(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැමැති රූක්ෂ ගස කඳින් කපා වෙන් කළ ද නැවත ශක්තිමත්ව ලියලනු ඇතැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70වන සංවත්සරය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරන්නීය.
රූක්ෂ ගස බිහි වන දා තමා ජීවතුන් අතර සිටී දැයි නොදන්නා නමුත් ලියලා ගෙන එන රූක්ෂ ගසට ශක්තියක් දෙන්න අවශ්‍ය තරුණ පරපුරක් හදන්නට තමා උර දෙන බවද චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය සඳහන් කරන්නීය.
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දැක් වූ චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය
පක්ෂය සම්පූර්ණයෙන් විනාශ කරන්නට බැරි බවත් ශක්තිමත් පදනමක් නිර්මල දර්ශනයක් තිබෙන ශ්‍රේෂ්ඨ මිනිසුන් කීප දෙනෙක්ගේ ලෙයින් සනිටුහන් කළ ඉතිහාසයක් තිබෙන පක්ෂය විනාශ කරන්න බැරි බවත් කියන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපන්න ඕනෑ නැහැ. ගහ වටේට හානියට පට්ටයක් ගැලෙව්වත් ඕනම ලොකු ගහක් මැරෙනවා.
එහෙම එකක් ඉතිරි වෙලා තියෙනවාද?
පට්ට හොරු ටිකක් පක්ෂේ අල්ලා ගත්තා.. දැන් ඒ රැල කරන්නේ පක්ෂය මගින් ඔවුන්ගේ ආරක්ෂාව සලසා ගන්න එකයි...
එය ඔබ විනාශ කළ එජාපයට සහ රාජපක්ෂවරුන්ට පාවාදුන්නා. නැවත විමුක්තියන් යොදා ගොඩගන්න පුළුවන් ඔබ නැතිව...
තුත්තිරිවලට මහා රූස්ස ගස් කියන්නේ මව් බසේ ඥාණය පිළිබඳව ගැටලුවක්ද මන්දා?
මට පිටකොටුවේ බෝ ගහ මතක් වුණා.
මේ ගස විනාශ කරපු කුරුමිණියා තමයි ග්‍රාමසේවක..!
ගස නම් රූස්සයි.... ඒ වුණාට ඵල නෑ. ඔය ගස් කපලා දරට ගන්න කාලය ඇවිල්ලා..
මහජන පක්ෂය අටවාගෙන පක්ෂයට ඉස්සෙල්ලම වළ කැපුවේ මේ අපිද?
ගස කඩා වැටෙන්න හොඳටම ළඟයි...
ඔයාට ඉතිහාසය අමතක වුණාට අපිට හොඳට මතකයි. 1984 ශ්‍රීලනිප කඩාගෙන "මහජන පක්ෂයට" සම්බන්ධ වෙලා මෑත ඉතිහාසයේ ලොකුම කඩා වැටීම ඇති කළේ කවුද? ඒ වගේම තමාගේ මල්ලි අනුර පක්ෂය කඩාගෙන එජාපයට ගියා මතකද? 2015 ශ්‍රීලනිප නැවතත් කඩලා වෙනත් පක්ෂයකට මුක්කු ගැහුවා මතකයිද? එහි ප්‍රතිඵලයක් වශයෙන් 2020 මහ මැතිවරණයේදී ශ්‍රීලනිපයට අත්වූ ඉරණමට සම්පූර්ණයෙන් වගකියන්න ඕනේ... ඔබතුමිය කිව්වොත් නිවැරදියි. ඒ නිසා දැන්වත් එංගලන්තයට වෙලා සැඳෑ කාලය ගතකරන්න. මොකද ලංකාවේ ජීවත්වීම ලැජ්ජයි කිව්වනේ....
මැඩම් ගහමුලට වෙලා බලද්දී එක රූස්ස ගහක් වගේ පේන්නේ වටේ තියෙන ගස් වැහිලා නිසා... ඕනම නම් ඔය කියන රූස්ස ගහට නැගලා වටපිට බලන්නකෝ... තව ඔයිට වඩා මහා රූස්ස ගස් මොනතරම් තියෙනවද කියලා... ?