IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ශ්‍රී ලංකාව ලකුණු 17 කින් බංග්ලාදේශය පරදවයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී අද (31) රාත‍්‍රි පැවැති විස්සයි20 ක‍්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 17 කින් ජය ලැබීමට සමත් වූහ. මෙම තරගයත් සමග මාසයකට අධික බංග්ලාදේශ සංචාරය අවසන් විය. 

කුසල් පෙරේරා විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 44 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 64 ක් රැස්කරමින් තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේය.

ජීවන් මෙන්ඩිස් වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 17 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 37 ක් රැස් කළේය.

ශ්‍රී ලංකාව  ඕවර 20 කදී කඩුලූ 5 ට 198

(කුසල් පෙරේරා 64, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 30, ජීවන් මෙන්ඩිස් 37, තිසර පෙරේරා නොදැවී 22)

බංග්ලාදේශය  ඕවර 20 කදී කඩුලූ 7 ට 181

(මොහොමඞ් අෂ්රාෆුල් 43, මුෂ්ෆිකුර් රහීම් 39, මහුමුදුල්ලා 31, මොමිනුල් හක් නොදැවී 26, ඇන්ජලෝ මැතිව්ස් 37/2, තිසර පෙරේරා 25/2)

 



අදහස් (0)

ශ්‍රී ලංකාව ලකුණු 17 කින් බංග්ලාදේශය පරදවයි

කපිල වසන්ත කුමාර Sunday, 31 March 2013 10:51 PM

මහේල දිල්ෂාන් සංගා නැතුව චන්දිමාල්ගේ නායකත්වයෙන් තිබුණු පලවෙනි මැච් 1 දිනපු 1 සතුටුයි. ශුභ අනාගතයක් (ස)

:       0       0

සමන් Monday, 01 April 2013 09:55 AM

කුසල් මල්ලි ඔබට සුභපැතුම් (දී)

:       0       0

අසංක කුමාරසිංහ Sunday, 31 March 2013 10:59 PM

අළුත් කොල්ලන්ගේ වැඩ පෙන්නුවා. ලංකාවේ ක්‍රිකට් අනාගතේ තවත් ශක්තිමත් කියලා ආනන්දෙන් තවත් දක්ෂ නායකයෙක් බිහිවුන අර්ජුන ගැන පස්සේ දිනේෂ් ඇතුළු කණ්ඩායම එකට දිගු ගමණකට සුබ පතනවා. ශ්‍රී ලකාවේ විදියට (ස)

:       0       0

ශාන්ත ලාල් Monday, 01 April 2013 09:56 AM

බංග්ලාදේශය අවතක්සේරු කරන්න එපා දෙවන ආසියාතික ෂූරයන් බවත් අමතක කරන්න එපා... (ස)

:       0       0

සමන් Monday, 01 April 2013 07:42 PM

සුභ පැතුම් චන්දිමාල්.(නදී)

:       0       0

neel Sunday, 31 March 2013 11:11 PM

ඇයි සිංහබාහුට විකට් නැද්ද ? (ස)

:       0       0

නිමාලි Monday, 01 April 2013 02:41 PM

කුසල් ඔබ ඉතා දක්ෂ ක්‍රීඩකයෙක් (දී)

:       0       0

නුවන් Monday, 01 April 2013 02:42 PM

කුසල් මල්ලි ඔබට දිගු ගමනක් තියෙනවා (දී)

:       0       0

තිලක් Monday, 01 April 2013 02:37 PM

සුභපැතුම් ශ්‍රී ලංකා (දී)

:       0       0

සමන් ගමගේ Sunday, 31 March 2013 11:26 PM

අපේ සිංහලයන් ගැන ආඩම්බරයි. (ස)

:       0       0

කුමාරි Monday, 01 April 2013 10:28 AM

මැච් එකක් තියෙන හැම දවසකම දිනනකම් ඇඟේ ලේ නැතිව ඉන්නේ... සුභ පැතුම් ! (ස)

:       0       0

වෙනුර Tuesday, 02 April 2013 04:51 PM

ඇති යාන්තම්... (නි)

:       0       0

දිෂාන් Monday, 01 April 2013 10:45 AM

චන්දිමාල් නියම නායකයෙක් හොඳේ (ස)

:       0       0

අනුර Monday, 01 April 2013 12:59 AM

චන්දිමාල් ඔයාගේ පළමු තරඟය අපිට ආඩම්බරයි. ඉදිරියටම යන්න වාසනාව ලැබේවා. (ස)

:       0       0

සංජිව Monday, 01 April 2013 02:55 PM

සුභපැතුම් ශ්‍රී ලංකා (දී)

:       0       0

සුමිත් Monday, 01 April 2013 10:53 AM

විනිශ්චයකාරවරුන් වැරදි තීරණ දී තරඟය වෙනස් කරලත් (ස)

