ශ්රී ලංකාවේ උපත ලබා ඇමරිකා ගුවන් හමුදාවේ සේවය කළ එහි ප්‍රධාන බලයලත් නිලධාරී සුරේෂ් එන්.ඒ.කෘසේ ඇෆ්ගනිස්ථාන මෙහෙයුමකදී සඳුදා රාත්‍රියේ සිදුවූ ගුවන් අනතුරකින් මියගොස් තිබේ. බ්ලැක් හෝක් වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගිනිගෙන කඩාවැටීමෙන් සුරේෂ් ඇතුළු ඇමරිකා හමුදා නිලධාරීන් හත් දෙනකු, ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක හමුදාවේ තිදෙනකු සහ සිවිල් වැසියකු දෙනකු ද මියගොස් ඇතැයි ඇමරිකා හමුදාව පවසයි. නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේදී වෙඩි තබා හෙලිකොප්ටරය බිම දැමූවේයැයි තලෙයිබාන් සටන්කාමීන් ප්‍රකාශ කළ ද ඇමරිකාව පවසන්නේ යානයේ අනතුරට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති බවයි. මියයන විට 29 හැවිරිදි වියේ පසුවූ සුරේස් 2007 පෙබරවාරි 01 දා ඇමරිකා හමුදාවට එක්ව 2009 ජුනි 22 දා සිට බ්ලැක් හෝක් ගුවන් නියමුවෙකු වූවේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
සුදු අයිය හමුදාවේ සෙබෙලක් වෙලා ගිය දවස මට තවම මතකයි ඒදා සතුරන්ගේ ගෙරවිල්ල වැඩි වූ නිසා යුද වැදුන ජීවිතය මේ ලෙස පුදා ... ලක් සොයුරාණනි ඔබට නිවන් සුව පතමි .(ස)
ඇයි මෙහෙම පුද්ගලයන් ගැන කියන්න මැරෙනකල්ම ඉන්නේ? ඔබට නිවන් සුව! (නි)
ලොව ජයගත් විරුවණි, ඔබට මගේ උත්තමාචාරය .(ස)
නිවන් සුව
ජයවේවා
තලෙයිබාන් සංවිධානයට එරෙහිව සටන් කර මියගිය ඔබ සැබෑ වීරයෙක්. (නි)
දුකයි
ඔබට නිවන් සුව
අයියෝ සල්ලි
ඔබට නිවන් සුව සහ අපේ ගෞරවය! (නි)
මොනවා වුණත් අපේ කොල්ලෙක් (නි)
ලංකාවේ වගේ නෙමෙයි, මෙහේ යුධ හමුදාවටයි, නාවික හමුදාවටයි දෙකටම ගුවන් බලය තියෙනවා. (නි)
ඇමෙරිකාව වෙනුවෙන් යුද්ධ කිරීම මිනීමැරුමකට සමානයි. (නි)
ශ්‍රීසර, ඔබ නිවැරදියි (නි)
නිලංග හරි. (නි)
ඔබ ගැන අපිට ආඩම්බරයි සර්....(ස)
මාගේ ආචාරය! (නි)
නිරෝෂි ඔබ හරි..(නු)
නිරෝෂි ඔයා හරි..!!(නු)
රමීස්ගේ අදහස ඒක නම් මූලධර්මවාදී අය මේ ලෝකයේ මිනී කන්දක් ගොඩ ගහනකල් බලන් ඉන්න කියලද කියන්නේ? (නි)
ඔබට නිවන් සුව පතමි. (නි)
නිරෝෂි, සතෙක්ගේ වුණත් ජීවිතය වටිනවා. (නි)
අනේ අපරාදෙ...!!(නු)
ලාංකික සහෝදරයෙක් විදියට ඔබ ගැන අපට ආඩම්බරයි. (නි)
ඔබට නිවන් සුව පතනවා! (නි)
මම මීට කලින් සුරේෂ් ගෙන ගැන සියලු විස්තර ඇතුළත් කරා. නමුත් ඒක තවම පළනොවීම ගැන මට කනගාටයි (අ)
ලෝකයේ සම්මත රැකියාවක් කල ඔබට නිවන් සුව පතමි...!
