IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ශ‍්‍රී ලංකාව තරගයක් ඉතිරිව තිබියදී අවසන් පූර්ව තරගයට ආසන්න වෙයි

විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ හයවැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ අද (29) රාත‍්‍රි පැවැති තරගයේදී ශ‍්‍රී ලංකා පිල කඩුලූ 9 කින් ප‍්‍රබල බටහිර ඉන්දීය කොදෙව් පිල පරාජය කරමින් තරගයක් ඉතිරිව තිබිදී අවසන් පූර්ව තරගය පෙනෙන මානයට පැමිණීමට සමත් විය. ශ‍්‍රී ලංකාව මේ වන විට තරග දෙකම ජය ලබා ප‍්‍රසාද ලකුණු 4 ක් සමගින් පෙරමුණේ පසුවෙයි. බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය තරගය බැගින් ජය ලබා ප‍්‍රසාද ලකුණු 2 බැගින් ලබා සිටියි. බටහිර ඉන්දීය කොදෙව් පිල  ඕවර 20 කදී කඩුලූ 5 ට 129 (ජොන්සන් චාල්ස් 12, මාලන් සැමුවෙල්ස් 50, ඞ්වේන් බ‍්‍රා්වෝ 40, ඇන්ඩි‍්‍ර රසල් නොදැවී 19, අජන්ත මෙන්ඩිස් 12/2) ශ‍්‍රී ලංකාව  ඕවර 15.2 කදී කඩුලූ 1 ට 130 (තිලකරත්න ඩිල්ෂාන් 12, මහේල ජයවර්ධන නොදැවී 65, කුමාර් සංගක්කාර නොදැවී 39) 



අදහස් (0)

ශ‍්‍රී ලංකාව තරගයක් ඉතිරිව තිබියදී අවසන් පූර්ව තරගයට ආසන්න වෙයි

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 30 September 2012 12:16 PM

ශ්‍රී ලංකා පිළට උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

චතුරංග Sunday, 30 September 2012 12:36 PM

සනත්ගේ කතාව හරි. ඉන්දියාවට හිස් අතින් ගෙදර යන්න තමයි වෙන්නේ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 30 September 2012 01:55 PM

පාකිස්ථානය අද දිනනවා (ස)

:       0       0

නිරෝෂන් Sunday, 30 September 2012 02:46 PM

ලැබූ ජයට සුභ පතනවා (නි)

:       0       0

රොෂාන් Sunday, 30 September 2012 03:40 PM

නියමයි. ඔය විදියටම සෙල්ලම් කළොත් 20-20 සූරයො වෙන්නේ අපි. (නි)

:       0       0

ශිවන්ත Sunday, 30 September 2012 04:15 PM

මේ දවස් වල අපිට සතුටු වෙන්න තියෙන එකම දේ ක්‍රිකට් විතරයි. ඒ නිසා කොහොමහරි කප් එක ගනිමු. (නි)

:       0       0

ලාල් ගලබඩ Sunday, 30 September 2012 04:32 PM

ජේ.ආර්.මහත්තයාගේ කාලෙත් ඔක්කොම ප්‍රශ්න ටික ක්‍රිකට් වලින් යට ගැහුවා. අන්තිමට සෞභාග්‍යමත් රටක් අපිට ඉතුරු කරලා අද ඉන්න නායකයාට බාර දෙන තත්වයට රට ගෙනාවා. ඒත් අපිට නම් පේන්නේ රට යන්නේ ආපස්සට. අපිත් පාක්ෂිකයෝ තමයි. ඒ නිසා දුකයි. (නි)

:       0       0

අජිත් Sunday, 30 September 2012 05:04 PM

සිසිර, ඔබ හරි. ලංකාවෙ ඉන්නේ අමු මෝඩයන් තමයි. (නි)

:       0       0

චමින්ද Sunday, 30 September 2012 12:01 AM

මේ පාර කුසලානය අපිටමයි.. කොහොමහරි ඉන්දියාවත් එක්ක තරගය දිනන්න.. අපේ සිංහලයන්ට ජය වේවා..!(නු)

:       0       0

සිල්වා Sunday, 30 September 2012 12:02 AM

ඉන්දියාවට පරදින්න නම් එපා.!(නු)

:       0       0

සමන් ප්‍රසාද් Sunday, 30 September 2012 12:10 AM

ඉතාම හොදයි ශ්‍රී ලංකා..!(නු)

:       0       0

රවින් Sunday, 30 September 2012 12:44 AM

මෙන්න කොල්ලෝ..!(නු)

