IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ශ්‍රී ලංකාව ජෝර්දානය පරදවයි

දකුණු හා මධ්‍යම ආසියානු වයස 13න් පහළ බාලිකා පාපන්දු ලීග් තරගාවලියේ දී ශ්‍රී ලංකාව විසින් ගෝල 1-0 කට ජෝර්දානය පරාජය කරන ලදී. තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගය එයයි. එසේ වුවත් ශ්‍රී ලංකාව ඊයේ (11) පැවැති තරගයක දී ඉරානය හමුවේ ගෝල 2-0 කින් පරාජයට පත් විය. පෙරේදා (10) ආරම්භ වූ මෙම තරගාවලිය අනිද්දා (14) දක්වා බම්බලපිටිය පොලිස් කී‍්‍රඩාංගනයේ දී පැවැත්වේ. ඒ සඳහා සහභාගි වී සිටින රටවල් ගණන හයකි. මේ අතර අද (12 වැනිදා) පෙරවරු 9.45ට ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව තරගවදියි. හෙට (13) භූතානයට එරෙහිව ද අනිද්දා පලස්තීනයට එරෙහිව ද ශ්‍රී ලංකාව තවත් තරග දෙකකට සහභාගි වේ. ලීග් ක‍්‍රමයට පැවැත්වෙන මෙම තරගාවලියට ඇතුළත් මුළු තරග සංඛ්‍යාව 15කි. වැඩිම ප‍්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායමට තරගාවලියේ ජයග‍්‍රහණය හිමිවේ. ජෝර්දානය පරාජයට පත්කළ තරගයේ දී ජයග‍්‍රාහී ගෝලය ලබාගත්තේ කටුනේරිය ශාන්ත සෙබස්තියන් බාලිකා විදුහලෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටින නදිකා මධුෂානිය. ආසියානු පාපන්දු සමුළුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සහයෝගයෙන් තරගාවලිය සංවිධානය කරන අතර ඒ සඳහා අනුග‍්‍රහය දක්වන්නේ සිලෝන් බිස්කට් සමාගමට අනුබද්ධ ප්ලෙන්ටි ෆුඞ්ස් (සමපෝෂ) සමාගමයි.



අදහස් (0)

ශ්‍රී ලංකාව ජෝර්දානය පරදවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 735 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site