ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් පිහිටා ඇති ස්ථාන හඳුනාගැනීමේ සමීක්ෂණයක් පැවත්වීමටත්, එය පදනම් කර ගනිමින් ඛනිජ සම්පත් සිතියමක් සැකසීමටත් සහාය ලබා දෙන බව ඔස්ට්‍රේලියානු කර්මාන්ත, නවෝත්පාදන සහ විද්‍යා අමාත්‍ය ආතර් සිනොඩිනොස් මහතා පැවසීය.
අමාත්‍ය සිනොඩිනස් මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස අතර ද්විපාර්ශවික සාකච්ඡා අද(15) කැන්බරා නුවර පාර්ලිමේන්තු මන්දිරයේ දී පැවති අවස්ථාවේ ශ්‍රී ලංකා පාර්ශවයෙන් කෙරුණු ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් එසේ පැවසූ සිනොඩිනස් මහතා නවෝත්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය විද්‍යාත්මක දැනුම ලබා දීමට ද තමන් සූදානම් බව කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුවන් ඔබ හරි. කටාර් වලට පස්සේ හොඳම ගෑස් තියෙන්නේ ලංකාවේ කිවේ. මමත් හිතුව නැවත මැද පෙරදිග යන්න ඕන නෑ කියල . බොරු කාරයෝ . ඡන්දේ එනකොට මෙයාලගෙ ගෑස් පහල වෙන්නේ . (අ)
ජයසිරි නෑඹිලියේ කිඹුල්ලු හොයන්න එපා. (බ)
එහෙනම් පොටකට එන්න වගේ හදන්නේ ආචාර්ය උපාධියකුත් දීල. සුද්ද කවදාවත් අනුන්ට ආදරේ කළේ නැහැ. පැපුවා නිව්ගිනියාවේ රත්තරන් ගැනත් වග බලගත්තෙත් මේ කට්ටිය තමා. (අ)
ලංකාවෙ තෙල් තියෙනවා කියන්නෙ 1970 ගණන්වල මැතිනිගෙ කාලෙ ඉඳල , හැබැයි තවම තෙල් බරලයක් තියා කුප්පියක්වත් ගත්තෙනම් නැහැ. (ම)
ලංකාවේ භූ ගර්භ විද්‍යාඥයන්ගේ විශේසඥ දෙනුම මෙයට සම්බන්ධ කර ගැනීම ඉතා වැදගත්. (ම)
පහුගිය රජයෙන් කිවුවා නේද මන්නාරම් ද්‍රෝනියේ මෙච්චර තෙල් තියෙනවා ගෑස් තියෙනවා කියලා ඒවා පට්ට බොරුද එහෙනම් අනික ගත්තෙත් නෑහෑනේ ගන්න වෙන රටකට දුන්නෙත් නෑහෑනේ.? (ර)
ඔව් එහෙම තමා කියන්නේ නිදි ගැන දැන ගත් වහාම ඒව කිසි කෙනෙකුට නොදන්වා ඒ ඉඩම් ඕස්ට්‍රේලියාවේ කොම්පැනි වලට විකුණන පුළුවන් වෙනත් කර්මාන්ත ස්වරූපයෙන්. (ර)