තිසර පෙරේරාගේ (19/3) සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ (14/3) විශිෂ්ට පන්දු යැවීමෙන් ඉන්දීය පිල ලකුණු 138 කට සීමාවීම නිසා සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ අද (24) පැවැති දෙවැනි තරගයෙන් (දිවා/රාත‍්‍රි) ශ‍්‍රී ලංකා පිල කඩුලූ 9 ක පහසු ජයක් ලැබීය. ශ‍්‍රී ලංකා පිල මෙම ජයග‍්‍රහණයත් සමග තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම කිරීමට සමත් විය. ඉන්දියාව ඕවර 33.3 කදී සියලූ දෙනා දැවී 138 (ගෞතම් ගාම්බීර් 65, විරේන්ද්‍ර සෙවැග් 15, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 21, ලසිත් මාලිංග 36/2, තිසර පෙරේරා 19/3, ඇන්ජලෝ මැතිව්ස් 14/3) ශ‍්‍රී ලංකාව ඕවර 19.5 කදී කඩුලූ 1 ක් දැවී 139 (උපුල් තරංග නොදැවී 59, තිලකරත්න ඩිල්ෂාන් 50)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර පළවෙනි තරගෙදි කෑ ගහපු කට්ටිය කවුරුවත් පෙන්න නැනේ ..(ස)
මැතිව් සහ තිසර ඔබ දෙපලට තව ගොඩක් දුර යන්න තියෙනවා....(ස)
තිසරට විතරක් කියල මදි මැතිව්ස්ට මොනවද ?(දී)
ඉන්දියාවට අපේ සිංහ පැටවුන්ගේ දස්කම් පෙන්වපු එකම ඇති. (නි)
නියමයි.. එස්.එල්.පී.එල්. වලට එන්න බෑ කිව්වට ඉන්දියාවට පරදන්න ඕන මතක හිටින විදිහට...(නු)
ඊයේ නම් කණ්ඩායම් හැගීමෙන් හොදටම සෙල්ලම් කළා. (නි)
තිසරට තවත් හොදින් ක්‍රීඩා කිරීමට දිරිය ලැබේවා! (නි)
තිසර මැතිවි ලංකාවේ ක්‍රිකටි වල අනාගතය......(ස).
විශිෂ්ඨ ලාංකීය සිංහයින්ට සුභ පැතුම්! (නි)
ලංකාදීප කතෘතුමනි, ඔබ සියළු දෙනා මම අගය කරමි. (නි)
තිසර පෙරේරා .... අනේ කොල්ලෝ වඳීන්නම් අජන්ත මෙන්ඩිස් වගේ ෆෝම් එක නම් බස්සා ගන්න එපා ... ඔය යන විදියටම යමු හොඳේ ... ජයවේවා....................(ස)
ඊලග එකටත් ඕකම කරමු (දී)
ඔන්න අපේ අයගේ වැඩ ......(ස)
අළු යට ගින්ද තියෙනවා....ඉන්දියාව කියන්නේ ඕන වෙලාවක ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් ටීම් එකක්.....3 වෙනි මැච් එක තමයි භයානකම..සුභ පැතුම්....(ස)
අනේ දැන් හිතන්න එපා අපි තමයි වැඩකාරයෝ කියලා. මේක දිනුවා කියලා අනිත් ඒවා සුළුවෙන් තකන්න එපා....සැලසුම් කරලා සෙල්ලම් කරමු.....ඔබ සැමට ජය.....(ස)
නියමයි (දී)
සුභ පැතුම් ලයන්ස්...!!(නු)
තිසරට කණ්ඩායමේ දිගටම රැදී සිටීමට අපේ සුභ පැතුම්! (නි)
ශ්රී ලාංකීය පුතුන්ගේ වැඩ විශිෂ්ඨයි. (නි)
ශ්රී ලංකා පුතුන්ගේ වැඩ නියමයි . හොදින් සෙල්ලම් කරන්න තිසර ඔබට ජය ! (දී)
ඔයාල සැමටම තුණුරුවන්ගෙ පිහිටයි.. ඉදිරියටත් ජය වේවා.. තිසරට තව තවත් අවස්ථා ලබා දෙන්න..මහේලටත් ජය.. සංගා ඔබටත් ජය.. අන්ජලෝ කවදත් හොදයි.. මාලිංග තව ටිකක් හිතන්නකෝ.. ලංකාදීපයටත් ජය වේවා..!!(නු)
අද රාත්‍රියේම තෙල් මිල වැඩිකරයිද?(නු)
ඉතා හොදයි.. ඉතා හොදයි.. සුභ පැතුම්..!!(නු)
තිසරට මම සුභ පතනව අපේ අනාගත ක‍්‍රිකට් තරුව(නු)
නියමයි සිංහ පැටවුනේ! (නි)
නියමයි සිංහයිනේ! (නි)
සුභපැතුම්..!! ඉතිරි ටිකත් පරිස්සමින් ජයගමු..!!(නු)
තිසර ඔහොම යමු (අ)
තිසර පෙරේරා නියමයි..!!(නු)
තිසර අපේ සුභපැතුම්..!!(නු)
නියමයි ඔහොම යං... ඔහොම යං..(නු)
ඉතිරි තරගත් මේ අන්දමෙන් ජයගැනීමට අපේ ලක් පුතුන්ට ශක්තිය ධෛර්යය ලැබේවා. (ත)