‘‘ශ්‍රී ලංකාවේ ජනතාවට ඔවුන්ගේ අනාගතය ඔවුන්ට වුවමනා ආකාරයට හැඩගස්වාගන්න උපකාරි වෙන්න අපි සූදානම්“ යැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා ටාජ් සමුද්‍රා හෝටලයේ විශේෂ දේශනයක් පවත්වමින් කීවේය. ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ පදනම මේ හමුව සංවිධානය ක තිබිණි. රාජ්‍ය ලේකම්වරයා එහිදී කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.
ඉතා උණුසුම්ව හා මිත‍්‍රශීලී ලෙස මා ශී‍්‍ර ලංකාවට පිළිගත් ඔබ සියලූ දෙනාට ස්තූතියි. මෙහි පැමිණීමට ලැබීම මට මහත් ආඩම්බරයක් වගේම ගෞරවයක්. විදේශ අමාත්‍ය මංගල සමරවීර මට ශී‍්‍ර ලංකාවට පැමිණෙන්නැයි ආරාධනා කළේ වොෂින්ටන් නුවර පැවැත්වුනු අප දෙදෙනාගේ සාකච්ඡුා අතරතුරදී. මගේ පැමිණීම ශී‍්‍රලංකාව හා ඇමරිකාව අතර සබදතා අලූත් කරන්නක් වනු ඇතැයි ඔහු පෙන්වාදුන්නා.
මේ රට ඇත්තටම පාරාදීසයක්. මහා විශාල ස්වභාවික සම්පත් ප‍්‍රමාණයක් මේ රටේ තිබෙනවා. පුරවැසියන් ඉතාම මිත‍්‍රශීලීයි ඕනෑම කෙනෙක් සමගග මේ සියල්ල ශී‍්‍රලංකාවට ඉතාම හොද අනාගතයක උරුමය තිබෙන බව කියාපාන්නක්. ඉතින් මා අද දිනයේ අවධාරණය කරනවා ඇමරිකාවේ අපට වුවමනායි ඔබත් සමග වැඩකරන්න. අපි සූදානම් ඔබට වුවමනා කුමන හෝ අවස්ථාවක අපගේ උදවු ඔබට ලබාදෙන්න. ශී‍්‍ර ලංකාවේ ජනතාවට ඔවුන්ගේ අනාගතය ඔවුන්ට වුවමනා හැටියට හැඩගස්වාගන්න උපකාරී වෙන්න අප සූදානම්.
ඔබේ විදේශ අමාත්‍යවරයා හා මා හමුවුනේ පසුගිය පෙබරවාරි මාසයේදී. අද දිනයේ අප දෙදෙනා අතර පැවැත්වුනු සාකච්ඡුාවේදී ජනාධිපතිවරණයෙන් පස්සේ ශී‍්‍රලංකාවේ ප‍්‍රගතිය ගැන ඔහු මා හා කරුණු දැක්වුවා. ඇත්තටම හොදින් පෙනෙන වෙනසක් ශී‍්‍රලංකාවේ දැන් තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව යටතේ රාජ්‍ය ආයතනයන් පිහිටුවමින් තිබෙනවා, වගකිවයුතු පාලන ක‍්‍රමයක් ඇති කිරීමට පියවර ගැනෙමින් තිබෙනවා, ජනපතිවරයාගේ විධායක බලතල සංශෝධනය කෙරුණු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත වෙලා තිබෙනවා, එයින් ජනපතිවරයා මැතිවරණ සමයේ ඔහු දුන් පොරොන්දු ඉටු කරලා තිබෙනවා,ඒ වගේම එසේ සංශෝධනය කෙරුණු බලතල විවිධ මාර්ග ඔස්සේ ජනතාව අතට ලබාදෙන්න පියවර ගැනිලා තිබෙනවා,වංචාව මඩින්න කටයුතු කරලා තිබෙන ආකරය එයට එක් උදාහරණයක්. මේවාට අමතරව සංහිදියාව ස්ථාපිත කරන්න දිනාගත් සාමය සුරක්ෂිත කරන්න අවශ්‍ය කි‍්‍රයාමාර්ගත් නව රජය කි‍්‍රයාත්මක කරලයි තිබෙන්නේ.
