ශ්රී ලංකාවේ ක‍්‍රීඩා දියුණුව සඳහා චීනයේ දායකත්වය ලබාදීමට එරට ක‍්‍රීඩා ඇමැති ලියු පින්ග් මහතා එකඟතාව පළ කර තිබේ. 2008 වසරේදී දෙරට අතර අත්සන් කළ ද්විපාර්ශවික ගිවිසුමට අනුව චීනයෙන් මෙම සහයෝගය ශ්‍රී ලංකාවට දිගටම ලබා දෙන බවත් ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා සමග කොළඹදී පැවැති සාකච්ඡුාවකදී එකඟතාව පළ කර තිබේ.
මලල ක‍්‍රීඩාව, පිහිනුම්, වූෂු, ඉලක්කයට වෙඩි තැබීම, බැඞ්මින්ටන් සහ මේසපන්දු යන ක‍්‍රීඩා සඳහා චීනයෙන් පුහුණුකරුවන් ලබාදීමට චීන ක‍්‍රීඩා අමාත්‍යංශයේ එකඟත්වය එහිදී පළකර තිබේ.
චීනයේ විදේශ හා වාණිජ කටයුතු අමාත්‍යංශය විසින් ක‍්‍රීඩා උපකරණ තොගයක් මෙම වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවට ලබාදීමට ද එහිදී කැමැත්ත පළකර තිබේ.
නුවරඑළියේ ඉහළ උන්නතාංශ මලල ක‍්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කිරීමට අවශ්‍ය ආධාර ලබාගැනීම සම්බන්‍ධයෙන් ඉදිරිපත් කළ ව්‍යාපෘතිය පිළිබඳව චීන විදේශ හා වාණිජ කටයුතු අමාත්‍යංශය සමග සාකච්ඡා කරන බවද එහිදී චීන ක‍්‍රීඩා ඇමැතිවරයා දැනුම්දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
57
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
132
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
932
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්රී ලංකාවේ ක‍්‍රීඩාව නංවන්න චීන රජයෙන් ආධාර රැසක්
වරුණ Wednesday, 26 September 2012 12:48 PM
ක්‍රිකට් ඉන්දියාවට විකුණල ඉතිරි ටික චීනෙට දෙමු..(ස)
ෂෙරීෆ් Wednesday, 26 September 2012 09:38 PM
වාසනාවන්ත ක්‍රීඩා ඇමතිවරයෙක්. (නි)
දයා, සෞදියේ සිට Thursday, 27 September 2012 02:55 PM
හොඳ ඉල්ලමක් පෑදුනේ , වටිනා නානාප්ප්‍රකාර ගල් ලැබෙන්නත් පුලුවන්..(ස)
චන්ද්‍රසිරි Wednesday, 26 September 2012 04:42 PM
අපි දන්නවා හොරේ. (නි)
ප්‍රසන්න Thursday, 27 September 2012 12:28 PM
වූෂු ක්‍රිඩාව නංවන්න නම් අරයා ඉන්නකම් බෑ. ඒක මහින්දානන්ද මහත්තයා දන්නවද දන්නෙ නෑ නේද?(ස)
සේනානායක Wednesday, 26 September 2012 11:57 PM
ඇමතිතුමනි, කොහොමහරි ක්‍රීඩාවත් ගොඩදාගන්න බලමු. (නි)
අනිල් Thursday, 27 September 2012 12:18 AM
ඔය දේවල් වලින් මතක හිටින පවතින වැඩක් කළොත් තමයි හොද. "ඒ කියන්නේ ක්‍රීඩාවට හොදේ. (නි)
සිල්වා Wednesday, 26 September 2012 11:07 AM
ජනතා මුදල් නාස්ති නොකර ක්‍රීඩාව දියුණු කරාට කමක් නෑ..(ස)