ආචාර්ය ශිරානි බණ්ඩාරනායක හිටපු අග විනිසුරුවරිය යළි සේවයේ පිහිටුවන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටි බවට දිනපතා පත්‍රයක වාර්තාවක් පළවූ නමුත් නීතිඥ සංගමයේ ලේකම් අජිත් පතිරණ මහතා මාධ්‍යයට එවැනි ප්‍රකාශයක් නොකළ බව නීතිඥ සංගමයේ සහකාර ලේකම් රජින් පෙරේරා මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය අග විනිසුරු පදවියෙන් ඉවත් කිරීම ව්‍යවස්ථා විරෝධී, බල රහිත, ශූන්‍ය හා නීති විරෝධී ක්‍රියාවක් බවත් එමඟින් ඇයට යුක්තියේ හා නීතියේ බලවත් අයුක්තියක් වූ බවත් එය සුදුසු ක්‍රියාමාර්ගයක් මඟින් නිවැරදි කළ යුතු බවත් තම ස්ථාවරය බව නීතිඥ සංගමය කියයි.
ශ්‍රේෂ්ඨාධිකරණයට, අභියාචනාධිකරණයට හා වෙනත් අධිකරණ පත්වීම් සියල්ල ජ්‍යෙෂ්ඨත්වය කුසලතාවය ප්‍රශ්න කළ නොහැකි අවංක භාවය හා ස්වාධීනත්වය පදනම් කරගෙන සිදුවිය යුතු බවත් නීතිඥ සංගමය අවධාරණය කරයි.
නීතිඥ සංගමය කිසිම විරෝධයක් සංවිධානය නොකළ බවද ඔවුන්ගේ නිවේදනයේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මං අහල නෑනෙ සත්‍යපාල ඇත්ත කියනවා. (නදී)
එක රැයෙන් සුදු කළු වෙනවා - කළු සුදු වෙනවා.රනිල්ට චෝදනා තිබුන,රවී කරුනානායකටත් එහෙමයි.ශිරානිටත් එහෙමයි.ඒවා දැන් බොරුනම් මහින්දට,බැසිල්ට,ගෝඨාභයට තියන චෝදනාත් එසේ විය නොහැකිද ? (බ)
ප්‍රශ්න කළ නොහැකි අවංක භාවය හා ස්වාධීනත්වය? අපිටත් ටැපලෙනව වගේ. (ස)
ශ්‍රී ලංකාවේ දේශපාලනය වසුරු කරත්තයකි. මහ ජනතාව හමුදා පාලනයකට අත වනන දිනය ඉතාමත් ආසන්නය. (නදී)
ඇයට සාදාරනයක් විය යුතුයි.(හේ)
මොනවද ඔට්ටුව?ලලිත් කොතලාවල ලගදීම නිදහස් වෙනවා. සලින්කෝ තැන්පත් කරුවන් අන්ත අසරණ තත්වයට පත් වෙනවා. ශිරාණිව ඔතනට ගෙනාවේ මහින්ද. රනිල්ලා එදා විරුද්ද උනා. ඔය කෑගහන අය එදා විරුද්ද උනා. පුහුණුවක් අත්දකිමක් නැති අය තනතුරුවලට හොද නැහැ. (නදී)
අපිත් ඉල්ලන්නේ සාධාරණය තමයි.(හේ)
මොකද වෙන්නේ සරත් ෆොන්සේකා මහත්තයට? අපි බලන් ඉන්නවා. (බ)
පිස්සු වගේ අප්පා (බ)