IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ශී‍්‍ර ලංකාවට දැවැන්ත ජයග‍්‍රහණ දෙකක්

අට වැනි ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ සත්කාරක ශ‍්‍රී ලංකා පිල සහ ඉන්දිය පිල අතර ඊයේ (26) කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ලකුණු 85 - 29 ක දැවැන්ත ජයක් ලැබුහ. ආසන්නතම ආසියානු දැල්පන්දු ශූරියන් වන ශ‍්‍රී ලංකාව ඊයේ ලබා ගත්තේ පළමු වටයේ දෙවැනි විශාලතම ජයග‍්‍රහණයයි. තරගාවලිය ආරම්භ කරමින් පෙරේදා (25 හොංකොං පිල සමග පැවැති තරගයෙන් ද ලකුණු 81 - 38 ක විශිෂ්ට ජයක් ලැබීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය. ඉන්දියාව සමග පැවැති තරගයේදී කැපී පෙනෙනම ක‍්‍රීඩිකාව වන ශ‍්‍රී ලංකාවේ සම නායිකා තර්ජනි සිවලිංගම් උත්සාහයන් 55 කින් 53 ක්ම සාර්ථක කර ගැනීමට සමත්වුවාය. ඇයගේ සාර්ථකත්වය ප‍්‍රතිශතයක් ලෙස සියයට 96 කි. ශසිකා සමරසිංහ උත්සහයන් 11 කින් 9 ක් සාර්ථක කරගත් අතර පාසල් ක‍්‍රීඩිකාවක වන ටිෂාලා අල්ගම උත්සහයන් 24 කින් 20 ක් සාර්ථක කර ගත්තාය. සේමිණී අල්විස් උත්සහයන් හතකින් තුනක් සාර්ථක කර ගැනීමට සමත්වුවාය. අටවැනි ආසියානු දැල්පන්දු ශූරතාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගිවන මුලික වටයේ තෙවැනි තරගය අද පැවැත්වීමට නියමිතය. මේ දක්වා පැවැති ආසියානු දැල්පන්දු තරගාවලි හතෙන් හතරකම ශූරතාව දිනා සිටින ශ‍්‍රී ලංකාව අවසන්වරට 2009 වසරේදී මැලේසියාවේ පැවැති තරගාවලිය ජය ගත්තේ සිංගප්පුරුව පරාජය කරමිනි. මේ මස 31 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන මෙවර තරගාවලියට රටවල් 10 ක් සහභාගි වී සිටියි. සිංගප්පුරුව, මැලේසියාව, හොංකොං, ඉන්දියාව, මාලදිවයින, පාකිස්තානය, නේපාලය, ජපානය, බෘනායි සහ සත්කාරක ශ‍්‍රී ලංකාව එම රටවල් 10 වේ. ජපානය පළමුවරට ආසියානු දැල්පන්දු තරගාවලියට ඉදිරිපත්ව සිටියි. ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර තරගයේ අවස්ථාවක්



අදහස් (0)

ශී‍්‍ර ලංකාවට දැවැන්ත ජයග‍්‍රහණ දෙකක්

රසික Monday, 27 August 2012 11:23 AM

ක්‍රිකට් වලින් බැරි එකේ මෙහෙමහරි එයාලව පරද්දවපු එක ගැන ගොඩක් සතුටුයි..සුභ පැතුම් .ලංකාවට ජය වේවා !!(ස)

:       0       0

ස්ටීව් Monday, 27 August 2012 06:57 PM

මේ නෙට්බෝල් තරග රූපවාහිනියෙන් නරඹන්න පුලුවන්ද? (නි)

:       0       0

හිරූ Monday, 27 August 2012 08:02 PM

කිවිනි, ඔයා හරි ...(ස)

:       0       0

ෆර්සි Tuesday, 28 August 2012 04:42 PM

සුභ පැතුම්! ලංකාවට ජය වේවා! (නි)

:       0       0

සුභා Monday, 27 August 2012 01:28 PM

කාටද ආඩම්බර

:       0       0

අරුණ Monday, 27 August 2012 01:50 PM

අපේ සුභ පැතුම් ,, ඔබලා පසුගිය මාසයක කාලයක් තුල ලද පුහුණුව මේ සඳහා ඉවහල්වන්න ඇතැයි සිතමි...(ස)

:       0       0

විරාජ් Monday, 27 August 2012 02:39 PM

සුභ පැතුම් අපේ දැල් පන්දු කණ්ඩායමට ‍‍....ඔහොම යන් කප් එක ළඟටම....(ස)

:       0       0

යොහාන් Monday, 27 August 2012 03:29 PM

ක්‍රිකට් මල්ලිලා ටික ඉල්ලගෙන කනකොට අපේ නංගිලා ටික කට්ටියටම බෙදලදෙන්න‍‍‍....සුභ පැතුම්‍ (ස)

:       0       0

දමිත් Monday, 27 August 2012 03:39 PM

සුභ පැතුම් !!!!!!! (ස)

:       0       0

ඉනෝජ Tuesday, 28 August 2012 03:12 AM

සුභපැතුම් ශ්‍රී ලංකා

:       0       0

කිවිනි Monday, 27 August 2012 03:57 PM

අපේ කට්ටිය දැක්කම බය හිතෙනවා........(ස)

:       0       0

මහින්ද Tuesday, 28 August 2012 08:36 AM

මොකක්හරි හොරයක් කරන්න ඇති ෂුවර් එකටම...(ස)

:       0       0

සෞම්‍ය Tuesday, 28 August 2012 09:09 AM

සුභපතනවා මම

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site