
(නිමල කොඩිතුවක්කු)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිනී තිලකසිරි සහ කැස්බෑව නගර සභාවේ හිටපු සභාපති ගාමිනී සිල්වා යන මහත්වරුන් කොළඹදී අද (16) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක්විය.
පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 100 වැනි අදියර යටතේ බොරලැස්ගමුව මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ උත්සව අවස්ථාවටද ඔවුන් දෙදෙනා එක්ව සිටියහ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී තිලකසිරි මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම සංවිධායකවරයා මෙන්ම බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකුද වූ අතර ගාමිණී සිල්වා මහතා කැස්බෑව නගර සභාවේ හිටපු සභාපති මෙන්ම හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කළේය.
2025 දෙසැම්බර් මස 18
233
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රීලනිප දෙදෙනෙක් සජබට කරනමක්
Aravinda Monarawila Friday, 16 February 2024 05:31 PM
සජබය දැන් කොළඹ මහ නගර සභාවේ කුණු ලොරිය වගේ... සජිත් ඒකෙ ඩ්‍රයිවර් වෙලා...
මැක්ස් Friday, 16 February 2024 05:50 PM
සජබය යනු දිනෙන් දින දේශපාලන අනාථයින්ගේ මඩමක් බවට පත්වන අයුරු අපි බලාසිටිමු...!
Bishan Friday, 16 February 2024 06:59 PM
සජබය දැනගන්න ඕනේ රාජපක්ෂ බත්හලයන්ට කව්රුත් චන්දෙ දෙන්නේ නෑ. අපේ චන්දය රාජපක්ෂ විරෝදීන්ට පමණයි. සජබය අපිව මාලිමාවට තවත් ලංකරනවා
de silva Friday, 16 February 2024 08:00 PM
නාකි හොරු පක්ෂෙට ගත්තාම පක්ෂෙට ඡන්දෙ දෙන මිනිස්සුත් ඡන්දෙ නොදෙන බව සහ එම ප්‍රදේශ වල මුල ඉඳලාම සමගි බලවේගෙට වැඩකරපු ප්‍රාදේශීය දේශපාලකයින් අධෛර්යයට පත්වන බවත් ඔහු නොදනී. අද අම්බලන්ගොඩ ප්‍රදේශයේ ශාන් නමැති හොර දෙටුවා පක්ෂෙට ගැනීම නිසා පක්ෂය තුල විශාල දෙදරීමක් තිබෙන බවවත් ඔහු නොදනී.. සමහරවිට විපක්ෂ නායකකමේ සිට රනිල් තැබූ වාර්තාව කඩන්න ඔහු උත්සාහ කරනවාද කියලා මම දන්නේ නැහැ. අන්තිමට අර 2015 වුණා වගේ මේ හොරුසෙට් එක සමගි බලවේගෙන් ඡන්දෙ අරන් ගිහින් පොහොට්ටුව පැත්තේ අනිවාර්යයෙන්ම වාඩි වෙනවා.