IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාවට රිදී පදක්කම් 9 ක්

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති හත්වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියේ දී රිදී පදක්කම් 9 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 18 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පාසල් චෙස් කණ්ඩායමක් එයට සහභාගී විය. වයස 7න් පහළ 9න් පහළ 11න් පහළ, 13න් පහළ, බාලක හා බාලිකා සහ 15න් පහළ (බාලිකා) කණ්ඩායම් රිදී පදක්කම් ශ්‍රී ලංකාවට හිමිවිය. ගාල්ල සවුත්ලන්ඞ් බාලිකා විද්‍යාලයේ සිතුම් සමරසිංහ හා මීගමුව ශාන්ත ජෝශප් විද්‍යාලයේ එම්.එච්.ඒ. පෙරේරා වයස 7න් පහළ බාලිකා කණ්ඩායම් රිදී පදක්කමද, රත්නපුර සීවලී මහා විද්‍යාලයේ ඉරු කුමාරසිරි හා මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයේ කේ.සී හරික‍්‍රිෂාන් වයස 7න් පහළ බාලක කණ්ඩායම් රිදී පදක්කමද, මීගමුව ආවේමරියා කන්‍යාරාමයේ රොෂෙල් නටාෂා හා ගම්පහ ගෝතමී කනිටු විදුහලේ මිනායා සමරසිංහ වයස 9න් පහළ බාලිකා කණ්ඩායම රිදී පදක්කම ද, කුරුණෑගල මලියදේව විදුහලේ හර්ෂණ තිලකරත්න හා අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ සසිත් නිපුන් වයස 9න් පහළ බාලක කණ්ඩායම් රිදී පදක්කමද, කුරුණෑගල ජනාධිපති බාලිකා විද්‍යාලයේ තුලනි නවෝද්‍යා හා කොළඹ විශාඛා විද්‍යාලයේ දසුනි හංසිකා වයස 11න් පහළ බාලිකා කණ්ඩායම් රිදී පදක්කමද, කුරුණෑගල මලියදේව විද්‍යාලයේ කේ. හේරත් හා මාතර රාහුල විද්‍යාලයේ ඞී. ඕ. මිරිස්සගේ වයස 11න් පහළ බාලක කණ්ඩායම් රිදී පදක්කමද, මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ සහනිකා රණසිංහ හා නුගේගොඩ අනුලා බාලිකා විද්‍යාලයේ නෙලූනිකා මෙත්මනි වයස 13න් පහළ බාලිකා කණ්ඩායම් රිදි පදක්කමද, ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ චතූප කරුණාරත්න හා කොළඹ ආනන්ද විද්‍යාලයේ සුපුන් කුරුප්පු වයස 13න් පහළ බාලක කණ්ඩායම් රිදී පදක්කමද, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ එස්.පී.සත්‍යා හා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ මනිෂා සුමනී වයස 15න් පහළ බාලිකා කණ්ඩායම් රිදී පදක්කමද දිනා ගත්හ.



අදහස් (0)

ශ්‍රී ලංකාවට රිදී පදක්කම් 9 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 679 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2350 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1728 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site