ආචාර්ය ශිරානි බණ්ඩාරනායක හිටපු අග විනිසුරුවරිය යළි සේවයේ පිහිටුවන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටි බවට දිනපතා පත්‍රයක වාර්තාවක් පළවූ නමුත් නීතිඥ සංගමයේ ලේකම් අජිත් පතිරණ මහතා මාධ්‍යයට එවැනි ප්‍රකාශයක් නොකළ බව නීතිඥ සංගමයේ සහකාර ලේකම් රජින් පෙරේරා මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය අග විනිසුරු පදවියෙන් ඉවත් කිරීම ව්‍යවස්ථා විරෝධී, බල රහිත, ශූන්‍ය හා නීති විරෝධී ක්‍රියාවක් බවත් එමඟින් ඇයට යුක්තියේ හා නීතියේ බලවත් අයුක්තියක් වූ බවත් එය සුදුසු ක්‍රියාමාර්ගයක් මඟින් නිවැරදි කළ යුතු බවත් තම ස්ථාවරය බව නීතිඥ සංගමය කියයි.
ශ්‍රේෂ්ඨාධිකරණයට, අභියාචනාධිකරණයට හා වෙනත් අධිකරණ පත්වීම් සියල්ල ජ්‍යෙෂ්ඨත්වය කුසලතාවය ප්‍රශ්න කළ නොහැකි අවංක භාවය හා ස්වාධීනත්වය පදනම් කරගෙන සිදුවිය යුතු බවත් නීතිඥ සංගමය අවධාරණය කරයි.
නීතිඥ සංගමය කිසිම විරෝධයක් සංවිධානය නොකළ බවද ඔවුන්ගේ නිවේදනයේ දැක්වේ.
2025 දෙසැම්බර් මස 18
146
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශිරානිට සාධාරණය ඉල්ලයි
අජිත් Tuesday, 13 January 2015 11:36 AM
මං අහල නෑනෙ සත්‍යපාල ඇත්ත කියනවා. (නදී)
සත්‍යපාල Tuesday, 13 January 2015 05:13 AM
එක රැයෙන් සුදු කළු වෙනවා - කළු සුදු වෙනවා.රනිල්ට චෝදනා තිබුන,රවී කරුනානායකටත් එහෙමයි.ශිරානිටත් එහෙමයි.ඒවා දැන් බොරුනම් මහින්දට,බැසිල්ට,ගෝඨාභයට තියන චෝදනාත් එසේ විය නොහැකිද ? (බ)
රං Tuesday, 13 January 2015 05:37 AM
ප්‍රශ්න කළ නොහැකි අවංක භාවය හා ස්වාධීනත්වය? අපිටත් ටැපලෙනව වගේ. (ස)
චන්ද්‍ර වීරසිංහ Wednesday, 14 January 2015 02:36 AM
ශ්‍රී ලංකාවේ දේශපාලනය වසුරු කරත්තයකි. මහ ජනතාව හමුදා පාලනයකට අත වනන දිනය ඉතාමත් ආසන්නය. (නදී)
අමිල Tuesday, 13 January 2015 03:15 AM
ඇයට සාදාරනයක් විය යුතුයි.(හේ)
කපිල Wednesday, 14 January 2015 05:13 AM
මොනවද ඔට්ටුව?ලලිත් කොතලාවල ලගදීම නිදහස් වෙනවා. සලින්කෝ තැන්පත් කරුවන් අන්ත අසරණ තත්වයට පත් වෙනවා. ශිරාණිව ඔතනට ගෙනාවේ මහින්ද. රනිල්ලා එදා විරුද්ද උනා. ඔය කෑගහන අය එදා විරුද්ද උනා. පුහුණුවක් අත්දකිමක් නැති අය තනතුරුවලට හොද නැහැ. (නදී)
නිරෝධා Tuesday, 13 January 2015 03:34 AM
අපිත් ඉල්ලන්නේ සාධාරණය තමයි.(හේ)
කලන Tuesday, 13 January 2015 04:01 AM
මොකද වෙන්නේ සරත් ෆොන්සේකා මහත්තයට? අපි බලන් ඉන්නවා. (බ)
සශී Tuesday, 13 January 2015 04:27 AM
පිස්සු වගේ අප්පා (බ)