ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩා දියුණුව සඳහා චීනයේ දායකත්වය ලබාදීමට එරට ක‍්‍රීඩා ඇමැති ලියු පින්ග් මහතා එකඟතාව පළ කර තිබේ. 2008 වසරේදී දෙරට අතර අත්සන් කළ ද්විපාර්ශවික ගිවිසුමට අනුව චීනයෙන් මෙම සහයෝගය ශ්‍රී ලංකාවට දිගටම ලබා දෙන බවත් ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා සමග කොළඹදී පැවැති සාකච්ඡුාවකදී එකඟතාව පළ කර තිබේ.
මලල ක‍්‍රීඩාව, පිහිනුම්, වූෂු, ඉලක්කයට වෙඩි තැබීම, බැඞ්මින්ටන් සහ මේසපන්දු යන ක‍්‍රීඩා සඳහා චීනයෙන් පුහුණුකරුවන් ලබාදීමට චීන ක‍්‍රීඩා අමාත්‍යංශයේ එකඟත්වය එහිදී පළකර තිබේ.
චීනයේ විදේශ හා වාණිජ කටයුතු අමාත්‍යංශය විසින් ක‍්‍රීඩා උපකරණ තොගයක් මෙම වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවට ලබාදීමට ද එහිදී කැමැත්ත පළකර තිබේ.
නුවරඑළියේ ඉහළ උන්නතාංශ මලල ක‍්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කිරීමට අවශ්‍ය ආධාර ලබාගැනීම සම්බන්‍ධයෙන් ඉදිරිපත් කළ ව්‍යාපෘතිය පිළිබඳව චීන විදේශ හා වාණිජ කටයුතු අමාත්‍යංශය සමග සාකච්ඡා කරන බවද එහිදී චීන ක‍්‍රීඩා ඇමැතිවරයා දැනුම්දී තිබේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් ඉන්දියාවට විකුණල ඉතිරි ටික චීනෙට දෙමු..(ස)
වාසනාවන්ත ක්‍රීඩා ඇමතිවරයෙක්. (නි)
හොඳ ඉල්ලමක් පෑදුනේ , වටිනා නානාප්ප්‍රකාර ගල් ලැබෙන්නත් පුලුවන්..(ස)
අපි දන්නවා හොරේ. (නි)
වූෂු ක්‍රිඩාව නංවන්න නම් අරයා ඉන්නකම් බෑ. ඒක මහින්දානන්ද මහත්තයා දන්නවද දන්නෙ නෑ නේද?(ස)
ඇමතිතුමනි, කොහොමහරි ක්‍රීඩාවත් ගොඩදාගන්න බලමු. (නි)
ඔය දේවල් වලින් මතක හිටින පවතින වැඩක් කළොත් තමයි හොද. "ඒ කියන්නේ ක්‍රීඩාවට හොදේ. (නි)
ජනතා මුදල් නාස්ති නොකර ක්‍රීඩාව දියුණු කරාට කමක් නෑ..(ස)