:       0       0

තත්සරණි Monday, 01 October 2012 11:24 AM

අපේ කොල්ලන්ගේ වැඩ නම් නියමයි (නි)

:       0       0

සනත් Sunday, 30 September 2012 03:25 AM

ඉන්දියාව එක්ක නෙමෙයි අපිට අවසන් තරඟය තියෙන්නේ පකිස්ථානය සමග. මොකද හෙට ඉන්දියාව පකිස්ථානයට පරදිනවා. (නි)

:       0       0

තිළිණ Sunday, 30 September 2012 03:31 AM

ඔහොමම ඉස්සරහට යන්න ජය නියතයි. ! (ස)

:       0       0

සිසිර Sunday, 30 September 2012 06:23 AM

රට ගිලුණත් බෑන්ඩ් චූන්. ලංකාවට ක්‍රිකට් මැච් එකක් දාල පොලිටික්ස් ලා ජොලියට රට කනවා. රට මෝඩයෝ ඉන්නේ දැන ලංකාවේ. (ස)

:       0       0

හෙන්රි Sunday, 30 September 2012 07:15 AM

මුලු කණ්ඩායමටම මගේ සුභ පැතුම්! අති විශිෂ්ටයි. (නි)

:       0       0

ජයනාත් ප්‍රියන්ත Sunday, 30 September 2012 07:33 AM

පන්දු රැකීම ඊයේ ඉතා අනර්ගයි. කණ්ඩායමේ සියලුදෙනා එකාවගේ සෙල්ලම් කළා. ඔබ සැමටම සුබ පැතුම්. (ස)

:       0       0

වීරා Sunday, 30 September 2012 07:52 AM

නියමයි. ඉදිරියටම යමු අ‍‍පි සුභ පතනවා. සිසිර ‍මෙ වා‍ගේ ‍‍දේකදිවත් සතටු‍වෙන්න. (ස)

:       0       0

ක්‍රිෂාන් Sunday, 30 September 2012 08:18 AM

සිසිර, ක්‍රිකට් නැතත් රට කන එක වෙනවා. (ස)

:       0       0

නාවලගේ ජූඩ් රොහාන් Sunday, 30 September 2012 08:19 AM

මහේල ඔබේ නායකත්වය අනර්ඝයි. ජයවේවා. !(ස)

:       0       0

ලුශාන් Sunday, 30 September 2012 08:46 PM

ලාංකික ප්‍රේක්ෂකයන්ගෙ හෑසිරිම හරිම අසංවරයි. (නි)

:       0       0

හර්ෂන Sunday, 30 September 2012 08:26 AM

ජය නියතයි ශ්‍රී ලංකා (ස)

:       0       0

සදරුවන් Sunday, 30 September 2012 08:44 AM

සිසිර, ක්‍රීඩාවයි දේශපාලනයයි කියන්නේ දෙකක් (නි)

:       0       0

නිශාන්ත Sunday, 30 September 2012 08:45 AM

නියමයි. ජයපිට ජය. (නි)

:       0       0

චමින්ද Sunday, 30 September 2012 08:47 AM

@ සිසිර, ක්‍රිකට් කියන්නෙ ක්‍රීඩාවක්.ඒකට බැහැ රට කන එක නවත්තන්න.ඔයාලා අකමැති නම් නොබලා ඉන්න.බලන අයට බනින්න එපා.රට මෝඩයෝ කවුද කියලා ඔයාලම හිතන්නකෝ. (ස)

:       0       0

ලසාන් Sunday, 30 September 2012 10:02 AM

අද මැච් එක දකුණු අප්‍රිකාව පැරදුණොත් අපි රැන්ක් වල එකට එයි. (නි)

:       0       0

ප්‍රිමාල් Sunday, 30 September 2012 10:15 AM

මෝඩ සිසිර... (නි)

:       0       0

අජිත් Sunday, 30 September 2012 10:22 AM

මහේලයි, දිල්ශානුයි හුගක් හොද සුපිරි විදියට ඊයේ සෙල්ලම් කළා. (නි)

:       0       0

දුලිප් Sunday, 30 September 2012 11:44 AM

නියමයි අපේ කොල්ලෝ. ඔහොමම ඉදිරියටත් සෙල්ලම් කරමු. (නි)

:       0       0

කුරේ Sunday, 30 September 2012 12:08 PM

සිසිර, ක්‍රිකට් සහ රට අතර සෑහෙන වෙනසක් තිබෙනවා (නි)

:       0       0

සුගත් Sunday, 30 September 2012 12:09 PM

චමින්ද, අපේ ලාංකිකයන්ට ජය වේවා කියලද කියන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site