( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයෙකු වෙඩි තබා ඝාතනය කල බවට චෝදනා කරමින් ඉන්දියාවේ පුදුච්චරි ප්‍රදේශයේ විරෝධතාවයේ නිරත වී සිටි පිරිසක් දුම්රිය මාර්ග අවහිරවන සේ විරෝධතාවයේ නිරත වූ ධීවරයින් 49 දෙනෙකු ඉන්දිය පොලීසිය විසින් අද (09) අත්අඩංගුවට ගෙන ඇතැයි චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති කාර්යාල ආරංචි මාර්ග කියයි.
ධීවරයින්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු යළි ධීවර කටයුතුවලට යොමු නොවන බවත්, වෙඩි තැබීම කල බව කියන ශ්‍රී ලංකාවේ නාවික හමුදාවේ නිළධාරීන් අත්අඩංගුවට ගත යුතු බවත් විරෝධතාකරුවන් පවසයි.
ඉන්දීය ධීවරයින් 80 ක් හා ඉන්දීය අත්අඩංගුවේ සිටින ශ්‍රී ලාංකික ධීවරයින් 19 දෙනෙකුද නිදහස් කිරීමට ශ්‍රී ලංකා සහ ඉන්දීය රජයන් තීරණය කර ඇති බව වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුලුදෙයක්නේ මේ කට්ටිය කියන්නේ කීදෙනෙක් අරන් පෙන්නන්නද......
ධීවරයන් මුවාවෙන් පැමිණන මත් ද්‍රව්‍ය ප්රවාහණය කරන්නන් හට මරණීය දණ්ඩනය පැමිණවිය යුතුයි
ඒ කෙළි කොහෙද ?