ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේදියකු වූ ශ්‍රී ලාල් ගෝමස් මහතා අද (11) අභාවප්‍රාප්ත විය.
දිවයින ඇතුළු පුවත්පත් ගණනාවක සේවය කළ ඔහු පසුව වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් ධූරය ද දැරීය.
සිය 35 වසරක ඡායාරූප ජීවිතය සම්බන්ධයෙන් ඔහු ලියූ ‘තිත්ත රස‘ කෘතිය එළැඹෙන 25 වැනිදා එළිදැක්වීමට ද නියමිතව තිබිණි.
මිය යන විට 61 වැනි වියේ පසුවූ ගෝමස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සෙනසුරාදා (13) සපුගස්කන්ද රෝමානු කතෝලික සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රීලාල් හොද මනුස්සයෙක් ඔබට නිවන් සුව (බ)
ඔබතුමාට නිවන් සුව ලැබේවා. (ම)
මට මතකයි ඔහු හොටඳ මම සීඊසීබී කාර්යාලයේ දී ඔහු හොඳ මහත්මා ගති අයෙකි. (ම)
සමාදානයේ සැතපේවා! (නි)