‘1980 අංක 44 දරණ මැතිවරණ පනතට සංශෝධනයක් ගෙනල්ලා මැතිවරණය පවත්නා අවස්ථාවේ වයස 18 ට සම්පුර්ණ වන සෑම තරුණයකුටම තමන්ගේ ඡන්දය පාවිචි කරන්න අයිතිය දෙන්න කියලා අපි අද (8) මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හමුවී යෝජනාවක් ඉදිරිපත් කළා‘ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා රාජගිරිය මැතිවරණ කාර්යාලයේ දී පැවසීය.
‘ මේ වන කොට තරුණ ඡන්ද ලක්ෂ 3ක් පාවිචි වෙන්නේ නැහැ. සෑම වසරකම ඡන්ද හිමි නාම ලේඛනය සකස් කරන්නේ ජුනි 1 වැනිදා. 18 සම්පුර්ණ වූණ කෙනාගේ නම ලේඛනයට යනවා. හැබැයි ඡන්දේ පවත්වන්නේ මාස 8 ට පස්සේ. එවිට ලක්ෂ 4 ක් තරුණ අයට ඡන්දේ නැති වෙනවා.‘ යැයි ද ඔහු කීය.


COMMENTS
මෙයාලගේ න්‍යායට අනුව මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හට සෑම දිනකම ඡන්ද හිමි නාමලේඛන සංශෝධනය කරමින් ඉන්නට සිදුවන බවත්, අතිවිශාල සංඛ්‍යාවක් සේවයේ යෙදවිය යුතු බවත් වටහාගෙන නැති සේ පෙනේ. එසේ නොව, මෙවැන්නක් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකි ක්‍රමවේදයක්, සැළසුමක් ඉදිරිපත් කළොත් අපටත් ඒ ගැන ඒ ඔස්සේ සිතාබැලීමට හැකිය. (නි)
නියම තරුණයෝ දෙන්නෙක්! (නි)
18 අපි නම් තොපිට ඡන්දෙ දෙන්නේ නෑ (බ)