(සුජිත් හේවාජුලිගේ )
මඩකලපුවේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළියට සහභාගී වන්නේ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් පමණක් බව වාර්තා වෙයි.
මේ පිළිබඳව කළ විමසුමකදී හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසුවේ තම පුතාගේ මංගල උත්සවය එදිනට යෙදී ඇති නිසා සහභාගී නොවන බවයි.
පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා සිටින වේදිකාවට ගොඩ නොවීමට තමා ප්‍රතිප්තිමය තීරණයක් ගෙන තිබෙන බව හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.
හිටපු ඇමැති එස් බී දිසානායක මහතා පැවසුයේ පක්ෂ මැයි දිනයේදී තමා වේදිකාවට ගොඩවන බවයි.
තමා ප්‍රදේශයේ ජනතාව සමඟ රැළියට සහභාගි වන බව පැවසූ හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ලක්ෂ්මන් යාපා මහතාගේ පුතාගේ මංගල උත්සවයට යාමට ඇති හෙයින් වේදිකාවට ගොඩ නොවන බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ද පණ ඇති අය නැහැ මේ දහසය දෙනාගේ කල්ළියේ. එලියට යනවද ඇතුලට එනවද පක්ෂ වෙනවද විරුද්ධ වෙනවද කිසිම දෙයක් හිතා ගන්න බැහැ මේ අයට.
මොවුන් හරියට මැයි දිනයේ අයිතිකාරයෝ වගෙයි...
රට්ටු හිනස්සන වැඩ මේවා...
යන්නේ නැති අයට සරු වෙයි මන් හිතන්නේ. හරි ෂෝක්.