ශ්රී ලන්කන් ගුවන් සමාගම හෝ ලොව වෙනත් කිසිදු ගුවන් සමාගමක් හෝ මිලදී ගැනීමට සැලැසුම් කර නැතැයි එමිරේට්ස් ගුවන් සමාගම පවසයි.
ශ්‍රී ලංකාවේ ගුවන් සමාගමක් හෝ ගුවන් තොටුපොළක ආයෝජන කිරීමට හෝ වෙනත් කිසිවක් සම්බන්ධයෙන් හෝ සැලැසුමක් නැතැයි එමිරේට්ස් සමාගමේ ප්‍රකාශකවරයා ඇරබියන් බිස්නස් පුවත් සේවයට පවසා තිබේ.
එමිරේට්ස් සමාගම 1998 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 70කට ‘ශ්‍රී ලන්කන් එයාර්වේස්’ සමාගම මිලදී ගත් අතර 2010 වසරේදී ඔවුන්ගේ කොටස් ඇමෙරිකානු ඩොලර් මිලියන 53කට විකුණා දමන ලදි.
ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගම පැවැරීම සම්බන්ධයෙන් ආණ්ඩුව එමිරේට්ස් සමාගම මෙන්ම අනෙකුත් ගුවන් සේවා සමාගම් සමඟ ද සාකච්ඡා පවත්වමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා මීට පෙර අවස්ථාවක පැවැසීය.
කිසිලෙසකින්වත් ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගම පෞද්ගලීකරණය නොකරන බවත් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් සම්බන්ධයෙන් ආණ්ඩුව අවධානය යොමු කර ඇති බවත් ඔහු එහිදී පවසා තිබිණි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාල දන්නවා සල්ලි දීල ගත්තත් පාලනේ කරන්නේ මෙහෙන් දල ඉන්න වන්දි බට්ටෝ කියල.
මට මතක් වෙනවා, කුරුණෑගල වොක්ස්වොගන් එකලස් කිරීමේ කොම්පැනිය, හොරණ ටයර් කම්හල ...!! මේවට මොනවද උනේ..රජය පත්කළේ අපි..මහජනතාව..!.. ඇයි.. අපට බොරුකරන්නේ...අපි මෝඩයෝ කියලද හිතාගෙන ඉන්නේ..ඔහොම බොරු කිව්වම ..මහජනතාව රජය විශ්වාශ කරනවද..?...මොනවා නැතත් ඉස්සල්ල අවංක වෙන්න පුරුදුවෙන්න..ඔහොම බොරු කලොත් නම් තව අවුරුදු දෙකක් ඇදගෙන යන්න හම්බ වෙන්නේ නැහැ...රොත්තම දාන්න ඉතින් වෙනම අපයකුත් හදන්න වෙයි...කරන දේවල් වලට..
කියන්න වදන් නෑ සහෝදරවරුනි,... අපිව කෑවා මේ ආණ්ඩුව....
අවුලක් නැහැ. ලක්ෂ 62ක් ඉන්නවනේ මේවා විශ්වාස කරන.. එමිරේට්ස් දන්නේ නැති වුනාට අපි තීරණය කරලා ඉවරයිනේ... ඒ ගොල්ලන්ට විකුණන්න ..දැන් ඉතින් ගන්නම වෙනවා. නැත්තම් මඩු වලිගෙ තමයි ගන්නේ...
පසුගිය රජයේ ඉහලම ලොක්කෙකුට පළමු පන්තියේ ආසන වලට හදිසි බුකින් එකක් නොදීම නිසා ශ්‍රී ලන්කන් එකේ සී ඊ ඕ ගේ ලංකා විසා අවලංගු කළා. ඉන්පසු ඔහු ඩුබායි සිට එම තනතුරේ සේවය කළා . ඒකට තවත් කේන්ති ගිය අපේ ලොක්කා ජාත්‍යාලය උක්ත කරලා ශ්‍රී ලන්කන් නැවත මිලදී ගෙන ඕ ලෙවල් යන්තම් සමත් මස්සිනාට බාර දුන්නා . ඒ වෙනකොට සෑම වසරකම ලංකා රජයට රුපියල් බිලියන ගණනක බදු ගෙවමින් හිටි අපේ ගුවන් සේවය දැන් ට්‍රිලියන ගානක ණයක් පමණක් ඉතුරු කරලා තියනවා . කොහොමද ""විදේශීය සමාගමකට විකුණා තිබු ජාතික දේපොළ නැවත රජයට පවරා ගැනීමේ "" ප්‍රතිඵල ???
