කාංචන කුමාර ආරියදාස
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දඹුල්ල ආසන සංවිධායක යු .ආර් . දයා නන්දසිරි මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කර තිබේ.
නන්දසිරි මහතා අද මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ බව ප්‍රකාශයට පත් කළේය.
වසරකට වැඩි කාලයක් තමන් ආසන සංවිධායක ධුරය දැරූ බවත් තමන්ගේ පෞද්ගලික මුදල් වියදම් කරමින් ජනතාවට විශාල සේවාවක් ඉටු කළ ද සංවිධායක ධූරය හරහා තමන්ට කිසිදු සේවයක් ජනතාවට ඉටුකර දීමට අවස්ථාව ලබා නොදුන් බවත් ඔහු කීවේය.
මෙවර වර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහා ලැබුණු මන්ත්‍රී ධුරවලට තමන් නම් කර යැවූ අය ඉවත් කොට වෙනත් කණ්ඩායම් පත් කිරීම ආදි කරුණු දමෙම ඉල්ලා අස් වීමට බලපා ඇතැයි හෙතෙම සඳහන් කළේය.
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ දඹුල්ල ආසන සංවිධායක ලෙස කටයුතු කල ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉවත් කොට නව සංවිධායක ලෙස දයා නන්දසිරි මහතා පත්කළේය. ඔහු වියාපාරිකයෙකි .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යවන ලද ඉල්ලා අස්වීමේ ලිපියේ ඔහු වැඩි දුරටත් සඳහන් කොට ඇත්තේ කෘෂිකාර්මික ප්‍රදේශයක් වන තම ආසනයේ පුරන් වී ඇති වැව් ප්‍රතිසංස්කරණයට මුදල් ඉල්ලා සිටි නමුත් ඒවාද මෙතෙක් නොලැබුණු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම් මොලේ පෑදුණා..
මොහු හිතාගෙන ඇති මම විතරමයි ඉන්නේ... මම අයින් වුණාම ඔක්කොම කොටඋඩ. එතැනට එන්න වෙන කවුරුවත් නැහැ කියලා.. සිය දහස් ගණනක් ඉන්නවා එන්න....