ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති හත්වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියේ දී රිදී පදක්කම් 9 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 18 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පාසල් චෙස් කණ්ඩායමක් එයට සහභාගී විය. වයස 7න් පහළ 9න් පහළ 11න් පහළ, 13න් පහළ, බාලක හා බාලිකා සහ 15න් පහළ (බාලිකා) කණ්ඩායම් රිදී පදක්කම් ශ්‍රී ලංකාවට හිමිවිය. ගාල්ල සවුත්ලන්ඞ් බාලිකා විද්‍යාලයේ සිතුම් සමරසිංහ හා මීගමුව ශාන්ත ජෝශප් විද්‍යාලයේ එම්.එච්.ඒ. පෙරේරා වයස 7න් පහළ බාලිකා කණ්ඩායම් රිදී පදක්කමද, රත්නපුර සීවලී මහා විද්‍යාලයේ ඉරු කුමාරසිරි හා මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයේ කේ.සී හරික‍්‍රිෂාන් වයස 7න් පහළ බාලක කණ්ඩායම් රිදී පදක්කමද, මීගමුව ආවේමරියා කන්‍යාරාමයේ රොෂෙල් නටාෂා හා ගම්පහ ගෝතමී කනිටු විදුහලේ මිනායා සමරසිංහ වයස 9න් පහළ බාලිකා කණ්ඩායම රිදී පදක්කම ද, කුරුණෑගල මලියදේව විදුහලේ හර්ෂණ තිලකරත්න හා අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ සසිත් නිපුන් වයස 9න් පහළ බාලක කණ්ඩායම් රිදී පදක්කමද, කුරුණෑගල ජනාධිපති බාලිකා විද්‍යාලයේ තුලනි නවෝද්‍යා හා කොළඹ විශාඛා විද්‍යාලයේ දසුනි හංසිකා වයස 11න් පහළ බාලිකා කණ්ඩායම් රිදී පදක්කමද, කුරුණෑගල මලියදේව විද්‍යාලයේ කේ. හේරත් හා මාතර රාහුල විද්‍යාලයේ ඞී. ඕ. මිරිස්සගේ වයස 11න් පහළ බාලක කණ්ඩායම් රිදී පදක්කමද, මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ සහනිකා රණසිංහ හා නුගේගොඩ අනුලා බාලිකා විද්‍යාලයේ නෙලූනිකා මෙත්මනි වයස 13න් පහළ බාලිකා කණ්ඩායම් රිදි පදක්කමද, ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ චතූප කරුණාරත්න හා කොළඹ ආනන්ද විද්‍යාලයේ සුපුන් කුරුප්පු වයස 13න් පහළ බාලක කණ්ඩායම් රිදී පදක්කමද, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ එස්.පී.සත්‍යා හා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ මනිෂා සුමනී වයස 15න් පහළ බාලිකා කණ්ඩායම් රිදී පදක්කමද දිනා ගත්හ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd