ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමස් අද පස්වරු හතට ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වීමට නියමිතය.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප මධ්‍යම කාරක සභිකයන්ටද ඒ සඳහා ආරාධනා කර තිබේ.
ඒකාබද්ධ විපක්ෂයේ පෙළපාළියට ගිය පිරිස සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග අද සාකච්ඡා වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.
එම පෙළපාළිය ශ්‍රීලනිප මූලස්ථානය ඉදිරිපිටින් යද්දි එහි සිටි පිරිස් හූ තෑබුහ. පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනපතිට අපහාස වන අයුරින් විවිධ සටහන් පාඨ කීහ. මේ සියල්ල අද සාකච්ඡා වනු ඇතැයි එම ආරංචි මාර්ග සදහන් කරයි.
එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හවුල් ආණ්ඩුවේ කාලය දිගු කිරීම සම්බන්ධයෙන් ද අද මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කරනු ඇතැයි දැනගන්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනහිත, අතරමං කරන්න දැන් පක්ෂයක් සහ පාක්ෂිකයෝ ඉතුරුවෙලා ඉන්නවද? බාගයක් පොදු විපක්ෂයේ. බාගයක් සිරිකොතේ. (නි)
තාම කවුරුත් දන්නෙ නැද්ද ගත්ත තීරණ ගැන එහෙම. (නි)
වඳින්න වඳින්න ගහන එකත් වගේම ගහන්න ගහන්න වඳින එකත් මොඩයා කියල කියනවනේ , ඒ මෙච්චරකල් බැලුව ඇති දැන්වත් තීන්දුවක් ගනිමු ඇඟට , අපට ,රටට දැනෙන (රේ)
මෙහෙම නිදහස් පක්ෂයක් මගේ ජීවිත කාලෙටම දැක්කමයි. නිදහස් පක්ෂයේ කට්ටියක් යූඑන්පී එකේ කට්ටියක් එක්ක එකතුවෙලා නිදහස් පක්ෂයේ තවත් කට්ටියකට බනිනවා (නි)
රැස් වෙලා සාකච්චා කරලා, කලබල නොවී හදිසි තීරණවලට නොඑලබුනොත් පාක්ෂිකයෝ කැමති වේවි. පක්ෂය හා පාක්ෂිකයෝ අතරමන් කරන්න නම් එපා.(රේ)
ඇත්තටම පක්ෂයක් රකින්නද අපි ඡන්දෙ දුන්නේ? මම හිතුවේ රට රකින්න දුන්නා කියලා. අපි අායෙත් රැවටිලානේ.... (නි)
මධ්‍යම කාරක සභාවේ තීරණය මම කල් තියලම කියන්නම්. මේ ගොල්ල පෙළපාලි ගියේ පක්ෂයට විරුද්ධව නොවේ ආණ්ඩුවට විරුද්ධව කියා කියාවි. එමනිසා විනය පරීක්ෂණ කරන්නේ නැහැ කියලා කියාවි. තව හොඳ හොඳ නැටුම් ඉදිරියට බලාගන්න පුළුවන් (නි)
අපි බලමුකෝ ඉදිරියට මොකද වෙන්නේ කියලා (නි)