන, කරන දේ කියන අවංක නායකයෙක් නිසයි. (ර)
"ජම්බුගස් මුල්ල නිවසේ සල්ලි කෝටි 700 ක් පිරවූ ලොරි රථයක් සඟවා ඇති බවට පොලිසියට ලැබුණ ඔත්තුවක් අනුව එම නිවස වැටලූ නමුත් පොලිසිය එහි යන විට කිසිවක් තිබුනේ නැත" කියන ප්‍රවෘත්තිය හරිද ? (බ)
යූ එන් පී ඡන්ද වලට මොකද වෙන්නේ? නිදහස් පක්ෂයේ කෙනෙක් සභාපති වෙලා. (බ)
මහින්දගේ තීරණය 100% නිවැරදියි .අපි බලමු ඊළඟ ඡන්දයේදී මොකද වෙන්නේ කියල. (බ)
මගේ අදහස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසි කෙනෙක් ගන්න එපා පොරොන්දුදේ කරගෙන යන්න දින100 ජනාධිපති නොවෙයි අවුරුදු 5 නායකයෙක් වෙන්න් දුප්පතාට තැන දෙන්න හොර පොලිසිය ඉවත් කරන්න දුප්පතාගේ මෝටර් සයිකලයයි ත්‍රීවිල් එක තමයි අල්ලන්නේ (බ)
මේකේ ඉන්නේ සිරිසේනගේ මිනිස්සු විතරමද අනේ ...ලක්ෂ 57 බොරුවක්ද (බ)
මොකා මොකට එනවද කියලා කියන්න අමාරුයි... මොනවා වුනත් හොරු බේරන්න විතරක් ලෑස්ති වෙන්න එපා (බ)
වෙන මොනවා කරන්නද (බ)
මේ තීරණයට ගරු කළ යුතුයි.(හේ)
මහින්ද ලඟට ගන්න එක නම් භයානකයි. (නදී)
මෙන්න නියම නායකයෝ (නදී)
ජනාදිපති කමත් කැමැත්තෙන් ප්‍රශ්න නැතුව බාර දුන්නා වාගේ , ඕකත් බාර දුන්නම වැදගත් විදියට ඉන්න පුළුවන් , මහින්ද මහත්මයාට දැන් ටිකක් විවේක සුවය අවශ්‍යයි ,(හේ)
නම්බු පිටින් සභාපති ධුරයෙන් අයින් වෙන එක තමයි හොද?එතකොට කාටත් ප්‍රශ්නයක් නෑ.(හේ)
ලොකුම පැනිල්ල පැන්නේ දේශපාලකයන් නෙවෙයි. අපේ සභාවේ ඉන්න ශ්‍යාමා කුමාරි රත්න මලල. එයා මායිම් ගම්මානයේ ඉඳන් පවුල පිටින් මෛත්‍රී මැති තුමාට සේවය කරලා අන්තිමේ එපාම වෙලා කලකිරුණා කියලා ආඩපාලි කිව්වා. මෙන්න දැන් අනෙක් පැත්තට කතා කරනවා. (බ)
මේ එකඟතාවයන් මොනවද කියල අපි දැන ගන්න කැමතියි. වැරදි කාරයන් නීතිය ඉදිරියට පමුණුවනවාද නැති නම් නිකම් අත අරිනවාද ? දුෂණය නාස්තිය ගැන තිබෙන මහජන පැමිණිලි වලට මොකද වෙන්නේ ? (බ)
රනා, සිල් රෙදි ලක්ෂ 8 ක් ම සිල් ගන්න වයසක අම්මලට දීල ඡන්ද ටික ගත්තට ඒ අම්මලට අකුරු කොටන්න දන්නේ නැහැ කියල දන්නේ නැද්ද? (නදී)
මම නම් පසුගිය කාලේ ගිය විදිහට රටේ මහජන මුදල් දනස් කන්දය ගසාකෑ විදිහට රට ගැන තිබුන විශ්වාසයත් අත හැරලයි තිබුනේ. දෙවියන්ට පින්සිද්ධ වෙන්න "මානුෂිය මෙහෙයුම" ජයග්‍රහණය නොකරන්න අපිට රටක් නම් ඉතුරු වෙන්නේ නැහැ. ඒ "මානුෂිය මෙහෙයුම" පාවලනම් දෙන්න එපා. (නදී)
දෙපාරක් ඉඳලා තුන් වෙනි පාරත් ඉන්න හදපු කෙනෙක් නිකම්ම සභාපතිකම දීල ගියා කියල හිතන්න තරම් අපි මෝඩයෝ නෙමෙයි. (නදී)
ඉස්සර පවුලේ අය කොළඹ ඇවිත් අස්පයෝ පදින්න පුරුදු වෙනකොට කොලඹ පාරවල් පය 2-3 නක වහලා. අපි පැය ගානක් රස්තියාදු වෙනවා. ඒවා ගැනත් හොයන්න. (නදී)
කව්ද කියන්නේ පසු ගිය රජයෙන් දුෂණය නාස්තිය සිද්ද වුනා කියල. එහෙම කිසිම දෙයක් වෙලා නැහැ. (නදී)
දුෂණය භිෂණය සමාජයෙන් නැති වේවි කියලා අපි ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ. අපේ විශ්වාසය නැති වෙන්න නම් ඉඩ තියන්න එපා. (නදී)
යහපත් සිතින් ඔය තනතුර ලබා දුන්නා නම් හොදයි.(හේ)
මහින්ද සභාපති ධුරයේ අනිවාර්යෙන්ම සිටිය යුතුයි. ශක්තිමත් විපක්ෂයකට මහින්දගේ නායකත්වය අවශ්‍යමයි. (ර)
යසිරු.බයට රටින් පැනපු උදවිය නැවත ලංකාවට එනවා කියන්නේ එකගතාවයන් මොනවද කියලා අපිට හිත ගන්න පුළුවනි.(හේ)
ඇත්තටම හොද වැඩක්.මෙය තමයි නායකත්වයේ ලක්ෂණ.(හේ)
හොරා කාපු මුදල් ඩොලර් ට්‍රිලියන ගණන මහජන සතු කරන්න.විදෙස් රටවල තැන්පත් කරලා තිබෙන ඩොලර් ට්‍රිලියන ගණන නැවත මහජන සතු කරන්න පුළුවන් උපරිමයක් කරන්න.රටේ බදු මිල අඩු කරන්න.බදු ගැහිල්ල අඩු කරන්න.(හේ)