කොළඹදී පැවැත්වෙන අටවැනි ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ අවසන් පුර්ව තරගයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ මැලේසියාව ලකුණු 67/58 කින් පරදවා අවසන් මහා තරගයට අද (30) සුදුසුකම් ලැබුහ. මේ දක්වා පැවැති ආසියානු දැල්පන්දු තරගාවලි හතෙන් හතරකම ශූරතාව දිනා සිටින ශ්‍රී ලංකාව අවසන් වරට 2009 වසරේදී මැලේසියාවේ පැවැති තරගාවලියේද ශූරතාව දිනා ගත්තේය.
එවර අනුශූරතාව දිනාගත් සිංගප්පුරුව හෙට (31) පස්වරු 3.30 ට කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග තරග වදියි.
මැලේසියාව සමග ඊයේ පැවැති පළමු අවසන් පුර්ව තරගයේදී තර්ජනී සිවලිංගම් සිය උසින් උපරිම වාසිය ලබා ශ්‍රී ලංකා පිලේ ජය ගෙන දුන්නාය. තර්ජනී, ශ්‍රී ලංකා පිල ලබාගත් ලකුණු 67 න් ලකුණු 65 කම අයිතිකාරිය වුවාය. ලෝකයේ සිටින දැල්පන්දු විදින්නියන් අතර පෙරමුණේ සිටින තර්ජනීගේ උස අඩි 6 අඟල් 10 ක් වේ. ශසිකා සමරසිංහ උත්සාහයන් දෙකම සාර්ථක කර ගත්තාය.
ශ්‍රී ලංකා පිල පළමු වටය 15/11, දෙවැනි වටය 16/16 ක්, තෙවැනි වටය 18/15 ක් සහ අවසන් වටය 18/16 ක් ලෙස වට හතරම ජය ලැබීය. අයි. සයිසානා උත්සාහයන් 47 කින් 39 ක්ම සාර්ථක කර ගෙන මැලේසියානු පිලේ වැඩිම ලකුණු ලබාගත් ක‍්‍රීඩිකාව වුවාය.
ශ්‍රී ලංකා පිල තරගාවලියේ මුලික වටයේ ‘ඒ’ කාණ්ඩයෙන් තරග කළ අතර එහිදී හොංකොං පිල ලකුණු 81-38 කින් ද, ඉන්දියාව ලකුණු 85-29 කින් ද, නේපාලය පරදවා (ලකුණු 127/3 ක) වාර්තාගත ජයක් ද ලැබීය. මුලික වටයේ අවසන් තරගයේදී ජපන් කණ්ඩායම ලකුණු 110/8 කින් පරාජය කළ ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ අපරාජිතව අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ.
සිංගප්පුරුව සහ හොංකොං පිල අතර අද පැවැති දෙවැනි අවසන් පුර්ව තරගයෙන් සිංගප්පුරුව ලකුණු 57/27 ක ජයක් ලැබීය.
රටවල් 10 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියට නේපාලය, බෘනායි සහ ජපානය අලූතින්ම එක්ව සිටින රටවල් වේ. ශ්‍රී ලංකාව හැරුණුවිට සිංගප්පුරුව, මලයාසියාව, ඉන්දියාව, මාලදිවයින, පාකිස්තානය තරගාවලියට එක්ව සිටින සෙසු රටවල් වෙයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර කළත් අඩුම තරමේ අවසන් තරඟය සජීවීව රුපවාහිනියේ පෙන්නන්න දක්ෂතාවයක් සහ හැකියාවක් තිබුණේ නැහැනේ. ඒ අතින් අපි කොච්චර දුර්වලද ? (නි)
තර්ජනී, ශෂිකා, ගයාත්‍රි ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමට සුභ පැතුම්! (නි)
ඔලිම්පික් වලට නෙට්බෝල් නැත්තේ ඇයි? (නි)
විශිෂ්ටයි. (නි)
තර්ජනී, ඔබ ලෝකයේ අති විශිෂ්ටම නෙට්බෝල් ක්‍රීඩිකාවයි. (නි)
කමෝන් ශ්‍රී ලංකා නෙට්බෝල් ටීම් (නි)
කොරියාවේ ඉන්න අපි සැමගෙන්ම සුභ පැතුම් අපේ කෙල්ලන්ට. (නි)
තර්ජනී, ඔබ අවසන් තරගයේදිත් ප්‍රතිවාදීන්ට තර්ජනයක්ම වෙන්න.ඔබට ජය නියතයි. (නි)
ශිවලිංගම් නැගණියට මගේ සුභ පැතුම්! බලන්න, ද්‍රවිඩ වුණත් අපේ රට වෙනුවෙන් සෙල්ලම් කරන හැටි? ඒක තමයි කියන්නේ 'එක කොඩියක්, එක ජාතියක්' කියලා. (නි)
පෙරටම යමු ලංකා. සුබ පැතුම් නෙට්බෝල් ක්‍රීඩිකාවනි. (නි)