ශී‍්‍ර ලංකාව සුනාමි ව්‍යසනයෙන් මිීට අවුරුදු 10 කට පමණ පෙර පීඩාවට ලක්වුනා. අසල්වැසි රටක් වන නේපාලය පසුගිය සතියේදී බිහිසුණු භූමිකම්පාවකට මුහුණදුන්නා. විපතට පත්වූවන්ට සහන සළසන්න ඉදිරිපත්වුනු රටවල් අතරින් ඉදිරියෙන්ම සිටියේ ශී‍්‍ර ලංකාව. මම ඒ සම්බන්ධයෙන් ඇමරිකාවේ ස්තූතිය ඔබට පිළිගන්වන්න කැමතියි. අපි, ඇමරිකාවත් මහා පරිමානයේ සහන සේවා මෙහෙයුමක් සංවිධානය කරමිනුයි සිටින්නේ. එය ඉදිරියේදී කි‍්‍රයාත්මක වේවි. නමුත් මෙතැනදී අනතුර සිදුවූ වහාම විපතට පත්වූවන්ට සහයවීමට ශී‍්‍රලංකාව ඉදිරිපත්වීම ඇත්තටම අගය කළ යුත්තක්. ඉක්මනින් කි‍්‍රයාත්මක වන රජයක් සිටින, වගකීම් දැරිය හැකි සමාජයක් තිබෙන ශී‍්‍රලංකාව වැනි රටක් හා සම්බන්ධවීමට ඇමරිකාවේ අපට තිබෙන්නේ විශාල වුවමනාවක්.
ආසියා කලාපයට බලපෑ සුනාමිය, පසුගිය සතියේ නේපාලය මුහුණ දුන් භූකම්පනය කිසියම් රටක් හදිසි ආපදා තත්ත්වයකට මුහුණදී සිටින අවස්ථාවක එම රටට ආධාර කරන්න ලෝකයේ රටවල් හැටියට අප සියලූදෙනා එකතුවිය යුතු බව පෙන්වා දෙන අවස්ථා වගේම ඒවා රට රටවල් අතර සබදතා ගොඩනගාගන්න ඉතාම සුදුසු වේලාවන්.
අද දිනයේදී ශී‍්‍රලංකාව ලබා සිටින්නේ එවැනි වේලාවක්. පොරොන්දු ඉටුවන කාලයක්. ඔබේ විදේශ අමාත්‍යවරයා පාර්ලිමෙන්තුවේ සිදුකළ වේගවත් කතාවකට මගේ අවධානය යොමුවුනා. එහිදී ඔහු කීවා සැබෑ ස්වෛරීභාවය අත්කරගන්න පිළිවන් වෙන්නේ රජයක් හැටියට ජනතාවට ලබාදී තිබෙන පොරොන්දු ඉටුකිරීමෙන් හා ජාතිය අනුව, භාෂාව අනුව, ආගම අනුව වෙනස්කම් තිබෙන ජනතාව වාසය කරන සමාජයේ ඔවු නොවුන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමෙන් පමණක් කියලා. මම ඔහුට ගෞරව කරනවා. එවැනි ප‍්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන්.
