ප‍්‍රංශයේ දිනපතා පළවන හා නොමිළේ බෙදා හරින ඩිරෙක්ට් මැතෑන් නම් පුවත් පතේ 12 වෙනි සඳුදා කලාපයේ ශ්‍රී ලංකාවේ හමුදා කුමන්ත‍්‍රනයක් සිදුවීමට ගිය බව සඳහන් පුවතක් පළවී ඇත්තේය.
පසුගියදා මෛත‍්‍රීපාල සිරිසේන මහතා නව ජනාධිපති වෙමින් අවසන් වූ ජනාධිපතිවරන ප‍්‍රථිපල අවසන් වීමට ප‍්‍රථම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුදා කුමන්ත‍්‍රණයකින් එම ධුරයේ නැවත වරක් රැඳී සිටීමට ගත් උත්සහායක් පොලිස්පති තුමා හා හමුදාපති ප‍්‍රතික්ෂේප කළ හෙයින් එම උත්සහාය අසාර්ථක වූ බව නව රජයේ මාධ්‍ය ප‍්‍රකාශක හෙළිකර ඇති බව ඉහත ප‍්‍රංශ පුවත් පතේ පුවතක් ලෙස පළවී ඇත්තේය. මෙම පුවත් පත දිනකට ලක්ෂ තුනක් පමණ පාඨකයෝ කියවති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා ඉතින් දෙමළ ඩයස් පෝරාවට ඕන විදියට පලවන ඒවා කියල තේරුම් ගන්න කොට නැව ගිහිල්ල තියේවි. (ස)
මේක සහගහන බොරුවක්. කාටත් ඕනෑ මහින්දට මඩ ගහන්න (නි)
දැන් සනීප ඇති සමහරුන්ට (නි)
විදෙස් මාධ්‍ය වලට හොඳ ඉවක් තිබෙනවා. නමුත් අපේ රටේ සමහරු ඇත්ත පිළිගන්න අකමැතියි (නි)
ඔය කියන ආකාරයේ මෙහෙයුමක් තිබුනානම් ජෝන් කෙරීගෙ ,ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ප්‍රකාශයෙන් (සාමකාමී අපක්ෂපාති මැතිවරණයක් බව ) පස්සේ 10 වෙනිදා ,ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා විසින් නිකුත් කළ නිවේදනය කාගේත් අවධානයට යොමු කරමි.(බලන්න ලංකාදීප 10 වෙනිදා 12:37:34 ) එයින් කියවුනේ මහින්ද රාජපක්ෂ සාමකාමී ලෙස බලය අතහැර ඉවත් වීම ප්‍රජාතන්ත්‍රවාදයට ලබාදුන් විශාල ආදර්ශයක් බවයි. ප්‍රශ්නය වන්නේ එවැනි කුමන්ත්‍රණයක් තිබුනේ නම් ඒ ගැන සඳහන් නොකර ඉඳීවිද යන්නයි. අනෙක් අතින් ඔවුන්ගේ බුද්ධි සේවාව අපේ රටේ වගේ දුර්වල තත්වයකද තියෙන්නේ (ආප්ප කාල ගියත් දැනගන්න බැරිඋනා මෛත්‍රී අනෙක් පැත්තේ ප්‍රතිවාදියා බව ) ඉතින් ඇමෙරිකාව එහෙමද ? මේවා මඩ ප්‍රචාර, බුද්ධියෙන් විමසා තීරණ ගත යුතුයි .(බ)
ලැජ්ජාවේ බැහැ. කොච්චර හැන්ගුවත් දැන් ඉතින් ඉවරයි. (බ)
මාධ්‍ය ප්‍රකාශක කියපු එකක්නෙ මේ කියන්නෙ. ඒකාලේ, සමහරු මොනතරම් අසත්‍ය ප්‍රකාශ, මාධ්‍ය ප්‍රකාශණ වලින් කිව්වද? අර කාගෙද පින්තූරයක් වෙනකාගෙද ඔලුවකට සවිකරපු එකටත් පරීක්ෂණයක් පටන් ගත්තනේ? අනේ මන්ද මේ සංස්කෘතිය කවදා වෙන්ස්වෙයි ද කියලා. (අ)
මේ කතාව ඇත්ත.මහා රජ හැදුවේ බලෙන් පුටුවේ ඉන්න. වැඩේ බැරි උන තැන රනිල්ගේ පිහිට පැතුවා.හෙමිට එලියට ගිහිල්ල දැන් අලුත් ගේමක් ප්ලාන් කරනවා. මමනම් මේ තරම් බල තණ්හාවෙන් ඉන්න පුද්ගලයෙක් දැකලම නැ. මතක තියාගන්න, ලංකා ඉතිහාසේ පළවැනි වතාවට බලේ හිටපු ජනාධිපති කෙනෙක් චන්දෙන් පැරදිලා ගෙදර ගියේ. එකෙන්ම හිතාගන්න පුළුවන් මිනිස්සුන්ට කොච්චර මෙයාව එපා වෙලා තිබ්බද කියල. (බ)
