නිවිතිගල කිරිබත්ගල කන්ද කැලෑවේ සහ කුරුවිට, එරත්න, වර්ණගල ප‍්‍රදේශයේ ශ‍්‍රීපාද රක්‍ෂිතයේ 8 වැනි දා ඇතිවු ගින්නකින් අක්කර විස්සකට වැඩි ප‍්‍රදේශයක් විනාශ වී ඇති අතර සැකපිට පුද්ගලයන් පස් දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
තොරතුර ලද වහාම පොලිස් කණ්ඩායම් දෙකක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් ගම්මුන් සමඟ කිරිබත්ගල කන්ද මුදුනට ගොස් එය නිවීමට ක‍්‍රියා කළ ද නොහැකි වූ බව නිවිතිගල පොලිස් ථානාධිපති පොලිස් පරීක්‍ෂක චම්ලි පලිහේන මහතා පවසයි.
අඩවිකන්ද පොලිස් මුරපොලේ නිලධාරීන් සහ ගම්වාසීන් එක්ව ගින්න නිවා දැමු නමුත් ශ‍්‍රීපාද රක්‍ෂිතයේ අක්කර හතරක් පහක් දැවී ගොස් ඇති බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිපාදේට නම් නීතිය හරි ඉක්මන්. හැබැයි විල්පත්තුවට නම් අක්කර 10000ක් කපලත් තාම නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් නැත්තේ. මොකක්ද මේ රටට වෙලා තියන්නේ? (නි)
මේ අයට දැඩි දඬුවම් ලබාදෙන්න (නි)