IMG-LOGO

ශ්‍රී ලංකාවට ජිම්නාස්ටික් ලෝකඩ පදක්කම් දෙකක්

බංග්ලාදේශයේදී පැවැති සිවුවැනි මධ්‍යම දකුණු ආසියානු ජිම්නාස්ටික් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ජිම්නාස්ටික් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ පිරිමි සහ කාන්තා කණ්ඩායම් තරගාවලියේ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වූහ. මෙහිදී කාන්තා කේවල ඉසව්වලදී දස්කම් දැක්වූ රිද්මා සමනළි භූමි ව්‍යායාම සහ සමබර දණ්ඩ ඉසව්වල ද, තිලංකා විරාජිනි පිනුම් අශ්වයා ඉසව්වවේ ද, සිවුවැනි ස්ථානවලට පත් වූහ. මෙම තරගාවලියට රටවල් හතක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 70 ක් පමණ සහභාගි වූහ. ලෝකඩ පදක්කම් දිනූ ශ්‍රී ලංකා පිරිමි ජිම්නාස්ටික් පිලට තරිඳු පත්තප්පෙරුම (නායක), සඳුන් මධුරංග, නදික සුරංග, ගජිත පත්තප්පෙරුම සහ ප‍්‍රමෝද් ගුණසේකර ඇතුළත් වූහ. අමින්දා දිලිනි (නායිකා), රිද්මා සමනළි, සසිනි වාසනා, තිලංකා විරාජිනි සහ සුදන්තිකා තෝල්කගේ ලෝකඩ පදක්කම දිනූ කාන්තා පිල නියෝජනය කළහ. මෙම සංචාරයට නිලධාරීන් ලෙස උදාර එස්. ලියන්වල (කණ්ඩායම් ප‍්‍රධානී), ඇන්ටනි ඩයස් (කළමණාකරු), අරුණ ප‍්‍රසාද් (පුහුණුකරු-පිරිමි), රංජන තරංග (පුහුණුකරු - කාන්තා) සහ අයි. පී. පත්මලතා (කාන්තා බාර නිලධාරීනි) යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.  



අදහස් (0)

ශ්‍රී ලංකාවට ජිම්නාස්ටික් ලෝකඩ පදක්කම් දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site