ශ්රී ලංකාව විස්සයි20 ක‍්‍රිකට් ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය තහවුරු කර ගැනීමට සමත්ව සිටියි. ශ්‍රී ලංකාවේදී දැන් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ තරග තුනම ජය ලබා ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 129 ක් සමගින් පෙරමුණට පැමිණීමට සමත්ව සිටියි. ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමේ සිවුවැනි ස්ථානයේ පසුවිය. ඉන්දියාව ප‍්‍රසාද ලකුණු 120 ක් ලබා දෙවැනි ස්ථානයේ ද, පාකිස්තානය ප‍්‍රසාද ලකුණු 118 ක් ලබා තෙවැනි ස්ථානයේ ද පසුවෙයි. විස්සය20 ශ්‍රේණිගත කිරීම රට ප‍්‍රසාද ලකුණු 1. ශ්‍රී ලංකාව 129 2. ඉන්දියාව 120 3. පාකිස්තානය 118 4. එංගලන්තය 118 5. දකුණු අප‍්‍රිකාව 117 6. ඕස්ටේ‍්‍රලියාව 111 7. බටහිර ඉන්දීය කොදෙව් 111 8. නවසීලන්තය 97 9. බංග්ලාදේශය 85 10. අයර්ලන්තය 82 11. සිම්බාබ්වේ 44
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ අපට ආඩම්බරයක් සිංහ පැටව්නේ (දී)
නියමයි. අපේ උණුසුම් සුභ පැතුම් (දී)
මේ පාර කුසලානය අපේ. (නි)
පට්ට පට පට (ස)
කොල්ලෝ පෙරට එන විට කෙල්ලෝ වලට යනවා (ස)
කුසලානය දිනාගන්න වාසනාව ලැබේවා!(ස)
මේක තමා ලංකාව ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමක පළමු ස්ථානයට ආපු මුල් වතාව (ස)
නියමයි නේ... (නි)
කොහොමත් ලංකාව 1ම තමයි (ස)
ජය වේවා ශ්‍රී ලංකා ,ලෝක කුසලානය දිනාගන්න ශක්තිය ලැබේවා (ස)
විෂිශ්ඨ තරගයක් ඇත්තේ විශිෂ්ඨයන්ගේන් මයි...!(නු)
නියමයි.. සුභ පැතුම්..!(නු)
ලංකාවට සුභ පැතුම්.. මේ සුභපැතීමට නටන කාත්නාවන් ඉවත් කරන්න බැරිද? ඒක ශීලාචාර නැහැ.. (නු)
දෙයියන්ගේ නාමෙට අර චියර් ලීඩර්ලාව අයින් කරනවද? (නි)
ඉන්දියාව ඔයිට වඩා පහළට දාන්න බැරි වෙයිද ? (ස)
ඉන්දියාව අවසන් තරඟෙට තේරුනානම් අපිට තරඟය විකුණන්න වෙනවා (ස)
ලාංකික අපි කොහේ ගියත් අංක 1 තමයි. (නි)
ලසාන් ඔයා ඉන්නෙ ලංකාවෙද ??? වෙන කොහෙ හරිද ? මොකද ලංකාව කී පාරක් එක්දින තරග ශ්‍රේණිගත කිරීමක පළමු ස්ථානයට ආවද ? (ස)
පෙරනිමිත්තක් (ස)
තමන්ගේ රට බාල්දු කර කථාකිරීම හරිම පහත් වැඩක් (ස)
නියමයි ශ්‍රී ලංකා (ස)
ලංකාවේ ජයග්‍රහණය අපට ඇති ලොකුම සතුටයි. කුසලානය දිනාගන්න වාසනාව ලැබේවා! (නි)
ලංකාවේ ජයග්‍රහණය අපට ඇති ලොකුම සතුටයි. කුසලානය දිනාගන්න වාසනාව ලැබේවා! (නි)