ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට පමණක් දෙවැනි වන ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ලබන වසරේ ජුනි මස 6 වැනිදා එංගලන්තයේදී ඇරැඹෙයි. හත්වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලිය ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරග ඉතිහාසයේ අවසන් තරගාවලියද වේ.
1998 වසරේදී ආරම්භ වු ශූරයන්ගේ කුසලාන තරගාවලිය ලෝක කුසලාන තරගාවලියෙන් පසුව වසර දෙකකට වරක් සංවිධානය කෙරේ. අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව (අයි.සී.සී.) ලබන වසරේ සිට ලෝක කුසලාන ටෙස්ට් ශූරතාවලිය ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බැවින් එතැන් සිට ශූරයන්ගේ කුසලාන තරගාවලිය ක‍්‍රියාත්මක නොවේ.
2008 වසරේදී ශූරයන්ගේ කුසලාන තරගාවලිය පාකිස්තානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණ ද, ආරක්‍ෂක හේතූන් මත තරගාවලිය 2009 වසර දක්වා කල් දැමිණ. අවසන් වරට දකුණු අප‍්‍රිකාවේදී පැවැති එම තරගාවලියෙන් ඕස්ටේ‍්‍රලියාව ජය ගත්තේය. නවසීලන්තය අනුශූරතාව හිමිකරගත්තේය.
2013 තරගාවලියේ මුලික වටයේදී ශ්‍රී ලංකාව ‘ඒ’ කොටසින් තරග වදියි. ඕස්ටේ‍්‍රලියාව, එංගලන්තය සහ නවසීලන්තය ‘ඒ’ කොටසට අයත් සෙසු රටවල් වේ. ඉන්දියාව, පාකිස්තානය, දකුණු අප‍්‍රිකාව සහ බටහිර ඉන්දිය කොදෙව් ‘බී’ කොටසට ඇතුළත්වේ.
ශ්‍රී ලංකාව ජුනි මස 9 වැනිදා නවසීලන්තය සමග පළමු තරගයට සහභාගිවේ.
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශී‍්‍ර ලංකාව - ඕස්ටේ‍්‍රලියාව - එංගලන්තය - නවසීලන්තය ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ‘ඒ’ කාණ්ඩයට වැටෙති
ලක්මාල් Saturday, 25 August 2012 09:26 AM
හොඳ තීරණයක්..(ස)
නීල් Friday, 24 August 2012 05:59 PM
කපුට ලංකාව වෙනුවෙන් මේ පිළ මෙහෙයවන්න බැරිද? (නි)
ජූඩි Friday, 24 August 2012 11:59 AM
තෝරු මෝරු සමඟ හාල්මැස්සෝ........... (ස)
යොහාන් Friday, 24 August 2012 01:08 PM
දැන්ම සිට සූදානම් වෙන්න..නැත්නම් දන්නවනේ ?????? (ස)
මිගාර Friday, 24 August 2012 02:08 PM
නවක ක්‍රීඩකයන්ට අවස්ථාව දැන්ම ඉඳලම ලබාදීලා හොද කණ්ඩායමක් හදාගන්න ඕනේ.මැතිවිස් ට නායකත්වය ලබාදීලා 2016 ලෝක කුසලානයේ නායකත්වයට පෙරහුරුවක් විදියටත් ගන්න හොද අවස්ථාවක් (ස)