විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ හයවැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ අද (29) රාත‍්‍රි පැවැති තරගයේදී ශ‍්‍රී ලංකා පිල කඩුලූ 9 කින් ප‍්‍රබල බටහිර ඉන්දීය කොදෙව් පිල පරාජය කරමින් තරගයක් ඉතිරිව තිබිදී අවසන් පූර්ව තරගය පෙනෙන මානයට පැමිණීමට සමත් විය.
ශ‍්‍රී ලංකාව මේ වන විට තරග දෙකම ජය ලබා ප‍්‍රසාද ලකුණු 4 ක් සමගින් පෙරමුණේ පසුවෙයි. බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය තරගය බැගින් ජය ලබා ප‍්‍රසාද ලකුණු 2 බැගින් ලබා සිටියි.
බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 129 (ජොන්සන් චාල්ස් 12, මාලන් සැමුවෙල්ස් 50, ඞ්වේන් බ‍්‍රා්වෝ 40, ඇන්ඩි‍්‍ර රසල් නොදැවී 19, අජන්ත මෙන්ඩිස් 12/2)
ශ‍්‍රී ලංකාව ඕවර 15.2 කදී කඩුලූ 1 ට 130 (තිලකරත්න ඩිල්ෂාන් 12, මහේල ජයවර්ධන නොදැවී 65, කුමාර් සංගක්කාර නොදැවී 39)
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද මැච් එක දකුණු අප්‍රිකාව පැරදුණොත් අපි රැන්ක් වල එකට එයි. (නි)
අපේ කොල්ලන්ගේ වැඩ නම් නියමයි (නි)
ලාංකික ප්‍රේක්ෂකයන්ගෙ හෑසිරිම හරිම අසංවරයි. (නි)
සිසිර, ඔබ හරි. ලංකාවෙ ඉන්නේ අමු මෝඩයන් තමයි. (නි)
ජේ.ආර්.මහත්තයාගේ කාලෙත් ඔක්කොම ප්‍රශ්න ටික ක්‍රිකට් වලින් යට ගැහුවා. අන්තිමට සෞභාග්‍යමත් රටක් අපිට ඉතුරු කරලා අද ඉන්න නායකයාට බාර දෙන තත්වයට රට ගෙනාවා. ඒත් අපිට නම් පේන්නේ රට යන්නේ ආපස්සට. අපිත් පාක්ෂිකයෝ තමයි. ඒ නිසා දුකයි. (නි)
මේ දවස් වල අපිට සතුටු වෙන්න තියෙන එකම දේ ක්‍රිකට් විතරයි. ඒ නිසා කොහොමහරි කප් එක ගනිමු. (නි)
නියමයි. ඔය විදියටම සෙල්ලම් කළොත් 20-20 සූරයො වෙන්නේ අපි. (නි)
ලැබූ ජයට සුභ පතනවා (නි)
පාකිස්ථානය අද දිනනවා (ස)
සනත්ගේ කතාව හරි. ඉන්දියාවට හිස් අතින් ගෙදර යන්න තමයි වෙන්නේ. (නි)
ශ්රී ලංකා පිළට උණුසුම් සුබ පැතුම්! (නි)
චමින්ද, අපේ ලාංකිකයන්ට ජය වේවා කියලද කියන්නේ? (නි)
සිසිර, ක්‍රිකට් සහ රට අතර සෑහෙන වෙනසක් තිබෙනවා (නි)
නියමයි අපේ කොල්ලෝ. ඔහොමම ඉදිරියටත් සෙල්ලම් කරමු. (නි)
මහේලයි, දිල්ශානුයි හුගක් හොද සුපිරි විදියට ඊයේ සෙල්ලම් කළා. (නි)
මෝඩ සිසිර... (නි)
මේ පාර කුසලානය අපිටමයි.. කොහොමහරි ඉන්දියාවත් එක්ක තරගය දිනන්න.. අපේ සිංහලයන්ට ජය වේවා..!(නු)
@ සිසිර, ක්‍රිකට් කියන්නෙ ක්‍රීඩාවක්.ඒකට බැහැ රට කන එක නවත්තන්න.ඔයාලා අකමැති නම් නොබලා ඉන්න.බලන අයට බනින්න එපා.රට මෝඩයෝ කවුද කියලා ඔයාලම හිතන්නකෝ. (ස)
නියමයි. ජයපිට ජය. (නි)
සිසිර, ක්‍රීඩාවයි දේශපාලනයයි කියන්නේ දෙකක් (නි)
ජය නියතයි ශ්‍රී ලංකා (ස)
මහේල ඔබේ නායකත්වය අනර්ඝයි. ජයවේවා. !(ස)
සිසිර, ක්‍රිකට් නැතත් රට කන එක වෙනවා. (ස)
නියමයි. ඉදිරියටම යමු අපි සුභ පතනවා. සිසිර මෙ වාගේ දේකදිවත් සතටුවෙන්න. (ස)
පන්දු රැකීම ඊයේ ඉතා අනර්ගයි. කණ්ඩායමේ සියලුදෙනා එකාවගේ සෙල්ලම් කළා. ඔබ සැමටම සුබ පැතුම්. (ස)
මුලු කණ්ඩායමටම මගේ සුභ පැතුම්! අති විශිෂ්ටයි. (නි)
රට ගිලුණත් බෑන්ඩ් චූන්. ලංකාවට ක්‍රිකට් මැච් එකක් දාල පොලිටික්ස් ලා ජොලියට රට කනවා. රට මෝඩයෝ ඉන්නේ දැන ලංකාවේ. (ස)
ඔහොමම ඉස්සරහට යන්න ජය නියතයි. ! (ස)
ඉන්දියාව එක්ක නෙමෙයි අපිට අවසන් තරඟය තියෙන්නේ පකිස්ථානය සමග. මොකද හෙට ඉන්දියාව පකිස්ථානයට පරදිනවා. (නි)
මෙන්න කොල්ලෝ..!(නු)
ඉතාම හොදයි ශ්‍රී ලංකා..!(නු)
ඉන්දියාවට පරදින්න නම් එපා.!(නු)