වෙනත් රටවල් හා අන්තර්ජාතික සංවිධානයන් එක්ක සහයෝගයෙන් වැඩකළ යුතු වීමේ වැදගත්කමත් ඔහු පෙන්වා දුන්නා. දැනටත් මේ රජය අවවාදයට වඩා ආදර්ශය උතුම් බව පෙන්වා දෙමින් සිටින්නේ. අද වෙනකොට ශී‍්‍ර ලංකාව සමුදුරු ආරක්ෂණ කටයුතු වල වගේම අන්තර්ජාල අපරාධ මර්ධනය, දේශගුණ වෙනස්වීම වගේ කාලීන ගෝලීය අර්බුධයන් සම්බන්ධ අන්තර්ජාතික මෙහෙයුම් වලටත් දායක වෙලායි සිටින්නේ. විදේශ අමාත්‍යවරයාට මම විශේෂයෙන් ස්තූති කරනවා අන්තර්ජාල අපරාධ සම්බන්ධයෙන් සමුලූවක් පැවැත්වීමට ඉඩ ලබාදීමත්, ඒ වගේම අන්තර්ජාල අපරාධ මර්දනය පිළිබඳ බුඩාපෙස්ට් ප‍්‍රඥප්තියට අත්සන් කළ පළමුවැනි දකුණු ආසියාතික රට බවට ශී‍්‍රලංකාව පත්වීමත් පිළිබඳව.
නමුත් කිරීමට තවත් විශාල වැඩ කොටසක් ඉතිරිව තිබෙනවා කියලා ඔබ මතකයේ තබාගත යුතුයි. දිනාගත් සාමය සුරක්ෂිත කිරීමට හා ජනතාවට සෞභාගමත් කිරීමටයි ඔබ කටයුතු කරමින් සිටින්නේ. ඉදිරියට තව තවත් බාධකයන් ඔබ හමුවේ නැගේවී. ඊයේ උදයේ අප මේ ගැන කතා කළා. නමුත් මා දුටු දෙයක් තමයි මේ රජය බොහොම විවෘත මනසකින් කටයුතු කරන බව. වෙනස් විදිහට සිතන්න, අලූත් අදහස් වලට ඉඩ ලබාදෙන්න, ඒවායින් තමන්ගේ කටයුතු වඩා කාර්යක්ෂම කරගන්න මේ රජය පසුබට වන්නේ නැති බවක් මා හදුනාගත්තා.
ශී‍්‍ර ලංකාවේ වත්මන් ජනපති, අගමැති හා විදේශ ඇමති අනෙක් පුද්ගලයින් බරපතල යැයි පවසා බැහැර කරන ගැටලූ වලට සෘජුව මුහුණ දෙන්න බය නැති තිදෙනෙක්. දුෂ්කර වුවත් අවශ්‍ය වේලාවේදී අවශ්‍ය තීරණය ගන්න ඔවුන් මැලි වන්නේ නැහැ. ඒ වගේම දුන් පොරොන්දු ඉටු කරන්න ඔවුන්ට ඇත්තේ දැඩි වුවමනාවක්. එය අප දින සියයයේ වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කරන විටදී දුටුවා. පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වෙන බව කියන එළඹෙන මාස කිහිපයේදී මේ තිදෙනාගේ නායකත්වය මත රටේ ජනතාව දිගින් දිගටම විශ්වාසය තබනවා ඇති.
