රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක කාන්තා ප්රචණ්ඩත්වය වැළැක්වීමට ගෙන ඇති පියවර විමර්ශනය කිරීම සඳහා කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය තුරන් කිරීම සඳහා වන එක්සත් ජාතීන්ගේ කමිටුව ලබන 13 වැනිදා සිට මාර්තු 03 වැනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී රැස්වෙන බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සඳහන් කරයි.
මෙම එක්සත් ජාතීන්ගේ කමිටුව රැස්වෙන ප්‍රථම දිනයේදීම ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ ලබන 22 වැනි දා සාකච්ඡා කරන බවද එම කාර්යාලය පවසයි.මෙහිදී ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් රජයේ නිලධාරීහු පිරිසක්ද සහභාගී වෙති.
ශ්‍රී ලංකාවට අමතරව යුක්රේනය ,අයර්ලන්තය ,ජෝර්දානය ,එල් සැල්වදෝරය ,ජර්මනිය ,රුවන්ඩාව සහ මයික්‍රොනීෂියාව යන රටවල් ගැනද සොයා බැලෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව පාකිස්තානේ කුවේටෙත් එක්ක සංසන්දනය කරලා තමන්ගේ තියන වැරදි අඩුපාඩු හංගගන්න හදන පුදුම මිනිස්සුන්ගේ අදහස් දැක්කම මෙහෙ ඉන්න දුවා දරුවන්ගේ අනාගතය ගැන බයක් දැනෙන්න ගත්ත, නියම පිරිමියෙක් කියන්නේ කාන්තාවන්ව ආරක්ෂාකරගන්න කෙනෙක් ඒ ගැන විවාදයක් නැහැ. බෙලහිනයන්ට එහෙම නොහිතෙනවා ඇති. (අ)
මේ අපේ රටේ සමහර කාන්තාවන්ට මුහුණ වහගෙන බිල්ලෝ වගේ යන්න වෙලා තියන එක ගැන වෙන්න ඇති කියන්නේ. එතකොට මැදපෙරදිග රටවල්? (නි)
මමත් කාන්තාවක්. ඒත් අපේ රටේ කාන්තාව අනික් ගොඩක් රටවල් එක්ක බැලුවම නිදහසේ ඉන්නවා. අරාබි රටවල් දිහා බැලුවාම පේනවා කාන්තාවට මොනතරම් කැත විදිහට සළකනවද කියලා. ඒ අතින් ලංකාව ඉතා උසස්. අපේ රටවල්වල හොඳ දේවලුත් නරක හැටියට පෙන්නන්න හදන එක ගැන නම් දුකයි (නි)
කාන්තාව තමන්ගේ ඇග පසඟ සහ ලස්සන මුළු ලෝකෙටම පෙන්නන එක මෝස්තරයක් වෙච්ච සමාජයක සහ එම කාන්තාව දිහා කෙල හල හලා බලන්න කැමති සමාජයකට වගේම ඒ නිසාම ඒ කාන්තාවන්ට නොයෙක් හිරිහැර මෙන්ම දුෂණයන්ට පවා ලක්වෙච්ච සමාජයක, කාන්තාවක් විනීතව ඇඳගෙන යාමත් අනුන්ගේ ගෑනුන්ට කෑදරවෙන පිරිමින්ට ප්‍රශ්නයක් තමා. (බ)
හිනා යනවා අපිට මේවට. මහපාරේ කාන්තාවෝ මරනවා පොඩි වැරදි වලට අරාබියේ.. (නි)
