ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් ඔහුට පැවරී ඇති බලතල අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් 13 දෙනකු නෙරපා හැර අලුතෙන් 13 දෙනකු පත් කළ බව ජනපති කාර්යාලය ආරංචි මාර්ග කියයි.
නෙරපා හැරුණු අය අතර හිටපු අගමැති දිමු ජයරත්න ද, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජනක බණ්ඩාර තෙන්නකෝන් ද සිටින බව දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි ! (නදී)
මධ්‍යම කාරක සභාව රැස්වීම උසාවි නියෝග අරන් කල් දාල දැන් මධ්‍යම කාරක සභාව විසුරුවා හැරලා තමන්ට ඕන අය පත් කරගෙන මේ යන ගමනේ අරමුණ මොකක්ද. (නදී)
අන්න හරි ඉදල හිටලා හරි සර්පයෙක් බවත් දන්වන එක තමයි කරන්න ඕනා. නැත්නම් හොඳ පක්ෂයක් අපේ රටට නැති වෙනවා (නදී)
පශ්චාත් මැතිවරණ අවදිය (නදී)
නියමයි ! (නදී)
නියමයි ඔහොම තමයි වැඩ කරන්න ඕනේ (නදී)
යහපාලනයට හොඳ ආදර්ශයක් නෙමේ මේක. (නදී)
දේශපාලනය කිරීමේදී රට ගැන සිතා කට පාවිච්චි කරන්න (නදී)
හොඳ වැඩක්. පක්ෂයෙන් කුඩුකාරයෝ ඉවත් කළ යුතුයි (නදී)
අතිගරු ජනාධිපති තුමාගෙන් හොඳ තීරණයක්. නිදහස් පක්ෂේ කුනු සුද්ද කරන්න කාලේ හරි (නදී)
යහපාලනයට හොඳ ආදර්ශයක්. ජනාධිපතිතුමාගේ සුපිරි තීරණයක්. මේවා කලින් සිදුවිය යුතු දේවල්. (නදී)
මේ සර්පයෙක් නෙවෙයි (බ)
මරු වැඩක් පක්ෂ සුද්ධ කරන්න ඕන (බ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද කෑවා. දැන් ඉන්නේ පිටින් අාපු හෙන්චියෝ ටිකක් ඔබට තියෙන්නේ හාල් පාරුවෝ ටික එලෝලා පක්ෂය සුද්ද කරන්න නමුත් එ්ක කරන්න ගිහින් රට අනාත කරන්න එපා. ඔබ රටේ ජනාධිපති මිසක් පක්ෂයේ ජනාධිපති නොවේ එ්ක සිහියේ තබාගෙන කටයුතු කරන්න (බ)
රටේ අනාගතය වෙනුවෙන් ගත්ත හොඳ තීරණයක් (නදී)
ඔහොම යමු, ඔහොම යමු..... හොඳ සහ නරක දෙකම පසක් වේවි. (නි)
දැන් ඉතින් යන්න සූදානම් වෙන්න. (නි)
තව ඉන්නවා ටිකක් අයින් කරන්න. (නි)
දැන්වත් අරයට කඩේ යන එක නවත්වන්න හොඳ රතු එළියක්. ඉතුරු අයටත් ඕක තමා වෙන්නේ. (නි)
අපි ආදරය කළ ශ්‍රීලනිප ය පහුගිය කාලේ මිනිසුන්ට තිත්ත වෙන තැනට ගෙනාවෙ ඔය හොරු රැළ තමා. ජය වේවා ජනපතිතුමනි! පක්ෂය පිරිසිදු කරලා සාමාන්‍ය ජනතාව අතරට ආයෙත් ගෙන එන්න. (නි)
නිමල්ගේ කතාව හරි. දැන්වත් පක්ෂය ශුද්ධ පවිත්‍ර කළයුතුයි (නි)
නියමයි. ඔහොම තමයි වැඩ කරන්න ඕනෑ (නි)
මේ මොනවද වෙන්නේ? (නි)