ලංකාවේ මුස්ලිම් ජනතාවට හිරිහැර කරන බවට, පල්ලි වලට බෝම්බ හගන බවට බොදු බල සේනා සංවිධානය මගින් මෙය සිදුකරන බවට දැන් දැන් ජාත්‍යන්තරයේ මතයක් පැතිරෙනවා.... මමත් ඩුබායි වල වැඩකරන නිසා මෙරට වැසියන් කීපදෙනෙක් මේ ගැන ඇසුවා. මම ඔවුන්ගේ අදහස් නිවැරදි කළා. කරුණාකර මගේ අදහස් ජාතිවාදය සමග පටලවන්න එපා...
සාකච්ඡා පවත්වනවා කියන්නේ එකක්, තීරණය කරනවා කියන්නේ තව එකක්. කියන්නා කෙසේ කීවත් කියවන්නා සිහි බුද්ධියෙන් කියවිය යුතුයි.
ඔය අපේ ගුවන් සමාගම කොතරම් සල්ලියක් ගිල දාල ඇත්ද.ඔන්‍න ඕක වහලා දාලා ඒ මුදල් වලින් ගමනා ගමනා මණ්ඩලයට බස් ටිකක් ආනයන කරන්න.
මෙලෝ සිහියක් තියෙන කොම්පැනියක් ශ්‍රී ලන්කන් එක මිලදී ගන්නේ නෑ.
එමිරේට්ස් ශ්‍රී ලංකන් එක කළමනාකරණය කරන කාලේ නියමෙටම තිබුණා. දැන් ඒකත් නැහැ..
මම දන්නවා මගේ ප්‍රතිචාරය දැක්ක ගමන් හැමෝම මට බනින්න පටන් ගනීවි නමුත් මෙය තම තිත්ත ඇත්ත ,මම නිතර එමිරටෙස් , කටාර් , ඕමාන එයාර් ගුවන් යන වල ගමන් කරන නිසා වෙනස පෙනෙනවා මගේ අදහස ශ්‍රී ලන්කන් එක විකුණන්නන ඕනේ නැහැ කරන්න තිබෙන්නේ අරාබි රටවල ගුවන් සේවා කරලා තිබෙනවා වගේ විවිධ රටවලි ප්‍රධාන විධයක් නිලධාරියාගේ පටන් ගුවන් සේවිකාව දක්වා සුදුසුකම් ඇති විදේශිකයෝ සේවයට බඳවා ගන්න එක , එතකොට ඔවුන් විවිධ පක්ෂ වල දේශපාලකයන්ගේ පදයට නටන වුර්තිය සමිති හද ගන්නේ නැති අතර එහි ගමන් කරන මගීන්ට හොදින් සලකාවි , විවධ රටවලින් සේවකයෝ ගත්තම ගුවන් යනය තුල රටවල් කිහිපයක සේවකයෝ ඉන්න කොට භාෂා වැඩි ප්‍රමාණයක් කතා කරන නිසා මගීන්ට හොඳ සේවයක් ලබාදෙන්න පුළුවන් , සමදෙයක්ම ජාතික අලය ඉසරහට දමාගෙන කරන්න ගියොත් අපි අමාරුවේ වැටෙනවා , එමිරේට්ස් පාලනය කරපු කලේ ලාභ ලබන්නත් හිටපු දේශපාලකයාගේ මස්සින පාලනය කල් කලේ වසරකට රුපියල් කොටි 1000 කට අසන්න ප්‍රමාණයක් පාඩු ලබන්නත් හේතුව මොකද කියල අපේ දේශප්‍රේමියෝ කල්පනා නොකරන්නේ මොකද ?
මේ ආණ්ඩුව රට විනාස කළා නම් පහුගිය අාණ්ඩුව කලේ වෙන එකක්ද? ඒ කලෙත් මේ ආණ්ඩුවට වත් හොයාගන්න බැරි විදිහට විනාස කර තිබීමයි. දැන් ඊළඟට කාටද දෙන්නේ? දෙන්න කෙනෙක් නෑ... හොඳා චීනෙට හරි, ඇමෙරිකාවට හරි දුන්නොත් රට කරවන්න.
එමිරේට්ස් ශ්‍රී ලන්කන් එක ගන්නේ නැහැ කියන එක දැන් ගොඩක් කල් දැම්මා නේද?