සිංහල රජ සමයෙන් පසු ශ්‍රීපාදස්ථානයේ බාරකාරත්වය සඳහා විසිවැනි ශ්‍රී පාදස්ථානාධිපති පත්කැර ගැනීමේ ඡන්ද විමැසීම රත්නපුරයේ දී සිකුරාදා (25) පැවැත්වීමට නියමිතය. ඡන්දයට පස් නමක් ඉදිරිපත් වී සිටිති. ශ්‍රීපාදස්ථාන බාරකාර දම්පහල සීලානන්ද, පැල්මඩුල්ල රජමහා විහාරාධිපති බෙංගමුවේ ධම්මදින්න, ගොඩකවෙල මහා පිරුවන්පති කෝම්පිටියේ සුසීල, මාඋදැල්ලේ විජයනන්දනාරාමයේ මොරාවත්තේ සිරිසුමන හා කොලොන්නේ ශාන්ත හිමිවරු නාම යෝජනා බාරදී සිටිති. මල්වතු පාර්ශවයේ සබරගමු ප්‍රධාන සංඝනායක වේහැල්ලේ අත්ථදස්සි ධම්මපාල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ඡන්දයේදී හිමිවරු 307 නමක් ඡන්දය දීමට සුදුසු කම් ලබා සිටිති. වෙනත් බොහෝ වරප්‍රසාදවලට අමතරව ශ්‍රීපාදස්ථානයට අයත් කුට්ටපිටිය හා (රාජකාරි පංගු 84) ගිලිමලේ නින්දගම් ද, නිලනිවාස හතරක් පාලනය හිමි වන මේ පදවිය හිස්වුයේ විසිපස් වසරක් එම පදවිය හෙබැවූ හඳපාන්ගොඩ විමල හිමියන්ගේ අභාවයෙනි. ඡන්ද හිමි භික්ෂූන් වහන්සේලා කිහිප නමක් අතුරුදන්ව ඇතැයි කතා පැතිර යතත් එවැනි පැමිණිල්ලක් නැතැයි පොලිසිය කියයි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
‘තන්හාය ජායතී සෝකෝ‘ බුදු වදන මතකද?
චන්ද තිබුනත් උපාසකලට චන්ද කුමටද බුද්ද පුතුනට හතර රියනක තනිව සැතපෙන දා... .... කරපු පව් පින් පිහිට වේ ..............
කැත නැතිව වදින්න පුළුවන් දම්පහල හාමුදුරුවන්ට සුමන සමන් දෙවි පිහිටෙන් ජයම වේවා.
මොකක්ද හාමුදුරුවනේ මේ ඡන්ද පොරෝ?
හාමුදුරුවරුත් පාර්ලිමේන්තුවේ වගේ ගහගනියිද දන්නෙ නෑ....?