ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 91 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය සමත් විය.
මෙම තරගයේදී ලද පරාජයත් සමග ශ්‍රී ලංකාව මෙවර ආසියානු කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසිවිය.
තරගයේ වැඩිදුර තොරතුරු සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු කුසලාන තරගාවලියෙන් විතරක්නම් බැරිය. අනාගතයේ මුහුණ දෙන්නට වෙන සේරම තරඟවලිනුත් අත්වෙන ප්‍රතිඵලය ඕකම තමයි. ඔට්ටු ඇල්ලිල්ලයි ක්‍රිකට් ගැහිල්ලයි කලවන් කර ගත්තහම ඔහොම වෙනවා.
සියල්ල අයාලෙ ගිය රටක ක්‍රිකට් විතරක් හරි පාරේ යන්න විදියක් නෑ ආයුබෝවන්ඩ.....
එල කිරි
සමහරු අවසානවතාවට ලකුණු 10 ලබාගෙන තිබුන කාලේ පෙට්‍රල්117ලු.
මොවුන්ට නිරපරාදේ ලබාදෙන පහසුකම් මුදල් කපාහැර එම මුදල් අනිකුත් ක්‍රිඩා සඳහා යෙදවිය යුතුය.
ආව ගියෝ අදත් කෑව.
ජයවේවා.!
ලංකාවේ ක්‍රිකට්වල වලගම තවත් සනාථ කරන අවස්ථාවක්. ඔබට දැන් සතුටුද ?
නිවැරදි නොවන නායකත්වය සහ කළමනාකාරිත්වය සමග හතුරුසිංහ පමණක් කුමක් කරන්නද.? හරියට අපේ රට වගේ...
බලාපොරොත්තු වුන වෙනස ඒකයි.... දිනාගෙන දිනාගෙන ආවා. දැන් පැරදීගෙන පැරදීගෙන යනවා.
යන්තම් ඒ වැඩෙත් ඉවරයි තමන්ගේ වැඩක් බලා ගන්න පුළුවන්.
අපගේ කණ්ඩායමේ සටන්කාමිත්වයක් මෙන්ම තැනට ඔබින ලෙස ක්‍රීඩා කිරීමට නොහැකිවීම පිලිබදව අපගේ බලවත් කනගාටුව. ජය පැරදුම ක්‍රීඩාවේ ලක්ෂණයක් මෙන්ම එය දරා ගැනීමටද හැකිය, නමුත් මෙසේ අනිසිලෙස මෙන්ම නොසැලකිලි ලෙස තරගයන් පුජා කිරීම නම් කිසිසේත් පිළිගත නොහැක.
නායකත්වය කොතරම් දුර්වලද කියලා තරඟාවලි ගණනාවකදී පැහැදිලි උනා. පන්දමක් ද දන්නේ නෑ. අනෙක බොහෝ ක්‍රීඩකයින්ගේ පන්දු රැකීම ඉතාමත් ම දුර්වලයි. ලංකාවේ බිහි වූ දුර්වල ම පන්දු රැකීමේ කණ්ඩායම මෙයයි.
හොද වෙලාවට නේපාලි කණ්ඩායම හිටියෙ නැහැ... හිටියානමි එයාලගෙනුත් කනවා.
මේකට කියන්නෙ අපේ ජනපති තුමාගේ භාෂාවෙන් ජාත්‍යන්තරය දිනාගත්තා කියලා.
එදා ලෝක ශුරයන් උනත් අද අපිට වෙච්ච දේ පේනවා නේ.
ක්‍රිකට් ක්‍රීඩාවෙ හෝඩිය අමතකකොට තමන්ගෙ රටගැන නොහිතන අයට, මේවට වියදම් කරන මුදලෙන් රටේ එදා වෙල නැතිව ඉන්න අසරණ මිනිසුන් කීදෙනෙකුට කන්න කන්න බොන්න පුළුවන්ද, ඒ වගේම කොපමන දක්ෂ ක්‍රීඩකයන් ප්‍රමාණයක් එලියෙද, මෙයාලට පැරදුනත් සල්ලි දිනුවත් සල්ලි, අපේ කණ්ඩායම් කිසිම විනයක් නැහැ මූලික හේතුව එ්ක.
