ශ්රී ලංකාව පිල දකුණු අපි‍්‍රකාවට එරෙහිව අද (29) ඩර්බන්හිදී හිමිකරගත් ලකුණු 208 ක ටෙස්ට් ජය ශ්‍රී ලංකා පිල මාස 17 කට පසුව ලැබූ ටෙස්ට් ජය මෙන්ම දකුණු අප‍්‍රිකාවේදී ලැබූ පළමු ටෙස්ට් ජය ද වේ.
ශ්‍රී ලංකාව අවසන් වරට 2010 වසරේ ජූලි මස 18 වැනිදා ඉන්දියාවට එරෙහිව ගාල්ලේදී ටෙස්ට් තරගය ජය ලැබීමෙන් අනතුරුව ටෙස්ට් තරග 15 කදී ජය ලැබීමට අපොහොසත් වූ අතර තරග පහක් පරාජයට පත්විය.
මෙය ශ්‍රී ලංකා පිල මව්බිමෙන් පිටදී වසර තුනකට අසන්න කාලයකට පසුව ලැබූ ටෙස්ට් ජය ද වේ. ශ්‍රී ලංකාව 2009 වසරේ ජනවාරි මස බංග්ලාදේශයට එරෙහිව චිතගොන්හිදී අවසන් වරට විදේශියකදී ජය ලබා සිටියේය.
මෙම වසරේ අපේ‍්‍රල් මස අවසන් වූ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියෙන් පසුව තිලකරත්න ඩිල්ෂාන් නායකත්වයට පත්ව ටෙස්ට් තරගාවලි තුනක පරාජයෙන් පසුව ලැබූ පළමු තරග ජය මෙය වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්
නියමයි
ඇති යන්තම්.... ජය වේවා...
යන්තම් ඇති. සුභපැතුම්
නියමයි, ජයම වේවා!
නියමයි
ඔහෝම යං ඔහෝම යං
අපේ ලංකා කණ්ඩායම හොද කණ්ඩායම් හැගීමකින් ක්‍රීඩා කළා
නියමයි කොල්ලනි
පරණ වාර්තා අනුව ඉතාමත් හොද ජයග්‍රහණයක්
ඔබ සැමට ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා. ජයවේවා
විශිෂ්ඨයි. ශ්‍රී ලංකාව අවතක්සේරු කළ කෙප්ලර්ට නියම පිළිතුරක්. සුබ පැතුම්
ශ්රී ලංකාවට මගේ සුබ පැතුම්
ඇත්තටම හොද ජයග්‍රහණයක් මේක. ඉදිරි තරගයත් හොදින් ක්‍රීඩා කරලා දිනන්න ලැබෙන්න ඕනා. එතකොට කෙප්ලර්ගේ කතාවත් බොරුවක් වෙනවා
ඉදිරියටම යන්න ලැබේවා!. ශ්‍රී ලංකාවට මගේ සුබ පැතුම්
කලකට පස්සෙ ක්‍රිකට් ගැන ආසාවක් ඇතිවුණා. නියමයි ශ්‍රී ලංකා
කියල වැඩක් නැහැ බොහොම හිතේ අමාරුවෙන් හිටියේ. අපේ කොල්ලන්ට ජයම වේවා
නොපසුබට උත්සාහයේ උසස් ප්‍රතිඵල දැක්වූ මෙවැනි ක්‍රිකට් බැලීම ඉතාමත් සතුට උපදවන්නකි. මගේ සුභ පැතුම්! 2012 වර්ෂයේ තරඟ වලට මෙය හොඳ ආරම්භයක්.
අම්මෝ යන්තම් ඇති
ශ්රී ලංකා කණ්ඩායමට මගේ සුබ පැතුම්
අනර්ඝයි