
(නිමල කොඩිතුවක්කු)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිනී තිලකසිරි සහ කැස්බෑව නගර සභාවේ හිටපු සභාපති ගාමිනී සිල්වා යන මහත්වරුන් කොළඹදී අද (16) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක්විය.
පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 100 වැනි අදියර යටතේ බොරලැස්ගමුව මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ උත්සව අවස්ථාවටද ඔවුන් දෙදෙනා එක්ව සිටියහ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී තිලකසිරි මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම සංවිධායකවරයා මෙන්ම බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකුද වූ අතර ගාමිණී සිල්වා මහතා කැස්බෑව නගර සභාවේ හිටපු සභාපති මෙන්ම හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජබය දැන් කොළඹ මහ නගර සභාවේ කුණු ලොරිය වගේ... සජිත් ඒකෙ ඩ්‍රයිවර් වෙලා...
සජබය යනු දිනෙන් දින දේශපාලන අනාථයින්ගේ මඩමක් බවට පත්වන අයුරු අපි බලාසිටිමු...!
සජබය දැනගන්න ඕනේ රාජපක්ෂ බත්හලයන්ට කව්රුත් චන්දෙ දෙන්නේ නෑ. අපේ චන්දය රාජපක්ෂ විරෝදීන්ට පමණයි. සජබය අපිව මාලිමාවට තවත් ලංකරනවා
නාකි හොරු පක්ෂෙට ගත්තාම පක්ෂෙට ඡන්දෙ දෙන මිනිස්සුත් ඡන්දෙ නොදෙන බව සහ එම ප්‍රදේශ වල මුල ඉඳලාම සමගි බලවේගෙට වැඩකරපු ප්‍රාදේශීය දේශපාලකයින් අධෛර්යයට පත්වන බවත් ඔහු නොදනී. අද අම්බලන්ගොඩ ප්‍රදේශයේ ශාන් නමැති හොර දෙටුවා පක්ෂෙට ගැනීම නිසා පක්ෂය තුල විශාල දෙදරීමක් තිබෙන බවවත් ඔහු නොදනී.. සමහරවිට විපක්ෂ නායකකමේ සිට රනිල් තැබූ වාර්තාව කඩන්න ඔහු උත්සාහ කරනවාද කියලා මම දන්නේ නැහැ. අන්තිමට අර 2015 වුණා වගේ මේ හොරුසෙට් එක සමගි බලවේගෙන් ඡන්දෙ අරන් ගිහින් පොහොට්ටුව පැත්තේ අනිවාර්යයෙන්ම වාඩි වෙනවා.