IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ශ්‍රීපාද භාරකාර හිමි රිමාන්ඩ්

ශ්‍රීපාද පද්මය ආවරණය කිරීමට රුපියල් විසිතුන් ලක්ෂයක වියදමින් වීදුරු දාගැබක් ඉදිකිරීමට එකතු කළැයි කියන මුදල් වංචාවක් සම්බන්ධයන් සැකපිට ශ්‍රීපාදස්ථානයේ භාරකාර දම්පහල ශීලානන්ද නාහිමි, මහනුවර අතිරේක මහේස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මිය විසින් අඟහරුවාදා (7) දක්වා රිමාන්ඩ් කරනු ලැබීය. පසුගිය 25 වැනි දා ශ්‍රීපාදස්ථානාධිපති ඡන්දයට ශීලානන්ද හිමියන් ඉදිරිපත් වූ නමුත් බෙන්ගමුවේ ධම්මදින්න හිමියනට පරාජය විය.



අදහස් (0)

ශ්‍රීපාද භාරකාර හිමි රිමාන්ඩ්

වන්නි - Tazania Monday, 05 December 2011 06:13 PM

බුදු හාමුදුරුවනේ නැවත වඩිනු මැන

:       0       0

කුසල් Monday, 05 December 2011 08:04 PM

ඒ හාමුදුරුවෝ එහෙම කෙනෙක් නෙමෙයි???

:       0       0

තරිදු Monday, 05 December 2011 08:44 PM

සමන් දෙවියන්ටත් කළ නිග්‍රහයක් මේක. වරදක් නැතිව රිමාන්ඩ් කිරීම දැන් ලංකාවේ ප්‍රතිපත්තියද?

:       0       0

නිශාන්ත Monday, 05 December 2011 08:16 PM

බුදු දහමත් විකුණගෙන කන තරමට අපේ ජාතිය පහතට වැටුණේ ඇයි? ශ්‍රී පාදස්ථානය ආරක්ෂා කරන සුමන සමන් දෙවියනි මේ ගැන බලන්න. නැත්නම් බුදු දහමේ තියෙන ගෞරවයත් නැතිවේවි.

:       0       0

චමින්ද Monday, 05 December 2011 08:59 PM

සමන් දෙවියන්ටවත් මේවා පේන්නේ නැද්ද?

:       0       0

ඉන්දු Monday, 05 December 2011 09:14 PM

අනේ අපොයි බුද්ධ ශාසනේ..........

:       0       0

බන්ඩා Monday, 05 December 2011 10:12 PM

දායක සභාවක් නැතිද ඔය වැඩකරන්න

:       0       0

සන්තුසි Monday, 05 December 2011 11:10 PM

ඡන්දෙට මැර බලයත් ආවනේ.

:       0       0

විමලසිරි Tuesday, 06 December 2011 12:24 AM

පරාද වෙන අයට හිර ගෙදරට යන්නට සිදුවිම ලංකාවෙ සාමාන්‍ය දෙයක්

:       0       0

අජිත් පෙරේරා Tuesday, 06 December 2011 01:33 AM

වරදක් නැතිවද රිමාන් කරන්නේ?

:       0       0

ජී එච් ශ්‍රීමාල් Tuesday, 06 December 2011 02:38 AM

මේවගෙ දේවල් කරල සන්සාරෙ කෙටි කරගන්නෙ කොහොමද?

:       0       0

අශාන් හේවා පන්න Tuesday, 06 December 2011 05:52 AM

දැන් වෙන ඒවයෙ හැටියට ඕව මොනවද?

:       0       0

invisible user Tuesday, 06 December 2011 06:43 AM

සමන් දෙයියෝත් මේවා බලන් ඉන්න එක නේ පුදුම.

:       0       0

සංඛ Tuesday, 06 December 2011 08:12 AM

අසාධාරණයට හැමෝම විරුද්ධ වෙන්න ඕන

:       0       0

සුරංජිත් Tuesday, 06 December 2011 07:40 AM

සරත් මහත්තයගෙ සගයෙක්ද දන්නෙ නෑ.

:       0       0

රන්දික Tuesday, 06 December 2011 08:34 AM

හාමුදුරුවො ඡන්දෙන් දිණුවනම් කරන්න හිටපු දෙයක්ද දන්නෙ නෑ.

:       0       0

නුවන් (මෙහෙවර පදනම) Tuesday, 06 December 2011 09:01 AM

කිරි ඇල්ලෙ අපේ හාමුදුරුවෝ එහෙම කෙනෙක් නෙවෙයි මෙවැනි සසුනට ලැදි හිමිවරු සිරගත කිරීම වැනි මිලේජ ක්‍රියා සිදු කොට බුදු සසුන රැකිය හැකිද ?

:       0       0

රත්නායක Tuesday, 06 December 2011 09:24 AM

සමන් දෙවියන්ටත් කළ නිග්‍රහයක් මේක. වරදක් නැතිව රිමාන්ඩ් කිරීම.

:       0       0

මධුරංග Tuesday, 06 December 2011 08:57 AM

නියරත් කුඹුරත් ගොයම් කයි නම්,පැල ඉනිවැට කුමක් කරන්නද!!!!!!!!!!

:       0       0

ප්‍රභාත් Tuesday, 06 December 2011 09:06 AM

වහාම නිසි පිළියම් යෙදිය යුතුයි. සමන් දෙවියනේ බුදු සසුන රැකදෙන්න....

:       0       0

සුසන්ත Tuesday, 06 December 2011 09:20 AM

බුදු පියාණෙනි යලිත් වඩිනු මැනවි....

:       0       0

අභේසිංහ Tuesday, 06 December 2011 09:35 AM

එස් එෆ් ට වුණු දේ අපේ හාමුදුරුවන්ටත් වෙලා.

:       0       0

පන්ඩු Tuesday, 06 December 2011 10:49 AM

වැටත් නියරත් ගොයම් කයි නම් කාට මේ ගැන කියම්දෝ

:       0       0

වසන්ත කුමාර Tuesday, 06 December 2011 12:08 PM

හැම නීතියකටම වඩා දේව නීතිය වැදගත්

:       0       0

ධම්ම Tuesday, 06 December 2011 01:03 PM

මේවට තවත් අය මුල් වුණාද කියල හොයන්න අපක්ෂපාතී පරීක්ෂනයක් ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 614 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site