මම අද මෙතැන සිටගෙන ඔබව අමතන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කරා යමින් සිටින මේ ගමනේදී ශී‍්‍රලංකාව හා අත්වැල් බැදගන්න ඇමරිකාවට වුවමනා නිසා. අපට වුවමනායි ඔබ හා අප අතර ඇති සම්බන්ධය තවත් ගැඹුරු හා අර්ථවත් කරගන්න. ඒ සදහා ම අප දෙරට අතර වාර්ෂිකව අදහස් හුවමාරු කරගත හැකි විශේෂ සංවාදයක් ගොඩනැගීමට මම හා විදේශ අමාත්‍යවරයා එකගවුනා. ශී‍්‍ර ලංකාවේ අනාගත වෙනසට අවශ්‍ය වන උපදෙස් හා තාක්ෂණික සහය ලබාදෙන්න ඇමරිකාව සූදානම්. මම දැනටමත් ඒ සදහා ශී‍්‍රලංකා රජයට සහය ලබාදෙන්න පුලූවන් පුද්ගලයින් සූදානම් කරන්න කියා අපේ රජයට දැනුම්දීලායි තිබෙන්නේ. අනෙක් පැත්තෙන් ශී‍්‍ර ලංකාව හා අපට ආර්ථික වශයෙන් සබදතා තර කරගන්නට පුලූවන් කෙසේද කියා දැනගන්න ඇමරිකා භාණ්ඩාගාර හා වෙළද දෙපාර්තමේන්තු නියෝජනය කරමින් විශේෂ කණ්ඩායමක් ශී‍්‍ර ලංකා රජය හමුවට ඒමට නියමිතයි. එයින් අපට තවත් ආයෝජන අවස්ථා හදුනාගන්නත් ඒවායින් ඉහළ සංවර්ධනයක් අත්කර ගන්නත් පිළිවන් වේවි. ඔබ දන්නා ආකාරයට මෙවර ශී‍්‍රලංකාවේ ඇමරිකා තානාපති හැටියට පත්වෙලා සිටින අතුල් කෙෂාප් ජනපති ඔබාමා මැදිහත්වෙලා නම් කරපු අයෙක්. ඔහු අපේ විදේශ සේවාවේ සිටින පළපුරුදුත ම හා දක්ෂත ම පුද්ගලයෙක්.
නැවත වතාවක් ස්තූතියි මට ලබාදුන් ආරාධනයට. මේ ගෙවෙන දිනයන් ශී‍්‍ර ලංකාවට ඉතාම වැදගත්. අප සියලූ දෙනා එකිනෙකා මත විශ්වාසයෙන් එක්ව වැඩ කළ යුතුයි. අප අතර ශක්තිමත් මිත‍්‍රත්වයක් ගොඩනගා ගත හැකිවන්නේ එවිට. එම මිත‍්‍රත්වයෙන් අප දෙරටටම යහපත් අනාගතයක් සකස් කරගන්නත් අපට පිළිවන්.
ශී‍්‍ර ලංකාව හා ඇමරිකාව සමාන නැතිය කියලා කෙනෙකුට කියන්න පුලූවන්. නමුත් අප දෙරට අතර මා දකින ප‍්‍රධානම සමානතාවය තමයි අප දෙගොල්ලෝම වැඩ කරන්නේ රටේ ජනතාව ගැන සිතා වීම. අපට අවශ්‍ය ජනතාවට වුවමනා දෙය ඔවුන්ට ලබාදීම. හොද අධ්‍යාපනයක්, හොද රැුකියාවක්, හොද සෞඛ්‍යයක්, සෞභාග්‍යමත් සාමකාමිී සංහිදියාව සුරක්ෂිත අනාගතයක් ඔවුන්ට ලබාදීම තමයි පාලකයින් හැටියට ඔබගේ රජයෙත් මගේ රජයෙත් එකම වුවමනාව. අප දෙරට මෙතරම් ළංව සිටින්නේ මේ නිසා. අද මා ඔබේ රටට පැමිණ සිටින්නේ මේ නිසා. ඇමරිකාව හා ශී‍්‍රලංකාව අතර මිත‍්‍රත්වය අලූත් කරන්න ලැබුණු මේ අවස්ථාව මට ලොකු ආඩම්බරයක්. ස්තූතියි ඔබට.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ලෝකෙටම ලොක්කට මේ තරම් අපේ රට ගැන තිබෙන කැක්කුම? (නි)
