(සිරාජ් හසීම්)
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සම්මත කරගත් යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කළයුතු බවටත් යුද අපරාධ යාන්ත්‍රණය සිදුකිරීමේදී විදේශීය විනිසුරුවරුන් සම්බන්ධ කරගත යුතු බවටත් රජයට බලකරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනා කිරීමට උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා විසින් ගෙන ආ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව අද (14) සම්මත විණි.
ඊට අමතරව උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර ස්වයං අයිතිය ලබා දී ෆෙඩරල් විසදුමක් ලබා දිය යුතු බවටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට බලපෑම් කළ යුතු බවටත් ඉන් ඉල්ලා තිබිණි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ජයතිලක සහ තිලකරත්න යන මන්ත්‍රීවරුන් සභා ගැබෙන් පිටව යාමත් පළාත් සභාවේ විපක්ෂනායක කේ.තවරාසා මහතා ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීන් මේ සම්බන්ධයෙන් මධ්‍යස්ථව කටයුතු කිරීමත් මත මෙම යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
මෙම යෝජනාව ලබන 16 වැනි දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු වෙත හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිඛිතව යොමුකිරීමට නියමිත බව සිවාජිලිංගම් මහතා ‘ලංකාදීපය‘ට පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් එහෙම කොටහක් රටෙන් කඩා ගත්තාම ලංකාවේ සෙසු පලාත්ත්වල ඉන්න දෙමල කතාකරන ඔක්කොටම එහාට යන්න පුළුවන්නේ, හනේ මේ වගේ රටය් ජාතීය් කාදමන අමන දේශපාලුවෝ. මෙයාලට ලංකාව හොඳ වැඩිය් යන්න කියන්න ජිනීවා වලටම පදිංචි වෙන්න.
අපේ රටේ නායකයෝ ෆෙඩරල් දෙන්නේ නෑ, සහජිවනේ සහජිවනේ කිය කියා සිංහලයෝ රැවට්ටුවට මේගොල්ලෝ වෙනම පාලනයකින් මෙහා නවතින්නේ නැති බවට හොඳම සාක්කි මෙන්න. මෙයාලට වෙනම ස්වයන් පාලනයක් ඕනලු, ඒවා දෙන බවටත් පොරොන්දු වෙලානේ දැන් ඉන්න උදවිය ගිවිසුම් ගහගෙන බලයට අවෙත් මේ කරන්න ලෑස්ති වෙන්නෙත්. හැබැයි එක්තරා මෝඩ ජාතියක් තාම මර නින්දේ!
කන බත්පතේ පහරනවා වගෙය් සිවාජිලිංගම් ...තමුන් අද ඔතන ඉන්නේ ශ්‍රී ලංකා හුමුදාවේ ජයග්‍රහණය නිසා බව තරයේ මතක තබා ගත යුතුය