දැන් ඉතා පැහැදිලියි. ප්‍රශ්නේ තියෙන්නේ පුහුණුකරුගේ නෙවෙයි. ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයේ...
යහපාලනය තුලින් ක්‍රිකට් ක්‍රීඩාව මෙවන් අභිමානවත් පියවරක් කරා ගෙන ඒමට දායක වූ සැමට තුති.
අපට ක්‍රිකට් එපා ඕක කාලය නාස්ති කරන එක්තරා පන්තියක් පුම්බන මෙලෝරහක් නැති විකාරයක් ( අද වෙනකොට)
අම්මෝ දැන් ඉතින් පිළිගැනීමේ උත්සවයක් සුදානම් කරන්න අපේ වීරයන් පිළිගන්න. අපිට තිබුන සිහිනය සබැ උනා... (මෙහෙමවත් හිතලා හිත හදාගන්න)
ඇන්ජෙලෝ මැතිව්ස් නායකයා විදිහට ඉන්න කොට අපේ කණ්ඩායමට කිසිම වාසනාවක් නෑ . තමාට වඩා කණ්ඩායම හිතන වාසනාවන්ත නායකයෙක් ඉන්න ඕන තරඟ දිනන්න.
කමක් නෑ. මහවැලි අන්තර් කලාප කප් එක උස්සමු.
සමන් K, වෑසිකිලි යන්නෙත් දේශපාලනේ ඈදගෙනද? යහපාලනයයි, ක්‍රීඩකයන්ගෙ හෑකියාවයි දෙකක් කියලා තේරෙන්නෙ නෑති සම හරක් ඉන්නවා.
ඔක්කොම අයින් කරලා දාලා අලුත් කණ්ඩායමක් හදන්න වෙනවා. පුහුණුකරු කෙනෙක් පිට රටකින් ගෙන්න වෙනවා. ඒවගේම ක්‍රිකට් ආයතනය අලුතින් පත් කරන්න වෙනවා. එහෙම නැතිවනම් ලංකාවේ ක්‍රිකට් නැවත ගොඩ ගන්න බැහැ කවදාවත්...........
හතුරුසිංහ නෙමෙයි කොයි කවුරු ආවත් මේ යන විදිහට කණ්ඩායම ගොඩගන්න අමාරුයි. පළමු වටයෙන්ම ඉවත් උන එක හොදට ගියා ක්රිඩාලෝලින්ගේ ලේ කුපිත කරන්නේ නැතුව.
ශ්‍රී ලංකාවේ විදුලිය සහ මිනිසුන්ගේ කාලය ඉතුරුයි ජය වේවා.
අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට දැන් කරන්න තියෙන්නේ බංගලාදේශ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන හැටි බලාගෙන ඉන්න එකයි.
අපි දැන් බංගලින් නයි නටවන හැටි බලමු.
මාලිංගට දැන් ගෙදර යන්න කාලෙ හරි...
දැන් ලංකාවේ ක්‍රිකට්වලට සම්බන්ධ වෙලාඉන්න ඔක්කොම සල්ලිවලට කෑදරයිනේ...
මේ ක්‍රීඩකයින් ශක්තිමත් නැහැ. මොවුන්ට දෙන ගෙවීම් 50% කපා හරින්න. ඉන්නවානම් ඉන්න කියන්න නැතිනම් යන්න කියන්න. ඈත ගම් පළාත්වල ඉන්න ශක්තිමත් තරුණයින් 50ක් තෝරාගෙන පුහුණු කරන්න.අනිවාර්යයෙන්ම අපි දිනනවා.