ලලිත්, මේ බලවතාය කියන්නේ ඇමරිකාවටද හැබෑට? ඒත් ඉතින් ඇමරිකාවෙයි අනෙකුත් බටහිර රටවලුයි ගැන ලවක්දෙවක් නැතුව උගන්වන්නෙම චීනය ඇතුළු වැඩෙන ආර්ථිකයක් ඇති රටවල් සමඟ ගනුදෙනු කරලා ඔවුන්ගේ සශ්‍රීකත්වයෙන් ටිකක් සූරාගන්න හැටි මිසක් ඒ රටවලට දියුණු වෙන්න උදව් කරන හැටි නම් නෙමෙයි. (නි)
ශ්රී ලංකාව ලැබූ හොඳ ජයග්‍රහණයක්. ඉදිරිය සුබ වේවි. ලෝක බලවතා සමඟ හොඳින් සිටීම නුවණට හුරුය. (නි)
පහුගිය කාලේ ඇමරිකාව ගොඩක් උදව් කළේ ලිබියාවේ, ඉරාකය, ඇෆ්ගනිස්ථානය, වියට්නාමය, උගන්ඩාව, සිරියාව වගේ රටවල ජනතාවට. ඒ රටවල් වල ජනතාව දැන් ස්වයංපෝෂිත ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඉහවහා ගිහිල්ලා ඇමරිකාවට පින්සිද්ධ වෙන්න. අපිටත් ඕනෑ ඒ ටික තමයි. ළංවෙන්න ළංවෙන්න රට සංවර්ධනය වෙයි. (නි)
අප රටේ සියලු දෙනාට ඇත්තේද වඩාත් යහපත් හෙට දිනයක් පිළිබඳ බලාපොරොත්තුවයි. (නි)
අපේ පාස්පෝර්ට් එකට තැනක් දෙන්න. (නි)
ඔබගේ පැමිණීම අපේ රටට ආඩම්බරයක්. (නි)
අජන්ත, මා පුර්ණකාලින ලියන්නෙක් නොවුවත් ඔබට එසේ සිතීම ගැන සතුටු වෙමි. එහෙත් පුද්ගල අවලාද වලට වඩා මගේ අදහස් හෝ මා ඉදිරිපත් කරන කරුණු පිළිබඳව ඔබේ විවේචන හෝ ඒ ඇසුරින් ඔබ ගොඩනඟන අදහස් හෝ ඉදිරිපත් කිරීම වඩා හරවත් සංවාදයකට මඟපාදන බව ඔබට සිතෙන්නේ නැද්ද? (නි)
එකනේ රේණුකා තමුන්ගේ රටේ බලු බළල්ලු ගානට කල්ලෝ මරණ උදවිය මේ මානුෂික මෙහෙයුමකින් අපේ රටේ ත්‍රස්තවාදෙට තිත තිබ්බ අයට යුද්ධාපරාධ චෝදනා ගේනවනේ. මුන්දෑ ආවේ නොකළ අපරාධ කාරය කියලා ඔප්පු කරලා අපේ කට්ටිය දංගෙඩියට යවන හැටි ගැන ආණ්ඩුවට ටියුෂන් දෙන්නලුනේ. ඔන්න දෙනවය කියන මහා ලොකු උදව්ව. (බ)
දිමුත් ඔයාගේ පිට කසනවා නම් නිකම් නිරපරාදේ එක එක්කෙනාට වගපල කියා කියා නොඉඳ පිට කසන්නෙක් ඕන කර තිබේ -ඩොලර් වලින් ගෙවමි කියලා දැන්වීමක් දාන්නකෝ. (බ)
කොහෙද හිටියේ අපිට කොටි ගහනකොට? අපි ගැන දුක්වෙන්න දැන් එනවා (නි)
කල දුටු කල වල ඉහගන්න නොදන්නා කට්ටියනේ ... (නි)
