(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෙට (2) පැවැත්වෙන සමස්ත ලංකා කාරක සභාවට සහ විධායක සභාවට සහභාගීවීමට හිටපු ජනාධිපතිතුමාට මෙන්ම ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ටත් ගෞරවනීය ලෙස ආරාධනා කර ඇති බැවින් ඒවාට සහභාගී වී තිඛෙන ගැටළු සාකච්ඡා කර විසඳාගන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටින බව ›ලනිප තරුණ පෙරමුණේ සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
ඒ සඳහා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට ආරාධනා කර නැත්තේ මේ වන විට පළාත් පාලන ආයතන ක්‍රියාත්මක නොවන නිසා බව කී ශාන්ත බණ්ඩාර මහතා මේ සම්බන්ධයෙන් වැරදි මත සමාජගත කර පක්ෂයේ ඉදිරිගමන කඩාකප්පල් නොකරන ලෙස ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලා සිටින බවත්, සඳහන් කළේය.
එමෙන්ම පළාත් පාලන ආයතන නව පනතේ පවතින අඩුපාඩු නිවැරදි කරන විට සමානුපාතික ක්‍රමයෙන් නියෝජිතයින් සියයට 40ක් තෝරාගන්නා ලෙස සුළු පක්ෂ විසින් කරන ඉල්ලීම ඉටුකිරීමට මෙන්ම පළාත් පාලන ආයතනවල තරුණ නියෝජනය සියයට 50ක් කිරීමට ද පියවර ගන්නා ලෙස තමන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද ශාන්ත බණ්ඩාර මහතා කීවේය.
ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ›.ල.නි.ප මූලස්ථානයේදී අද (1) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දන්නවා මෙයාලට මහින්ද නැතුව මොනවත් කරගන්න බැහැ කියල
ෂුවර් මහින්ද එන්නේ නැහැ. කොහෙහරි පන්සලක උත්සවයකට යයි