IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලන්කන් කොමිසමේ සාක්කි සටහන් කරගැනීම ඉදිරි සති දෙකේදී

(සුජිත් හේවාජුලිගේ) 

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ  සිදු වී ඇතැයි පැවසෙන අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට පත් කළ  ජනාධිපති කොමිසම අදාළ  පුද්ගලයින්ගේ තොරතුරු හා සාක්කි සටහන් කර ගැනීම ඉදිරි සති දෙකේ දී අරඹන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 

ශ්‍රී ලංකා ගුවන් සමාගමට අනුබද්ධ වෘත්තිය සමිති  සන්ධානයේ  නියෝජිතයින් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද (25) පෙරවරුවේදී පැවැති සාකච්ඡාවේදී  ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවාව සම්බන්ධයෙන්  ජාත්‍යන්තරව පවතින පිළිගැනීම ආරක්ෂා කරමින් ගුණාත්මක ගුවන් සේවයක් ලෙස එහි කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මෙහිදී දැඩිව පෙන්වා දුන් අතර ජනාධිපතිවරයා ගුවන් සේවයේ ගුණාත්මකභාවය  වර්ධනය කිරීම සඳහා  එහි පහසුකම් වැඩි දියුණු කළ යුතු බවද අවධාරණය  කළේය.

ශ්‍රී ලංකා ගුවන් සේවයේ පසුගිය සමයේ සිදු වී ඇති අක්‍රමිකතා පිළිබඳව  සොයා බැලිමට ජනාධිපති කොමිසමක් පත්කර ඒ  කටයුතු ඉදිරියට ගෙන  යෑම පිළිබඳව වෘත්තිය සමිති නියෝජිතයින්  එම අවස්ථාවේදී ජනාධීපතිවරයාට ස්තූතිය පිරිනැමීය.



අදහස් (2)

ශ්‍රී ලන්කන් කොමිසමේ සාක්කි සටහන් කරගැනීම ඉදිරි සති දෙකේදී

සතයපාල Wednesday, 25 April 2018 12:23 PM

ඇයි මේ තැතින් තැනට කොමිසම් දාන්නේ ග්‍රීක බැඳුම්කරය හෙජින් ගණුදෙනුව බාල පැට්‍රල් ආනයනය අධිවේගි මාර්ග ටෙන්ඩරය වගේම මිග්යානා ගණුදෙනුව වැනි පසුගිය රජය කාලේ චෝදනාවන්ට ලක්වූ ආයතන හා ගණුදෙනු පිළිබඳව පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම් කර පසුගිය ජනාධිපතිවරණයේදි වූ පොරොන්දුව ඉෂ්ඨකල යුතුයි.

:       0       22

A. Samathasena. Wednesday, 25 April 2018 02:11 PM

සත්‍ය වශයෙන්ම මේ කොමිසම් දැමිල්ල රටේ මුදල් කාබාසිනියා කිරීමක්. අනික කොමිසම පත් කරන කෙනා පත්කරන සාමාජිකයින් තමන් පත් කල කෙනාගේ මතයට තැනක් දෙනවාමයි. ඒක එහෙම නොවෙයි කියලා කාටවත් කියන්නට බැහැ. ඒක නිසා මේ කොමිසම් කියන ඒවායින් නියමාකාරයෙන් යුක්තිය පසිඳලීමක් සිදුවන්නේ නැත. එක්කෝ පක්ෂයි. එහෙම නැතිනම්, විරුද්ධයි. කෙලින්ම අධිකරණ තීන්දුවක් එසේ නොවේ. විනිසුරුවරයා හෝ විනිසුරුවන් විත්තිකරු හෝ පැමිණිලිකරු හඳුනන්නේ නම් ඔහු හෝ ඔවුන් ඒ සම්බන්ධව විනිශ්චය දීම යුක්ති යුක්ත නොවන්නේය. එබැවින්, එවැනි අවස්ථාවලදී අදාළ විනිසුරුවරයා හෝ විනිසුරුවන් ස්වකීය කැමැත්තෙන්ම ඉවත් වන්නේය. තවද, අධිකරණ තීන්දුවක් සාධාරණ නොමැති යයි හැඟේ නම්, එය අභියෝගයට ලක්කළ හැකි වන්නේය. කොමිසම් ප්‍රෝඩාවට වඩා අධිකරණ තීන්දු අගනේය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 134 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2045 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1570 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site