මේ ලෝකයේ තිබෙන සාමය හා සංහිදියාව නැතිකළෙත් , නැතිකරමින් සිටින්නේත් ඇමෙරිකාව තමා. මුලු අරාබිකරයම නැතිකළා,බේදබින්න කරලා. රුසියානු සමුහාණ්ඩුව මිහායෙල් ගොර්බචොප් හරහා කෑලිකරලා ලෝකයේ තිබුණ බල තුලනය නැතිකරලා, අද තනි බලවතා වෙලා එංගලන්තය , ප්‍රංශය හා එක්ව ලෝකයේ හැමදෙකටම ඇඟිලි ගහනවා. අපේ අය ඇමෙරිකාව ගැන ප්‍රශස්ති ගී ගායනා කරනවා. කෝ මේ චතුරි මැඩම්? එතුමිය දන්නවා ඇති හොඳට කොහොමද ඇමෙරිකාව කියලා. (නි)
කල දුටු කළ වල ඉහගන්න නොදන්නා කට්ටියනේ . (ත)
ඇමරිකාව වැනි ප්‍රබල රටක් සමග සමීපව කටයුතු කිරීමට ඇත්තටම හිතකරයි. (ත)
ඔබගේ පැමිණීම අපේ රටට , අපට ලොකු ගෞරවයක් , අතීතයේ සිටම අපේ දියුණුවට ආධාර කල රටක් ඇමරිකාව. ඔබගේ රටේ මෙන් නියම ප්‍රජාතන්ත්‍රවාදය අපටත් ලබා ගැනිමට උදව් කරන්න , දකුණු කොරියාව , ජපානය වාගේ අපවත් නැගී සිටින්නට අත දෙන්න (ත)
මොවුන් හරිම කැමතියි නැති බැරි අයට කන්න දෙන්න. ඉස්මුරුත්තාවට ඇවිත් වමාරනකොට තමයි කාපුවගේ රග තේරෙන්නේ. (ත)
හැමෝම හිතන්නේ ලංකාව කියන්නේ කාගෙවත් උදව්වක් ගන්නේ නැතිව නැගිටින්න පළුවන් රටක් කියලද ?(ත)
බොහොම හොඳයි. පරිස්සමෙන් ළංවෙන්න.. (ත)
මාකාවිට කුමාරි නම් නියමයි.එයාගේ අදහස් ගැන කියලා වැඩක් නැහැ (නි)
එන විදියෙන්ම තේරෙනවා මොකටද එන්නේ කියලා. (නි)
ඉරාකයට, ඇෆ්ගනිස්තානයට, වියට්නාමයට, උගන්ඩාවට මේ සියල්ලටම උදව්කළේ ඇමරිකාව තමයි. අරාබි වසන්තයක් ඇති කරනවා කියලා අල්කයිඩාවටත් වඩා දරුණු තත්වයක් අරාබිකරයට ඇති කළෙත් මොවුන්මයි. සුද්දෙක් දැක්කොත් වඳින පුරුද්ද නිසා අපේ මිනිසුන්ට ඉදිරියක් ගැන හිතන්න ඕනෑ නැහැ. මාකාවිට කුමාරි,ඔබතුමිය ග්‍රීන් කාඩ් එකකටවත් හීන මවනවද? (නි)
මොකද කුමාරි සුද්දෙක් කිව්වහම උන්හිටි තැන මතක නැතිවුණාද. ඇමරිකාව අපිට අතීතයේ සිට කළ උදව් ටිකක් හරියට කියන්නකෝ. (නි)
මේ අයගේ උදව් අපට වැඩක් නැත.කොටි ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරනවිට මේ අය මොකද කළේ? (නි)
ලිබියාව, ඉරාකය සහ සිරියාවට වගේ නම් උදවු අපිට එපා (නි)
කිසිම රටකට නැගිටින්න ඉඩනොදෙන,ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකළත් එය නැති එකම රට ඇමෙරිකාවයි. (නි)
ඉන්දියාවෙන් පරිප්පු දානකොට ජයවර්ධන ආණ්ඩුවට උදවු කළ හැටි අපිට මතකයි. (නි)
ඇමෙරිකාවේ හොඳ දේවල් තියෙනවා. නරක දේවල් තියෙනවා. පරිස්සමෙන් වැඩ කළයුතුයි (නි)
