IMG-LOGO

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගයට

කොළඹදී පැවැත්වෙන අටවැනි ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ අවසන් පුර්ව තරගයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ මැලේසියාව ලකුණු 67/58 කින් පරදවා අවසන් මහා තරගයට අද (30) සුදුසුකම් ලැබුහ. මේ දක්වා පැවැති ආසියානු දැල්පන්දු තරගාවලි හතෙන් හතරකම ශූරතාව දිනා සිටින ශ්‍රී ලංකාව අවසන් වරට 2009 වසරේදී මැලේසියාවේ පැවැති තරගාවලියේද ශූරතාව දිනා ගත්තේය. එවර අනුශූරතාව දිනාගත් සිංගප්පුරුව හෙට (31) පස්වරු 3.30 ට කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග තරග වදියි. මැලේසියාව සමග ඊයේ පැවැති පළමු අවසන් පුර්ව තරගයේදී තර්ජනී සිවලිංගම් සිය උසින් උපරිම වාසිය ලබා ශ්‍රී ලංකා පිලේ ජය ගෙන දුන්නාය. තර්ජනී, ශ්‍රී ලංකා පිල ලබාගත් ලකුණු 67 න් ලකුණු 65 කම අයිතිකාරිය වුවාය. ලෝකයේ සිටින දැල්පන්දු විදින්නියන් අතර පෙරමුණේ සිටින තර්ජනීගේ උස  අඩි 6 අඟල් 10 ක් වේ. ශසිකා සමරසිංහ උත්සාහයන් දෙකම සාර්ථක කර ගත්තාය. ශ්‍රී ලංකා පිල පළමු වටය 15/11, දෙවැනි වටය 16/16 ක්, තෙවැනි වටය 18/15 ක් සහ අවසන් වටය 18/16 ක් ලෙස වට හතරම ජය ලැබීය. අයි. සයිසානා උත්සාහයන් 47 කින් 39 ක්ම සාර්ථක කර ගෙන මැලේසියානු පිලේ වැඩිම ලකුණු ලබාගත් ක‍්‍රීඩිකාව වුවාය. ශ්‍රී ලංකා පිල තරගාවලියේ මුලික වටයේ ‘ඒ’ කාණ්ඩයෙන් තරග කළ අතර එහිදී හොංකොං පිල ලකුණු 81-38 කින් ද, ඉන්දියාව ලකුණු 85-29 කින් ද, නේපාලය පරදවා (ලකුණු 127/3 ක) වාර්තාගත ජයක් ද ලැබීය. මුලික වටයේ අවසන් තරගයේදී ජපන් කණ්ඩායම ලකුණු 110/8 කින් පරාජය කළ ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ අපරාජිතව අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ. සිංගප්පුරුව සහ හොංකොං පිල අතර අද පැවැති දෙවැනි අවසන් පුර්ව තරගයෙන් සිංගප්පුරුව ලකුණු 57/27 ක ජයක් ලැබීය. රටවල් 10 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියට නේපාලය, බෘනායි සහ ජපානය අලූතින්ම එක්ව සිටින රටවල් වේ. ශ්‍රී ලංකාව හැරුණුවිට සිංගප්පුරුව, මලයාසියාව, ඉන්දියාව, මාලදිවයින, පාකිස්තානය තරගාවලියට එක්ව සිටින සෙසු රටවල් වෙයි. තර්ජනී සිවලිංගම්, මැලේසියාව සමග අද පැවැති තරගයේදී ලකුණක් ලබා ගනිමින්........... (ඡායාරූපය: සුමින්ද සුදර්ශණ)



අදහස් (0)

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගයට

පියල් Friday, 31 August 2012 01:14 PM

කොච්චර කළත් අඩුම තරමේ අවසන් තරඟය සජීවීව රුපවාහිනියේ පෙන්නන්න දක්ෂතාවයක් සහ හැකියාවක් තිබුණේ නැහැනේ. ඒ අතින් අපි කොච්චර දුර්වලද ? (නි)

:       0       0

බිමල් Friday, 31 August 2012 02:58 AM

තර්ජනී, ශෂිකා, ගයාත්‍රි ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමට සුභ පැතුම්! (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 31 August 2012 01:47 PM

ඔලිම්පික් වලට නෙට්බෝල් නැත්තේ ඇයි? (නි)

:       0       0

බ්‍රීස් Friday, 31 August 2012 05:55 AM

විශිෂ්ටයි. (නි)

:       0       0

උදිත Friday, 31 August 2012 07:10 AM

තර්ජනී, ඔබ ලෝකයේ අති විශිෂ්ටම නෙට්බෝල් ක්‍රීඩිකාවයි. (නි)

:       0       0

හංසි Friday, 31 August 2012 05:01 PM

කමෝන් ශ්‍රී ලංකා නෙට්බෝල් ටීම් (නි)

:       0       0

එරංග Thursday, 30 August 2012 07:44 PM

කොරියාවේ ඉන්න අපි සැමගෙන්ම සුභ පැතුම් අපේ කෙල්ලන්ට. (නි)

:       0       0

හේමන්ත Thursday, 30 August 2012 08:12 PM

තර්ජනී, ඔබ අවසන් තරගයේදිත් ප්‍රතිවාදීන්ට තර්ජනයක්ම වෙන්න.ඔබට ජය නියතයි. (නි)

:       0       0

අනුර Thursday, 30 August 2012 08:45 PM

ශිවලිංගම් නැගණියට මගේ සුභ පැතුම්! බලන්න, ද්‍රවිඩ වුණත් අපේ රට වෙනුවෙන් සෙල්ලම් කරන හැටි? ඒක තමයි කියන්නේ 'එක කොඩියක්, එක ජාතියක්' කියලා. (නි)

:       0       0

විශ්ව Thursday, 30 August 2012 10:33 PM

පෙරටම යමු ලංකා. සුබ පැතුම් නෙට්බෝල් ක්‍රීඩිකාවනි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 411 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 88 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 275 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site