ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී අද (31) රාත‍්‍රි පැවැති විස්සයි20 ක‍්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 17 කින් ජය ලැබීමට සමත් වූහ. මෙම තරගයත් සමග මාසයකට අධික බංග්ලාදේශ සංචාරය අවසන් විය.
කුසල් පෙරේරා විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 44 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 64 ක් රැස්කරමින් තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේය.
ජීවන් මෙන්ඩිස් වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 17 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 37 ක් රැස් කළේය.
ශ්‍රී ලංකාව ඕවර 20 කදී කඩුලූ 5 ට 198
(කුසල් පෙරේරා 64, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 30, ජීවන් මෙන්ඩිස් 37, තිසර පෙරේරා නොදැවී 22)
බංග්ලාදේශය ඕවර 20 කදී කඩුලූ 7 ට 181
(මොහොමඞ් අෂ්රාෆුල් 43, මුෂ්ෆිකුර් රහීම් 39, මහුමුදුල්ලා 31, මොමිනුල් හක් නොදැවී 26, ඇන්ජලෝ මැතිව්ස් 37/2, තිසර පෙරේරා 25/2)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුසල් ඔබ ඉතා දක්ෂ ක්‍රීඩකයෙක් (දී)
බංග්ලාදේශය අවතක්සේරු කරන්න එපා දෙවන ආසියාතික ෂූරයන් බවත් අමතක කරන්න එපා... (ස)
මැච් එකක් තියෙන හැම දවසකම දිනනකම් ඇඟේ ලේ නැතිව ඉන්නේ... සුභ පැතුම් ! (ස)
චන්දිමාල් නියම නායකයෙක් හොඳේ (ස)
විනිශ්චයකාරවරුන් වැරදි තීරණ දී තරඟය වෙනස් කරලත් (ස)
බංග්ලාදේශයේ මහත්මා ක්‍රිකට් විලාශය සහ ආදර්ශමත් ඉවසීම යනාදි ගුණයන්ට ප්‍රණාමය පුද කරමි ක්‍රීඩාව තුලින් ඔවුන් තම දේශයට දුන් දේ බොහෝයි.. සුභ පැතුම් ! (ස)
සනා ඔබගේ තේරීම නම් විශිෂ්ඨයි (ස)
කුමාරි බය නම් අපි එකට ඉඳගෙන මැච් එක බලමු. (ස)
බංග්ලාදේශය ක්‍රිකට් වලින් සැහෙන්න ඉදිරියට ඇවිත් ඇති බව මෙම තරගාවලියෙන් දුටුවා .සහ ඔවුන්ගේ මහත්ම තරග රටාව විශිෂ්ඨයි (ස)
අපේ කොල්ලෝ නියමෙට සෙල්ලම් කලා (දී)
කුසල් මල්ලි ඔබට සුභපැතුම් (දී)
කුසල් මල්ලි ඔබට දිගු ගමනක් තියෙනවා (දී)
සුභපැතුම් ශ්‍රී ලංකා (දී)
සුභපැතුම් ශ්‍රී ලංකා (දී)
සුභ පැතුම් චන්දිමාල්.(නදී)
විනිසුරු තීරණ ගැන මට නම් සෑහීමකට පත්විය නොහැක. (නි)
ඇති යාන්තම්... (නි)
චන්දිමාල්, ඔබට සුභ පතමි.(නදී)
ක්රිකට් වල හැමදේටම මම කැමතියි. ඒත් අකමැති එකම දේ තමයි ලංකාවේදී පවත්වන තරග වලට ලංකාවේ අම්පයර්ස්ලා විනිශ්චය කරන එක. (නි)
ඔබට සුභ අනාගතයක් පතනවා. ඉදිරිය යහපත් වේවා. (නි)
අළුත් කොල්ලන්ගේ වැඩ පෙන්නුවා. ලංකාවේ ක්‍රිකට් අනාගතේ තවත් ශක්තිමත් කියලා ආනන්දෙන් තවත් දක්ෂ නායකයෙක් බිහිවුන අර්ජුන ගැන පස්සේ දිනේෂ් ඇතුළු කණ්ඩායම එකට දිගු ගමණකට සුබ පතනවා. ශ්‍රී ලකාවේ විදියට (ස)
ඇයි සිංහබාහුට විකට් නැද්ද ? (ස)
අපේ සිංහලයන් ගැන ආඩම්බරයි. (ස)
චන්දිමාල් ඔයාගේ පළමු තරඟය අපිට ආඩම්බරයි. ඉදිරියටම යන්න වාසනාව ලැබේවා. (ස)
මීට කලින් දිනලා නැද්ද (ස)
කාලෙකට පසුව හොඳ තරඟයක් දැක්කා. ජනිත් පන්දුවට පහර දෙනවිට අතීතයේ සනත් මතක් වුණා. ජීවන් ගහනකොට අරවින්ද මතක් වුණා. මේ වගේ දක්ෂ තරුණයෝ ඉන්නකොට අපට ලෝක කුසලාන දිනන එක එතරම් අපහසු නොවේ. (නි)
අපිට පාසල්වාදයක් අවශ්‍ය නැහැ. ශ්‍රී ලාංකිකයෙක් විදියට හිතන්න පුළුවන් නම් ආඩම්බරයි. (නි)
බංගලාදේශයට ගැහුවට ඉන්දියාව ඉදිරියේදී දෙකට නැමෙයිද දන්නෙ නැහැ. (නි)
මහේල දිල්ෂාන් සංගා නැතුව චන්දිමාල්ගේ නායකත්වයෙන් තිබුණු පලවෙනි මැච් 1 දිනපු 1 සතුටුයි. ශුභ අනාගතයක් (ස)
උප නායකයා දුන් අවවාද හරිම ලස්සනට අපි නැරඹුවා. (නි)
කුසල් නැත්නම් සොරිම තමයි. (නි)
රුචිරට පින් සිද්ධ වෙන්න යන්තම් බේරුණා. (නි)
සුභ පැතුමි!(නදී)
ජීවන් මෙන්ඩිස්ට තව ඕවරයක් දුන්නා නම් මීටත් කලින්ම දිනුම්. (නි)
කෝ අපේ මෝස්තර පැංචා? (නි)
නියමයි (ස)
මේ මිනිස්සු කොච්චර කුහකද..මේකෙදිත් මාලිංගට පහර ගහන්නයි උත්සහ කරන්නේ මාලිංගගේ ඔවර් 4 නොවන්න මේක බංගලියෝ දිනනවා ඒක පිළිගනනවත් කැමති නෑනෙ.(නදී)