එකකාලයක් ලෝක බලවතා කියලා චීනා ළං කරගන්නකොට හැමෝම හොඳයි කිවුවා. නමුත් හොඳට බැලුවහම තේරෙනවා චීනා ජීවත්වෙන්නෙත් ඇමෙරිකාව ඇතුළු බලවත් රටවල් වලට බඩු විකුණලා හම්බකරන සල්ලි වලින් කියලා. නමුත් ඇත්තටම බලවතා හඳුනාගෙන අතරමැදියෝ අයින් කරලා කෙළින්ම බලවතා එක්ක ගනුදෙනු කරන්න යනකොට මේ මිනිස්සු බෙරිහන්දෙනවා. (නි)
ඒ වුණාට දිරච්ච ලණු දෙන එකනේ දිරවන්නේ නැත්තේ. ඇමරිකාව මොන රටටද උදවුකරලා නැගිටින්න අතදුන්නේ? (නි)
අනේ උදවු එපා. කොටියා පරදන්න ආයුධ කෑලි ටිකක් දෙන්න බැරි වුණ ඔයාලගේ උදවු අපිට ඕනෑ නැහැ (නි)
ලෝකයේ කිසිම රටකට ඇමරිකාව නිකන් උදවුකරලා නැහැ.ඕනෑම දෙයක් ගන්න. කිසිදේකට අත්සන් කරන්න එපා (නි)
ඇමෙරිකාවේ හැම හන්දියකම හිඟා කන මිනිස්සු ගැන පළමුව බලන්න (නි)
විශිෂ්ට කතාවක්. (නි)
මෙයාට කැමති ලංකාවේ සුළුතරයක් සිටිනවා. නමුත් ලංකාවේ වැඩි පිරිසක් එයට කැමති නැත. (නි)
මැදපෙරදිග ගැනත් ටිකක් සිතිය යුතුයි (නි)
ඔය උදව්වත් අරගෙන ඕන තුත්තුකුඩියකට යන්න. මේ පැත්ත පළාතේ එන්න එපා. (බ)
අනේ උදව් එපා. කරදර නොකර හිටියොත් ඇති (නි)
ඇමරිකාව විසින් අපේ රටට කළ හැකි ලොකුම උදව්ව නම් අපට අපේ පාඩුවේ ඉන්නට දී තමුන්ගේ වැඩක් බලාගැනීමයි. ඇමරිකාව සැබවින්ම තමුන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්නවා නම් අපට පමණක් නොව මුළු ලෝකයටම මෙයට වඩා යහපත් කල දවසක් යනු ඇත. දෙවියන් වහන්සේට වුව ලෝකය මෙයට වඩා යහපත් තැනක් ලෙස නැවත මැවීමට සිතුණහොත් නියත වශයෙන්ම ඇමරිකාවක් රහිතව ලොව මවනු ඇතැයි වරක් මගේ මිතුරෙකුද පැවසීය. (නි)
ඇමරිකාව අනුන්ට උදව් කරන්න කලින් තමුන්ගේ රටේ ඉන්න ගෙවල් නැතුව වාහනයේම නිදියන දරු පවුල් වලට ගෙවලුත්, කන්න නැති අයට කෑමත්, බොන්න වතුර නැති අයට වතුරත්, බේත් නැති අයට බේතුත් දීලා හිටියා නම් නරකද? අනුන්ගේ රටවල මානව අයිතිවාසිකම් ගැන හොයන වෙලාවේ තමුන්ගේ රටේ ආදීවාසින්ටයි කළු ජාතිකයින්ටයි විතරක් නෙමෙයි අනුන්ගේ රටවලට ගිහින් ත්‍රස්තවාදීන් අල්ලන්න කියලා තමුන් බලු බළලුන් වගේ තොග ගණනින් මරාදමන අහිංසක සිවිල් වැසියන්ටත් ඔය කියන මානව අයිතිවාසිකම් දීලා හිටියා නම් නරකද? (නි)
අමරිකාවේ උදව්වෙන් තමයි දකුණු කොරියව ජපනය දියුණු වුණේ. (නි)
