ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික තනතුර සඳහා හිටපු ඇමැති එස්.බී. දිසානායක මහතා පත්කර ඇතැයි පක්ෂ ආරංචි කියයි.
එස්.බී.දිසානායක මහතා මහනුවර දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරග කළද පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් සඳහා සුදුසුකම් ලබාගැනීමට ඔහු නොහැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා හරි දීලා තියා ගන්න, නැත්නම් අනිත් පැත්තට පනියි.(ම)
ඔබට සුබ පැතුම් ..වැඩක් කරන්න පුළුවන් නායකයෙක්...(ම)
නරියට කුකුල්ලු බාරදිමක්ද? (බ)
මහබැංකුවට වෙච්චදේ පක්ෂ භාණ්ඩාගාරයටත් වෙයි වගේ .......!!!! (ම)
භාණ්ඩාගාරයට අබ සරණයි !!!!!! (ම)
සමෘධියත් බොහොම ආදරෙන් බලා ගත්තනේ. අනේ මෙයාට මහ බැංකුවයි අනිත් බැංකු සහ මූල්‍ය ආයතන ටික බාර දෙන්න. බිරිඳට වඩා ආදරෙන් බලාගනීවි. (බ)
ඇත්තටම මේ පක්ෂයට වෙනත් දක්ෂ මිනිසුන් නැත්ද? මහ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද මිනිසුන් පසුපසම යන්නේ. (බ)
අහෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (නදී)
නරියට කුකුල්ලු භාර දුන්න වගේ තියේවි . ඩාර්ලි පාරේ ගොඩනැගිල්ලත් අතුරුදහන් වේවි . (අ)
කිරි කලයකට ගොම ටිකක් දිය කළා වගේ. (ම)
ලැජ්ජා නැහැ. බලයට තියන කෑදර කම,(අ)
නුවන් භාණ්ඩාගාරික තනතුර කියන්නේ ශ්‍රීලනිප මිසක් භාණ්ඩාගාරයේ නෙවෙයි (අ)
අනේ අපේ කතිරය (ම)
90 දශකයේ විතර බිහිවුණු හඟුරන්කෙත මාලිගාව සිහියට ආවා.(ම)
ජනතා කැමැත්තට 'ජයවේවා'! (නි)
මෙය එම පක්ෂයේ තනතුරක් මිස මහා භාණ්ඩාගාරයේ තනතුරක් නෙමෙයි. නිදසුනක් ගත්තොත් අපේ ගම්වල සමිති සමාගම්වල ලේකම් භාණ්ඩාගාරික තනතුරු අන්න ඒ වගේ. (නදී)