බංග්ලාදේශයේදී පැවැති සිවුවැනි මධ්‍යම දකුණු ආසියානු ජිම්නාස්ටික් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ජිම්නාස්ටික් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ පිරිමි සහ කාන්තා කණ්ඩායම් තරගාවලියේ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වූහ. මෙහිදී කාන්තා කේවල ඉසව්වලදී දස්කම් දැක්වූ රිද්මා සමනළි භූමි ව්‍යායාම සහ සමබර දණ්ඩ ඉසව්වල ද, තිලංකා විරාජිනි පිනුම් අශ්වයා ඉසව්වවේ ද, සිවුවැනි ස්ථානවලට පත් වූහ. මෙම තරගාවලියට රටවල් හතක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 70 ක් පමණ සහභාගි වූහ. ලෝකඩ පදක්කම් දිනූ ශ්‍රී ලංකා පිරිමි ජිම්නාස්ටික් පිලට තරිඳු පත්තප්පෙරුම (නායක), සඳුන් මධුරංග, නදික සුරංග, ගජිත පත්තප්පෙරුම සහ ප‍්‍රමෝද් ගුණසේකර ඇතුළත් වූහ. අමින්දා දිලිනි (නායිකා), රිද්මා සමනළි, සසිනි වාසනා, තිලංකා විරාජිනි සහ සුදන්තිකා තෝල්කගේ ලෝකඩ පදක්කම දිනූ කාන්තා පිල නියෝජනය කළහ. මෙම සංචාරයට නිලධාරීන් ලෙස උදාර එස්. ලියන්වල (කණ්ඩායම් ප‍්‍රධානී), ඇන්ටනි ඩයස් (කළමණාකරු), අරුණ ප‍්‍රසාද් (පුහුණුකරු-පිරිමි), රංජන තරංග (පුහුණුකරු - කාන්තා) සහ අයි. පී. පත්මලතා (කාන්තා බාර නිලධාරීනි) යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd