IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ශී‍්‍ර ලන්කන් ගොල්ෆ් තරගාවලිය වසර 4 කට පසුව අද ඇරඹෙයි

වසර හතරකට පසුව ශී‍්‍ර ලන්කන් ගුවන්සේවා ගොල්ෆ් තරගාවලිය අද නැවතත් ආරම්භ වේ. මෙම තරගාවලිය කොළඹ රාජකීය ගොල්ෆ් කී‍්‍රඩා සමාජ පිටියේදී අද සහ හෙට (18 සහ 19) පැවැත්වෙන අතර තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය හෙට සවස් වරුවේදී පැවැත්වෙයි. වසර ගණනාවක් පුරා ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධානතම ගොල්ෆ් තරගාවලියක් වූ මෙම තරගාවලිය වසර හතරක විරාමයකින් පසුව නැවතත් පැවැත්වීමට ශී‍්‍ර ලන්කන් ගුවන් සේවා සමාගම තීරණය කර ඇතැයි සමාගමේ සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ මහතා ඊයේ (17 වැනිදා) පැවසීය. මෙවර පැවැත්වෙන්නේ 13 වැනි ශී‍්‍ර ලන්කන් ගොල්ෆ් තරගාවලියයි. මෙවර තරගාවලිය සඳහා විදේශීය තරගකරුවන් 120 දෙනකු සහ ශී‍්‍ර ලාංකීය ආධුනික ගොල්ෆ් කී‍්‍රඩකයන් රැුසක් සහභාගි වන බවද සංවිධායකයෝ පවසති. වැඩි වශයෙන්ම විදේශීය තරගකරුවන් ඉලක්ක කරගනිමින් පැවැත්වෙන මෙම තරගාවලිය සංවිධානය කෙරෙන්නේ කී‍්‍රඩානුබද්ධ සංචාරක ව්‍යාපාරය හරහා ‘ශී‍්‍ර ලංකාව’ ලෝකය තුළ වඩාත් ප‍්‍රචලිත කිරීමේ අටියෙනි. තරගාවලිය පිරිමි සහ කාන්තා යන අංශ දෙකින්ම පැවැත්වෙන අතර ස්ටේබල්ෆඞ් ක‍්‍රමය අනුව තරග පැවැත්වේ. තරගාවලියේ ජයග‍්‍රාහකයන්ට ලෝකයේ  ඕනෑම ගමනාන්තයකට යාමේ ගුවන් ප‍්‍රවේශපත් ත්‍යාග වශයෙන් පිරිනැමෙන අතර තවත් ආකර්ශනීය ත්‍යාග රාශියක් දිනාගැනීමේ අවස්ථාව කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සතුය.



අදහස් (0)

ශී‍්‍ර ලන්කන් ගොල්ෆ් තරගාවලිය වසර 4 කට පසුව අද ඇරඹෙයි

වරුණ Thursday, 18 October 2012 10:18 AM

සුභපැතුම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site