:       0       0

ජගත් Monday, 01 April 2013 01:12 AM

මීට කලින් දිනලා නැද්ද (ස)

:       0       0

ගාමිණී Monday, 01 April 2013 01:46 AM

කාලෙකට පසුව හොඳ තරඟයක් දැක්කා. ජනිත් පන්දුවට පහර දෙනවිට අතීතයේ සනත් මතක් වුණා. ජීවන් ගහනකොට අරවින්ද මතක් වුණා. මේ වගේ දක්ෂ තරුණයෝ ඉන්නකොට අපට ලෝක කුසලාන දිනන එක එතරම් අපහසු නොවේ. (නි)

:       0       0

සමීර Tuesday, 02 April 2013 05:13 PM

චන්දිමාල්, ඔබට සුභ පතමි.(නදී)

:       0       0

දීපාල් Monday, 01 April 2013 01:50 AM

අපිට පාසල්වාදයක් අවශ්‍ය නැහැ. ශ්‍රී ලාංකිකයෙක් විදියට හිතන්න පුළුවන් නම් ආඩම්බරයි. (නි)

:       0       0

අරුණ Monday, 01 April 2013 11:17 AM

බංග්ලාදේශයේ මහත්මා ක්‍රිකට් විලාශය සහ ආදර්ශමත් ඉවසීම යනාදි ගුණයන්ට ප්‍රණාමය පුද කරමි ක්‍රීඩාව තුලින් ඔවුන් තම දේශයට දුන් දේ බොහෝයි.. සුභ පැතුම් ! (ස)

:       0       0

සිසිර Monday, 01 April 2013 02:16 AM

බංගලාදේශයට ගැහුවට ඉන්දියාව ඉදිරියේදී දෙකට නැමෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

මහී Monday, 01 April 2013 11:29 AM

සනා ඔබගේ තේරීම නම් විශිෂ්ඨයි (ස)

:       0       0

පෙරේරා Monday, 01 April 2013 05:36 AM

ඔබට සුභ අනාගතයක් පතනවා. ඉදිරිය යහපත් වේවා. (නි)

:       0       0

කෙවීන් Monday, 01 April 2013 12:11 PM

කුමාරි බය නම් අපි එකට ඉඳගෙන මැච් එක බලමු. (ස)

:       0       0

උපුල් Tuesday, 02 April 2013 06:43 PM

ක්‍රිකට් වල හැමදේටම මම කැමතියි. ඒත් අකමැති එකම දේ තමයි ලංකාවේදී පවත්වන තරග වලට ලංකාවේ අම්පයර්ස්ලා විනිශ්චය කරන එක. (නි)

:       0       0

යොහාන් Monday, 01 April 2013 07:41 AM

උප නායකයා දුන් අවවාද හරිම ලස්සනට අපි නැරඹුවා. (නි)

:       0       0

හිරු Tuesday, 02 April 2013 09:38 AM

විනිසුරු තීරණ ගැන මට නම් සෑහීමකට පත්විය නොහැක. (නි)

:       0       0

අශෝක Monday, 01 April 2013 07:55 AM

කුසල් නැත්නම් සොරිම තමයි. (නි)

:       0       0

වරුණ Monday, 01 April 2013 08:03 AM

රුචිරට පින් සිද්ධ වෙන්න යන්තම් බේරුණා. (නි)

:       0       0

ගමගේ Monday, 01 April 2013 08:20 AM

සුභ පැතුමි!(නදී)

:       0       0

කුරුවිට Monday, 01 April 2013 08:26 AM

ජීවන් මෙන්ඩිස්ට තව ඕවරයක් දුන්නා නම් මීටත් කලින්ම දිනුම්. (නි)

:       0       0

කෙවින් Monday, 01 April 2013 08:54 AM

කෝ අපේ මෝස්තර පැංචා? (නි)

:       0       0

පහන් Monday, 01 April 2013 01:08 PM

බංග්ලාදේශය ක්‍රිකට් වලින් සැහෙන්න ඉදිරියට ඇවිත් ඇති බව මෙම තරගාවලියෙන් දුටුවා .සහ ඔවුන්ගේ මහත්ම තරග රටාව විශිෂ්ඨයි (ස)

:       0       0

ගුනවර්දන Monday, 01 April 2013 01:29 PM

අපේ කොල්ලෝ නියමෙට සෙල්ලම් කලා (දී)

:       0       0

නිෂ් Monday, 01 April 2013 09:33 AM

නියමයි (ස)

:       0       0

අරවින්ද Monday, 01 April 2013 09:37 AM

මේ මිනිස්සු කොච්චර කුහකද..මේකෙදිත් මාලිංගට පහර ගහන්නයි උත්සහ කරන්නේ මාලිංගගේ ඔවර් 4 නොවන්න මේක බංගලියෝ දිනනවා ඒක පිළිගනනවත් කැමති නෑනෙ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 35 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site