IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාව ලකුණු 77 කට සීමාවෙයි

(යොහාන් භාසුර)

නවවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ සිවුවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර නිව්යෝක්හිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 19.1 කදී  ලකුණු 77 කට සීමා විය.

දකුණු අප්‍රිකානු පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 3.9 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 78 ක් පමණක් රැස්කළ යුතුය.

කුසල් නේඩිස් පන්දු 30 කදී හතරේ පහරක් සමගින් රැස්කළ ලකුණු 19 ඉනිමේ පිතිකරුවකුගේ ඉහළතම ලකුණු සංඛ්‍යාව වේ.  

මැද පෙළ පිතිකරුවන් වන නායක වනිඳු හසරංග (0), සදීර සමරවික්‍රම (0) සහ උප නායක චරිත් අසලංක (6) අසාර්ථක වීමෙන් ලකුණු 45 කට කඩුලු 6 ක් දැවී දෑමෙන් ශ්‍රී ලංකා පිල අමාරුවේ වැටුණි.

දකුණු අප්‍රිකානු දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ඇන්රිච් නෝර්ට්ජ් අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 7 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් විය.  

ශ්‍රී ලංකා පිල ඕවර 19.1 කදී සියලු දෙනා දැවී 77

(කුසල් මෙන්ඩිස් 19, කමිඳු මෙන්ඩිස් 11, ඇන්ජලෝ මැතිව්ස් 17, ඇන්රිච් නොර්ට්ජි 7/4, කාගිසෝ රබාඩා 21/2, කේෂව් මහරාජ් 22/2) 



අදහස් (4)

ශ්‍රී ලංකාව ලකුණු 77 කට සීමාවෙයි

Siri Monday, 03 June 2024 11:59 PM

එලෙසම " තරඟාවලිය ජය ජයගැනීම පිලිබඳ බලාපොරොත්තුව සිහිනයකට පමණක් සීමාවෙයි"

:       0       2

Nimal Tuesday, 04 June 2024 08:25 AM

කමක් නෑ ඊළඟ එක ගහමු .ජයවේවා

:       1       2

Prabha Tuesday, 04 June 2024 02:26 PM

ගහයිද?

:       0       1

Kazi Shajahan Tuesday, 04 June 2024 03:33 PM

ගෙදර දැඟලුවාට ,පිට තැනකට ගියාම ලෙඩ්ඩු වගේ ඉන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site