ලබන ඉරිදා පැවැත්වෙන ලන්ඩන් මැරතන් ධාවන තරඟය සඳහා ඉදිරිපත්වන ඩේවිඩ් ස්ටේසි එමඟින් උපයාගන්නා සියලුම මුදල් ශ්‍රී ලංකාවේ ආබාධිත සහ වරප්‍රසාද නොලත් දරු දැරියන්ට උපකාර කිරීමට පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වෙයි.
සැතපුම් 26 දුර දිවෙන ලන්ඩන් මැරතන් තරගය ලෝකයේ විශාලම ක්‍රීඩා තරගයකි. මෙවර ඒ සඳහා 35,000ක් පිරිසක් සහභාගී වීම සඳහා ලියා පදිංචි වී ඇත. මේ සියලු දෙනාම වාගේ තරඟය සඳහා ඉදිරිපත් වන්නේ ඒ ඒ අය විසින් තෝරාගන්න විවිධ සරණායතනයන් සඳහා ආධාර එකතු කිරීමේ පරමාර්ථයෙනි. මෙලෙසින් ආධාර මුදල් එකතුකර ගනු ලබන්නේ හිත මිතුරන් මෙන්ම විවිධ ආයතනවල අනුග්‍රාහකත්වය ලබාගැනීම තුලිනි. වෘත්තියමය මට්ටමේ ධාවන ශූරීන්ද සහභාගී වන මෙම මැරතන් තරඟයේ වැඩි දෙනා විනෝදයට සහ පරෝපකාරය සඳහා සහාය වීමේ අභිලාසයෙන් ඉදිරිපත් වන්නේ වෙති. තරඟය සඳහා ඉදිරිපත්වන බොහෝදෙනා කෙලෙසින් හෝ මුළු දුර ප්‍රමාණයම අවසන් කිරීමට උත්සාහ කරති. ලන්ඩන් මැරතන් තරඟයේ මුළු දුර ප්‍රමාණයම දිව්වාය යනුවෙන් සාඩම්බරයෙන් කීමට බොහෝදෙනා ආශා කරති. ඩේවිඩ් ස්ටෙසි මෙවර තරඟයට සහභාගී වන්නේ දොස්තර එම්.බී.රණතුංගගේ ආරාධනාවකට අනුවය. ඔහුගේ මිත්‍රයන් වන චෙස්ටේර් ප්‍රදේශයේ කෙනත් සහ එලෙසබත් හේස් ද මේ සඳහා අනුග්‍රාහකත්වය සපයති. දොස්තර රණතුංග සමඟ ශ්‍රී ලංකාවට කිහිප වරක්ම ගොස් ඇති ඔවුන් දෙදෙනා , ෆොස්ටර් හාර්ට්ලි ව්‍යාපෘතිය, යන නමින් පිහිටුවා ඇති සංවිධායෙන් වසර ගණනාවක සිට ශ්‍රී ලංකාවේ විවිධ පළාත්හි සමාජීය හා සුභසාදන වැඩකටයුතු බොහෝ ගණනක් ක්‍රියාත්මක කර ඇත.
ලන්ඩන් මැරතන් තරඟයේදී ඩේවිඩ් ස්ටේසි එකතුකරගන්නා මුදල් මෙවර ශ්‍රී ලංකාවේ ආබාධිත සහ වරප්‍රසාද නොලත් දරු දැරියන් හට පිහිට වීමේ වැඩපිළිවෙළ කිහිපයක් සඳහා යොදාගැනීමටද ඔවුන් බලාපොරොත්තු වෙති.
මේ අතර පසුගියදා බොස්ටන් මැරතන් තරඟයේදී සිදුවූ බෝම්බ පිපිරීම නිසා මෙවර ලන්ඩන් මැරතන් තරඟය සඳහා වෙන කිසිදාටත් වඩා දැඩි ආරක්ෂක විධි විධාන යොදවන බව බ්‍රිතාන්‍ය පොලිසිය නිවේදනය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු ලෝකෙටම ආදර්ශයක්. බුදුසරනයි ඔබට! (නි)
ඔබතුමා අතින්ම ඕවා බෙදලා දෙන්න. නැත්නම් හොරාකයි ඒකත්. ඔබතුමා අතින්ම බෙදුවත් ගියාට පස්සේ මොනවා වෙයිද කියලත් මට විශ්වාස නැහැ. එහෙම රටක් මේක. (නි)
මේ ආධාරත් දෙන්නේ පිටරැටියෙක්නේ. මම හිතුවේ ලංකාවේ සිංහල එකෙක් කියලා. (නි)
දහසක් තුති උතුම් මැරතන් කරුවාට.. ලක්වැසි බැරි දරුවො වෙනුවෙන් දුවනවාට.. ජය පැරදුම කුමක් වූවත් ඉරිදාට.. ස්ටේසි ඔබ දිනුම් තරඟෙන් සැමදාට... (නි)
ඔබට සියලු දෙවි පිහිටයි. තෙරුවන් සරණයි. පිරිසුදු හිත පණ්ඩිතයන්ගේ කතාවලින් උපදෙස් වලින් කැත කර නොගෙන හොඳ සිතෙන් කරන දෙය කරන්නට ඔබට දිරිය සවිය වාසනාව. (ස)
ඔබ දෙපොලගේ අධිෂ්ඨානය සඵල වේවා! ස්තුති ප්‍රශංසා වේවා! ඔබලට බොහෝ පින්! (නි)
රට වෙනුවෙන් ආභාධිත අයට සේවයක් කිරීමට ඉටාගත් දොස්තර රනතුංග ඔබ තුමාටත්, බ්‍රිතාන්‍ය මිතුරන්ටත් නිදුක් නිරෝගී දිගාසිරි පතමු! (ස)
ලොකු දෙයක්. නමුත් සමහර ආධාර වලට වෙච්ච දේ වගේ දේවල් වෙයිද දන්නේ නැහැ. (නි)
ශ්‍රී දළදා හිමි සරණින් ඔබේ බලාපොරොත්තුව ඉටුවේවා..! (නි)
ඩේවිඩ් මේ තෑගී ඔයාම බෙදල දෙන්න නැත්නම් ලංකාවේ හොරු ටික එකත් සාක්කුවට දමා ගනීවි (ස)
බොහොම පින් ඔබට! (නි)
ඔයාට ජේසු පිහිටයි.. ! ගිම්හානි කියපු කතාවට මාත් එකඟ වෙනවා.(ස)
ඔබ වැනි උතුම් පින් සිතුවිලි ඇති අය අප සමාජයට ගෙන දෙන්නේ ආදර්ශයක්. ඔබ ඔබේ රටට වඩා මගේ රටේ අසරණයින් ගැන සිතන එක පිළිබදව මට ඔබට ස්තූති කරන්න චවන නැහැ. (නි)
ඔබ වැනි උතුම් පින් සිතුවිලි ඇති ය අප සමාජයට ගෙන දෙන්නේ ආදර්ශයක්. ඔබ ඔබේ රටට වඩා මගේ රටේ අසරණයන් ගැන හිතන එක පිලිබදව මට ඔබට ස්තුති කරන්න වචන නෑ ඇත්තටම.. (ස)