කාන්තාවන්ගේ ඇඳුම් නිසා අතවරයට ලක්වනවා නම් අවුරුදු දෙක තුනේ සිඟිත්තන්, වයසක ආච්චිලා අතවරයට ලක්වෙන්නේ කොහොමද? මැදපෙරදිග ගෘහ සේවිකාවන් හිංසනයට ලක්වෙන්නේ ඔය විනීතව ඇඳගෙන යන කාන්තාවන්ම පමණක් දකින ඒ රටේ පිරිමින්ගෙන් නේද? (නි)
කිත්සිරි, ඇයි ඉන්දියාව, පකිස්තානය? බලන්න දැනුත් යු ටියුබ් එකේ තියෙනවා. පාකිස්තානේ අයිය කරපු ස්ත්‍රී දුෂණයට ප්‍රදේශයේ ප්‍රධානියා දීපු දඬුවම තමයි විත්තිකාරයාගේ නංගිව (අවුරුදු 13) සමුහ දුෂණයට ලක්කරන්න කියල නියෝග කිරීම. ඒ ගැහැණු ළමය ලේ පෙරාගෙන මැරෙන්න වැටිලා ඉන්න කොට පොලිසියෙන් ගිහින් යන්තම් බේරාගෙන තියෙන්න. (බ)
මේ විෂය තරමක් සළකා බැලියයුතු කරුණක්. මෙය ලෝකයේ දියුණුමයි කියන රටවලත් අදටත් සිදුවෙනවා. සිදුවනවායයි කියන හිංසනයන් සම්බන්ධව නීති මඟින් ඒ ඒ රටවල උපරිමව කටයුතු කරන අතර වැරදිකරුවන්ට දඩුවම් පමුණුවන එකත් සිදුවනවා. සමස්තයක් වශයෙන් ලෝකයේ සියලුම රටවල සිදුවන්නේ එකම දේ නම් ඇයි අපේ රට ගැන විතරක් විශේෂයක්. මේ ගැන අපේ රටේ කාන්තාවන් එකතු වී මතවාදයක් ගොඩනැඟිය යුතුයි. එ්ත් එක පාර්ශවයක් පමණක් නොවෙයි. කෙනෙක් අඳින ඇඳුම් ගැන කතා කළාට ඒ ගැන කතා කරන්න කාන්තාවන්ටම දීම හොඳයි. (නි)
අපිට සාමාන්‍යයෙන් ඇඟේ තියෙන පරාල ඇණයක් නොපෙනුනාට, අනුන්ගේ අල්පෙනිති හොඳට පේනවා. ලෝකෙ හදන්න කලින් අපි හැදෙමු. අපේ සාරධර්ම දියුණු කරමු. දැන් තොරතුරු පනතත් තියෙන නිසා පොඩ්ඩක් හොයලා බලන්න අපේ රටේ දවසකට කීදෙනෙක් දුෂණය වෙනවද, කීදෙනෙක් ගබ්සා කරනවද, ළමයින් කීදෙනෙක් අපචාර වෙනවද, මත්කුඩුවලට ඇබ්බැහි වෙනවද කියලා. මේ ගැන සංවේදීව හිතුවොත් ඒ අපරාධ සම්බන්ධයෙන් අපෙන් දී ඇති දායකත්වය මොකක්ද, ඒ අපරාධ නවත්වන්න හෝ වළක්වන්න සමාජය වෙනුවෙන් වගේම රට වෙනුවෙන් අපි කර ඇති දායකත්වය මොකක්ද කියලා පොඩ්ඩක් හිතන්න. (නි)
අනේ මන්දා! අපි නම් බලන බොහොමයක් පිටරට පත්තරවල තියෙන කාන්තා හිංසනය දැක්කහම ලංකාවේ කොයි තරම් හොඳයිද කියලා හිතෙනවා. මෑත ඉතිහාසයේ ගැහැණු ළමයි සමුහ දුෂණය කරපු ඉන්දියාව පැත්තකවත් නැහැනේ. (නි)
අරාබි රටවල්, සෞදි වගේ යන කාන්තාවන්ට දස වද දීලා මරලා දානවා. මොන සාකච්චාවත් නැහැ. (නි)
ජිනීවා කියනකොටත් ඇතිවෙන්නේ සැකයක්. (නි)