නිවන් සැප (දී)
සමහරුන්ට නම් ටිකක් හිතට අමාරුයි වගෙයි නේද? (නි)
සොල්දාදුවන් කවදාවත් නොමැරේ..(ස)
ඔබ සදාතනික වීරයෙකි....(ස)
අනේ පව්
ඔබට නිවන්සුව ලැබේවා...(ස)
ශ්රී ලාංකිකයෙකු වශයෙන් අපිට ආඩම්බරයි...ඔබට නිවන් සුව...(ස)
මේවා යුද්ධයේදී සාමාන්‍ය දේවල්. (නි)
අයියෝ! හරිම කණගාටුයි. (නි)
ආඩම්බරයි ඔබ ගැන. (නි)
ඔබට නිවන් සුව! (නි)
මාත් එක්ක එකට වැඩ කරන කොල්ලෙක්, අපරාදෙ නැති වුණා. (ත)
නිවන් සුව
සුරේෂ් අපේ රටටත් ආඩම්බරයක්. (ත)
ඔබට නිවන් සුව. (ත)
මා මේ දක්ෂ නියමුවාගේ මරණය ගැන ශෝකවෙනවා. නමුත් එක දෙයක් කිවයුතුයි.තුන්වෙනි ලෝකයේ ඉපදිලා තුන්වෙනි ලෝකයටම විරුද්දව යුද්දෙට ගොස්. මෙය දැනට තුන්වෙනි ලෝකය මුණ දෙන ලොකු ප්‍රශ්නයක්. දැනට ඇමරිකාවේ, එංගලන්තේ සහ අනිත් දියුණු රටවල විශ්වවිද්‍යාලවල තුන්වෙනි ලෝකයේ හොඳම මොළ නොයෙක් සොයාගැනීම් කරනවා, පර්යේෂණ කරනවා. දියුණු රටවල් මේ සොයාගැනීම් බොහෝ දුරට යොදාගන්නේ තම ආධිපත්‍යය ලොව පූරා පැතිරවීමට. නොයෙක් ස්වභාවික සම්පත් ඇති තුන්වන ලෝකයේ රටවල් තමන්ට නතු කර ගැනීමට, හොඳින් හෝ නරකින් හරි. මෙය ඉතා කණගාටුදායකයි. (ත)
නියම කොල්ලෙක්නේ. ඔබට නිවන් සුව. (ත)
සාමදානයෙන් සැතපේවා....(ස)
බලවත් ශෝකය.....(ස)
අපේ රටේ යුද්ධය වෙනුවෙන් මියගිය අපේ රණවිරුවෝ මීට වඩා වටිනවා.....(ස)
ඔබට නිවන් සුව ලැබේවා! ජාති ජාතිත් මෙවැනි අකල් වියෝවක් නොවේවා! (නි)
නිවන් සුව
ලොව ජයගත් විරුවණි, ඔබට මගේ උත්තමාචාරය .(ස)...
ආඩම්බරයි ඔබ ගැන....(ස)
අයියෝ සල්ලි
සුරේෂ් ගුවන් හමුදා නිලධාරියෙක් කිවුවට ඇඳලා ඉන්නේ යුද හමුදා යුනිෆෝම් එකක් නේද ?
රට වෙනුවෙන් නොව ජාතීන් වෙනුවෙන් යුද්ධ කරන රටවල්වල සේවය කිරීම පවක්....(ස)
සමහර ප්‍රතිචාර දැක්කහම ලංකාවෙ කොච්චර පිස්සු 'පොරවල්' ඉන්නවද කියලා හිතෙනවා. එකෙක් කියනවා තුන්වෙනි ලෝකෙ ඉපදිලා තුන්වෙනි ලෝකෙට එරෙහිව යන එක විශාල ප්‍රශ්නයක්ලු. තව කවුද කියනවා, අපේ රට වෙනුවෙන් මැරුණු අය මීට වඩා වටිනවලු. සමහරු කියනවා අපේ රටට ආඩම්බරයිලු. මිනිහෙකුගේ ජීවිතයට වටිනාකමක් දෙන්න ඒ මිනිහගේ පැටිකිරිය හොයන, මරණෙට ශෝක වෙන්න, පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන මිනිස්සු තමා මේ. පළවෙනි ප්‍රතිචාරය දාල තියෙන ශානක වගෙ හිතන අය අඩුය. ශානකගෙ ප්‍රාර්ථනයම මගෙත් ප්‍රාර්ථනයයි. ඔබට නිවන් සුව!!! (නි)
නිලංග ඔබ හරි....(ස)
අයියො මිනිස් ජිවිත
සාමදානයෙන් සැතපේවා....(ස)
1. අපේ රටේ යුද්ධය වෙනුවෙන් මියගිය අපේ රණවිරුවෝ මීට වඩා වටිනවා..... 2. රට වෙනුවෙන් නොව ජාතීන් වෙනුවෙන් යුද්ධ කරන රටවල්වල සේවය කිරීම පවක්.... ඇත්ත ..මමත් ඔබ දෙදෙනාගේ කතාවට එකඟයි....(ස)
ඔබ දක්ෂ නිලධාරියෙක්..ඒක සතුටක්..නමුත් ඔබ කවුරු වෙනුවෙන්ද සටන් කරේ....ඒකයි දුක...(ස)
ශෝකයක් ඇත ආඩම්බරයක් නැත - කුමාර ඔබ හරි අපේ රටේ යුද්ධය වෙනුවෙන් මියගිය අපේ රණවිරුවෝ මීට වඩා වටිනවා,.(ස)
සුරේෂ් කෲස් ගැන වැඩි විස්තර හොයද්දි දැනගන්න ලැබුනා ඔහු ඇමරිකාවෙ පාසල් අධ්‍යාපනය ලැබුවෙක් බව. බොහෝ විට ලංකාවෙ ඉපදුනාට සුරේෂ් කුඩා කලම ඇමරිකාවට යන්න ඇති. වාසගම අනුව බැලුවාම සුරේෂ් ගෙ පියා ඇමරිකානු ජාතිකයෙක් වෙන්නත් පුලුවන්. ඉතින් ඔහු තමන්ගේ රට ඇමරිකාව හැටියට සැලකුවා නම් ඒක වැරදිද? ලංකාවේ ඉපදිලා නාසා ආයතනයේ වැඩ කිරීම ආඩම්බරයක්. ඇමරිකානු හමුදාවේ සේවය කිරීම පවක්?අනේ මන්දා....(ස)