සුපුරුදු පරිදි , එක කට්ටියක් ඒ අයගේ පක්ෂය වෙනුවෙන් අදහස් දක්වා ඇත. මේ අයට කවදා මොළය පෑදේදැයි සිතිය නොහැක. තමා කැමති පක්ෂය මොනවා කළත් , නොකළත් මොවුනට හරිය. මොවුන් හිතන්නේ දේශපාලනය යනු විද්‍යාවක් බවත් තම පක්ෂය තම ආගම ලෙස කටයුතු කළයුතු ලෙසත්ය. (නි)
ටෙනිසන්, මහින්ද, සෙනරත්, ප්‍රසන්න, ප්‍රනාන්දු සහ මධු, ඔයාලා කියන්නා වගේ ඇමරිකාව කාටවත් නැගිටින්න අත දීලා නැතුවා විතරක් නොවෙයි කාටවත් අතදෙන්න ඔවුන්ට පුළුවන්කමකුත් නැහැ. අනුන්ගෙන් ණයට කන ගරාවැටෙන ආර්ථිකයක්ද සහිත රටක් කොහොමද තවත් කාටවත් නැගිටින්න අතදෙන්නේ? හැබැයි ඉතින් අඩු නැතුව ගිනිගෙඩි නම් දෙයි. එයාලා ඉතින් ලෝකප්‍රසිද්ධ වෙලා තියෙන්නේම අනුන්ට ගිනි දෙන්නයි අනුන්ගේ දේ කඩා වඩා ගන්නයි විතරනේ. (නි)
සුදේශ්, ඇමරිකාවේ නරක ගැන නම් හැමෝම දන්නවනේ. ඉතින් ඇමරිකාවේ තියෙනවා කියලා ඔයා දකින ඔය හොඳ ගුණ මොනවාදැයි කියලා අපටත් කියා දෙනවද? (නි)
එක වගේ කුරුල්ලෝ එක අත්තේ ලගිනවා කියන්නේ ඕකට තමයි. (නි)
මාකාවිට කුමාරි නගෝ, අපට නැඟී සිටන්න අතදීම කොහොම වුණත්... මොකටද ඉතුරුටික කියන්න මගෙ කට? (නි)
සුමුදු හේවා මහතාණෙනි ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත් කාලෝචිත හා නැවුම් බවකින් යුක්තය. දන්නා අය දන්නවා ඇමෙරිකාව ලෝකේ කිසිම රටකට හොඳක් කරලා නැහැ කියලා. ජපානෙට , කොරියාවට ඇමෙරිකාව මොනවාද කරලා තියෙන්නේ? (නි)
අනේ! රට උකසට තබා ලබන සහන මොකටද දෙවියනේ? රට කැබලිකර ලබන සහන මොකටද? මේකටද අපේ විරෝධාර රණවිරුවන් ඇස් මස් ලේ දන්දුන්නේ? (නි)
මහානාම සුමුදුගේ පිට කහනකොට සුමුදු මහනාමගේ පිට කහනවා. අනේ හොඳයි. පත්තරය කියවන මහින්ද මහතාට මොනතරම් ප්‍රීතියක් ඇද්ද? හැබැයි ඇමෙරිකාවේ මහා කරුණාව අපිටත් සැකකටයුතුයි. ඒක නොකියාම බැහැ. (නි)
මහානාම , සුමුදු හේවා පුර්ණකාලීන දේශපාලන ලියන්නෙක්. ඔහුගේ රැකියාව ඒක වෙන්න ඇති. (නි)
ශාමිලා, ජපානයයි කොරියාවයි ගැන ඔය කියන කතාව සමස්තයක් හැටියට හරියටම හරි කියලා ඔයාට හොඳටම විශ්වාසද? ජපානයට බෝම්බ දැම්මේ අඟහරු ලෝකෙන් ඇවිල්ලද? කොරියන් යුද්ධය ගැන ඔයා මොකද කියන්නේ? (නි)
"මේ රට ඇත්තටම පාරාදීසයක්. මහා විශාල ස්වභාවික සම්පත් ප‍්‍රමාණයක් මේ රටේ තිබෙනවා." (නි)