(මනෝප්රිය ගුණසේකර)
මගීන් 280කට ගමන් කළ හැකි ශ්‍රී ලන්කන් ගුවන් යානයක් විශේෂිත පුද්ගලයන් (වී.වී.අයි.පී.) 32 ක් රැගෙන රුසියාවට සෘජු ගුවන් ගමනක් යෑම හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ලබාගත හැකිව තිබූ විශාල ලාභයක් අහිමිව ගිය බව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර අවන්ති අබේසිංහ මහත්මිය පැවසුවාය.
ඒ ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවූ බව කියන දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේදීය.
ලංකාවේ සිට රුසියාවට සෘජු ගුවන් ගමනක් යෑම හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට රුපියල් ලක්ෂ 172 ක වියදමක් දැරීමට සිදුවූ බවත් මේ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය රුපියල් ලක්ෂ 250 ක මුදලක් ගෙවූ බවත් අවන්ති අබේසිංහ මහත්මිය වැඩිදුරටත් හෙළි කළාය.
ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල දූෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්ෂි විභාගය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල දූෂණ සෙවීම සඳහා පත්කළ මෙම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපතිවරයා වශයෙන් විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා කටයුතු කරන අතර එහි සාමාජිකයින් වශයෙන් ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් ලසන්තා ගීගනගේ මෙනෙවිය සහ විශ්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති එච්.එල්.ඩී. හැරල්ඞ් මහතා කටයුතු කරති.
අතිරේක සොලිසිටර් ජනරාල් චතුර ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කිදුන් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර අවන්ති අබේසිංහ මෙනෙවිය කියාසිටියේ 2011 ජුනි මස 16 වැනිදා කටුනායක සිට රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් ගුවන් තොටුපළ දක්වා ශ්‍රී ලන්කන් ගුවන් යානයක් විශේෂිත පුද්ගලයන් (වී.වී.අයි.පී.) සඳහා බව කියමින් ඍජු ගුවන් ගමනක් ගිය බවත්, එම ගුවන් යානය 2011 ජුනි මස 18 වැනිදා යළි ලංකාවට පැමිණි බවත්ය.
ඒ-340 දරන ශ්‍රී ලන්කන් ගුවන් යානය විශේෂිත පුද්ගලයන් (වී.වී.අයි.පී.) 32ක් සඳහා රුසියාවට ගෙන ගිය හේතුව තමන් නොදන්නා බවත් ඇය කීවාය.
වැඩිදුර සාක්ෂි විභාගය පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපු දවසේ ඉදන්ම හොයන්නේ කැරකෙන පුටු, සීත කාමර, රට සවාරි සහ මුදල් ගසා කන ක්‍රම. මේ ක්‍රමේ වෙනස් කරන්න තියෙන්නේ පර්ලිමේන්තුවට තෙරුනොත් ලකෂ 1000ක තැන්පතුවක් තියන්න ඕන කියලා ක්‍රමයක් හදන්න ඔන ( මහන්සිවෙලා උපයපු මුදල් වලින්. ණයට අරන් බෑ). වසර පහ ඉවර වුන්හම පරීකෂනයක් කරලා බලලා තමයි මේ මුදල නැවත දෙන්න ඕන. සබාපතිලටත් එහෙම කරන්න ඔන.
ලක්ෂ 172 ක වියදමක් ජනාධිපති ලේකම් කාර්යාලය රුපියල් ලක්ෂ 250 ක් ගෙව්වනම් මොකක්ද පාඩුව? රටේ ජනාධිපතිට රාජ්‍ය තාන්ත්‍රික සංචාර යන්න කියන්නේ බෝට්ටුවෙන්ද ?
අරගොල්ලෝ අපේ ගුවන්යානා පාවිච්චි කලේ බයියෝ කරත්ත පදිනවා වගේ. මින්පසු වත් නාගානන්ද වැනි චරිතයක් රටේ නායකයා කලයුතුයි.
තිව් කියන කෙනා දන්නේ නැතුව ඇති, ගුවන් සේවයක් උපරිම ලාබ ගන්න ඕනෙනම්, එකම ගුවන් යානාව ගමන් වාර කිහිපයක් දිනපතා කරන්න ඕනේ කියලා. මේ ගුවන් යානය දින 2ක් එකම තැන නවතාගෙන.. 32 වෙන සේවයක ගියානම්, වියදම ඔය ගානෙන් 10%. මේ වගේ මී හරක් ඉන්නකන් මේ රටට අබ සරණයි
මෙහෙම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම මගින් මහජන මුදල් නාස්තිය සහ කල් මරන එක තමයි වෙන්නේ. මේ අපරාධයට වගකිව යුත්තන්ට එරෙහිව වහාම නඩු පවරලා දඬුවම් නොදී මේ මොනවද කරන්නේ? මහබැංකු වංචාව සම්බන්ධ පත්කළ ජනාධිපති කොමිසමේ වියදමත් අදාළ අයගෙන් අය කරගන්නයි කියමින් එම කොමිසමේ වාර්තාවේ කියවුණා. කෝ ඒ අය කළාද? අඩුම තරමින් අර්ජුන් මහේන්ද්‍රන්වත් තාම ගෙන්නගන්න බැරිවුණා..
රටේ සම්පත් කිසි වගක් නැතුව උලා කෑ මේවගේ ඒකාධිපති පාලනයක්ද ආයෙත් ගෙනෙන්න අවශ්‍ය?
කන එකනම් පැල් බන්දගෙනම කනවා ඔතනට එන හැම කෙනාම. ඒක ඉතින් හැමතැනම හැටියක්නේ.
වියදම ලක්ෂ 172යි, ආදායම ලක්ෂ 250 යි. මේ වැඩෙන් ලාභයක් වෙලානේ...