අට වැනි ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ සත්කාරක ශ‍්‍රී ලංකා පිල සහ ඉන්දිය පිල අතර ඊයේ (26) කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ලකුණු 85 - 29 ක දැවැන්ත ජයක් ලැබුහ.
ආසන්නතම ආසියානු දැල්පන්දු ශූරියන් වන ශ‍්‍රී ලංකාව ඊයේ ලබා ගත්තේ පළමු වටයේ දෙවැනි විශාලතම ජයග‍්‍රහණයයි. තරගාවලිය ආරම්භ කරමින් පෙරේදා (25 හොංකොං පිල සමග පැවැති තරගයෙන් ද ලකුණු 81 - 38 ක විශිෂ්ට ජයක් ලැබීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය.
ඉන්දියාව සමග පැවැති තරගයේදී කැපී පෙනෙනම ක‍්‍රීඩිකාව වන ශ‍්‍රී ලංකාවේ සම නායිකා තර්ජනි සිවලිංගම් උත්සාහයන් 55 කින් 53 ක්ම සාර්ථක කර ගැනීමට සමත්වුවාය.
ඇයගේ සාර්ථකත්වය ප‍්‍රතිශතයක් ලෙස සියයට 96 කි. ශසිකා සමරසිංහ උත්සහයන් 11 කින් 9 ක් සාර්ථක කරගත් අතර පාසල් ක‍්‍රීඩිකාවක වන ටිෂාලා අල්ගම උත්සහයන් 24 කින් 20 ක් සාර්ථක කර ගත්තාය. සේමිණී අල්විස් උත්සහයන් හතකින් තුනක් සාර්ථක කර ගැනීමට සමත්වුවාය.
අටවැනි ආසියානු දැල්පන්දු ශූරතාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගිවන මුලික වටයේ තෙවැනි තරගය අද පැවැත්වීමට නියමිතය.
මේ දක්වා පැවැති ආසියානු දැල්පන්දු තරගාවලි හතෙන් හතරකම ශූරතාව දිනා සිටින ශ‍්‍රී ලංකාව අවසන්වරට 2009 වසරේදී මැලේසියාවේ පැවැති තරගාවලිය ජය ගත්තේ සිංගප්පුරුව පරාජය කරමිනි. මේ මස 31 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන මෙවර තරගාවලියට රටවල් 10 ක් සහභාගි වී සිටියි.
සිංගප්පුරුව, මැලේසියාව, හොංකොං, ඉන්දියාව, මාලදිවයින, පාකිස්තානය, නේපාලය, ජපානය, බෘනායි සහ සත්කාරක ශ‍්‍රී ලංකාව එම රටවල් 10 වේ. ජපානය පළමුවරට ආසියානු දැල්පන්දු තරගාවලියට ඉදිරිපත්ව සිටියි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් වලින් බැරි එකේ මෙහෙමහරි එයාලව පරද්දවපු එක ගැන ගොඩක් සතුටුයි..සුභ පැතුම් .ලංකාවට ජය වේවා !!(ස)
මේ නෙට්බෝල් තරග රූපවාහිනියෙන් නරඹන්න පුලුවන්ද? (නි)
කිවිනි, ඔයා හරි ...(ස)
සුභ පැතුම්! ලංකාවට ජය වේවා! (නි)
කාටද ආඩම්බර
අපේ සුභ පැතුම් ,, ඔබලා පසුගිය මාසයක කාලයක් තුල ලද පුහුණුව මේ සඳහා ඉවහල්වන්න ඇතැයි සිතමි...(ස)
සුභ පැතුම් අපේ දැල් පන්දු කණ්ඩායමට ....ඔහොම යන් කප් එක ළඟටම....(ස)
ක්‍රිකට් මල්ලිලා ටික ඉල්ලගෙන කනකොට අපේ නංගිලා ටික කට්ටියටම බෙදලදෙන්න....සුභ පැතුම් (ස)
සුභ පැතුම් !!!!!!! (ස)
සුභපැතුම් ශ්‍රී ලංකා
අපේ කට්ටිය දැක්කම බය හිතෙනවා........(ස)
මොකක්හරි හොරයක් කරන්න ඇති ෂුවර් එකටම...(ස)
සුභපතනවා මම