(යොහාන් භාසුර)
නවවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ සිවුවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර නිව්යෝක්හිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 19.1 කදී ලකුණු 77 කට සීමා විය.
දකුණු අප්‍රිකානු පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 3.9 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 78 ක් පමණක් රැස්කළ යුතුය.
කුසල් නේඩිස් පන්දු 30 කදී හතරේ පහරක් සමගින් රැස්කළ ලකුණු 19 ඉනිමේ පිතිකරුවකුගේ ඉහළතම ලකුණු සංඛ්‍යාව වේ.
මැද පෙළ පිතිකරුවන් වන නායක වනිඳු හසරංග (0), සදීර සමරවික්‍රම (0) සහ උප නායක චරිත් අසලංක (6) අසාර්ථක වීමෙන් ලකුණු 45 කට කඩුලු 6 ක් දැවී දෑමෙන් ශ්‍රී ලංකා පිල අමාරුවේ වැටුණි.
දකුණු අප්‍රිකානු දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ඇන්රිච් නෝර්ට්ජ් අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 7 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා පිල ඕවර 19.1 කදී සියලු දෙනා දැවී 77
(කුසල් මෙන්ඩිස් 19, කමිඳු මෙන්ඩිස් 11, ඇන්ජලෝ මැතිව්ස් 17, ඇන්රිච් නොර්ට්ජි 7/4, කාගිසෝ රබාඩා 21/2, කේෂව් මහරාජ් 22/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එලෙසම " තරඟාවලිය ජය ජයගැනීම පිලිබඳ බලාපොරොත්තුව සිහිනයකට පමණක් සීමාවෙයි"
කමක් නෑ ඊළඟ එක ගහමු .ජයවේවා
ගෙදර දැඟලුවාට ,පිට තැනකට ගියාම ලෙඩ්ඩු වගේ ඉන්නේ