මෛත්රීපාල ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමන්ට ස්තුති කළා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව. හිටපු ජනාධිපතිතුමා කවදාවත් ඒ වගේ මෝඩ වැඩක් කරන්නේ නැහැ කියල අපි හැමෝම දන්නවා. හැබැයි මම ජන්දේ දැම්මෙත් මෛත්‍රීට (බ)
මහින්ද මහත්තයාව ආපසු ගෙනෙන්න ඕනේ කියල මේකට ප්‍රතිචාර දාන පුද්ගලයෝ හොඳට මතක තියාගන්න ඔබලා කරන්නේ රටට ද්‍රෝහිකමක් කියලා ......ඔහු ඡන්දෙ පටන්ගත් දවසේ සිට එය අවසානය දක්වා පමණක් කල ක්‍රියාකාරකම් ගෙන බෙලුවොත් ඔහු රටේ නායකත්වයට නොව ගෙදරක වැඩකාරයාටවත්ත් තියාගන්න වටින්නේ නැහැ..(අ)
ඔය මාධ්‍ය ප්‍රකාශක නේද කිවුවේ කේපී රටින් පැන්නුව කියල. ඔය යස අගේට ඉන්නේ කිලිනොච්චියේ. (බ)
මගේ ඇඟේ ලේ රත්වෙනවා (නි)
හිටපු මහින්දට වඩා කට්ටිය ගිය මහින්දට බය වෙලා..හතර හන්දි පුට්ටු වෙන්නේ මහින්ද මහත්තය මහා මැතිවරණයට ඉදිරිපත් වුනාම තමයි.ඒ වෙනකොට මිනිස්සුනට කරගත්තු මෝඩකම අවබෝධ කර ගන්න කාලේ වැඩිත් තරම්. (බ)
ඕක හරියටම අහගන්න වෙන්නේ අහවලාගෙන් තමයි. එයයි ඔය කුමන්ත්‍රණ ගැන හොඳටම දන්නේ (නි)
පුමුද වැඩේ කියන්නේ පවිත්‍රයි,අකිලයි එකම අදහසම ලියලානේ! (නි)
ඇයි ඔච්චර දුර යන්නේ...? 12/01/2015 ඩුබායි ගල්ෆ් එකෙත් දාලා තිබුණා. (නි)
හරිනේ! දැන් ප්‍රංශයත් දැනගත්තා. (නි)
අනේ, අනේ අනේ මෙහෙම රටක් (නදී)
අනේ බන්දුල පෙරේරා රට ගිහින්ද. හිටියනම් මොනවා කියිද කියල අපි බලන් ඉන්නේ. (බ)
ලෝචන මම ගැතිවීමක් වෙලා නැහැ. නමුත් සත්‍ය එ්කම තමයි. ඇඟිල්ල දික්කරල හඳ පෙන්නනකොට මගේ ඇඟිල්ල දිහා බලන්න එපා. බටහිරට බැන බැන හිටි දේශප්‍රේමින් ඡන්දෙන් පස්සේ පැදුරටත් නොකිය බටහිරටම හොරෙන් ගියහැටි ලොවම දැක්කා. (නදී)
අයිමත් ඡන්දෙකට අවොත් ලක්ෂ 57ක් නෙමෙයි ඡන්ද 57ක්වත් ගනීද මන්දා මේවා අහනකොට (නදී)
කුමන්ත්‍රණය කුමක්ද කියන එක තේරුම්ගන්නට සෑහෙන කල්යාවි. හැබැයි එතකොට ප්‍රමාදත් වැඩිවේවි. (නි)
සමහරු උත්සාහ ගන්නවා එවැනි කතාවක් හදලා ලෝකයට පෙන්වන්න හිටපු ජනාධිපතිව කුමන්ත්‍රණකරුවෙක් කියලා.මොකද හිටපු ජනපති තවමත් මිනිසුන් අතර සිටිනවා. මේක සමහරුන්ට ලොකු ප්‍රශ්නයක්. (නි)
මේ කියන දේවල් පිටුපස සිටින්නේ කවුරුන්දැයි අපි දන්නවා (නි)
රට බේරගත් ඡන්දදායකයාට ජයවේවා!!! (නි)
ඉතින් බොරුනේ... නේද? (නි)
ඔය කියන අය පසුගිය කාලය පුරාම දැඟලුවා මහින්ද මහතාව අමාරුවේ දාන්න. මානව හිමිකම් ආවා. ඒත් හරිගියේ නැහැ (නි)
මේක එතුමාට කරන මඩ ව්‍යපාරයක් වෙන්න බැරිද? (නි)
කුමන්ත්‍රණය කුමක්ද කියන එක තේරුම්ගන්නට සෑහෙන කල්යාවි. (නි)
මොන ඉවක්ද නුවන්, සමහරු තවමත් අඬ අඬානේ ඉන්නේ. (නි)
චන්ද්‍රා, ඔයා කිලිනොච්චියේද ඉන්නේ? කේ. පී. ගෙදරම ඉන්නවද? (නි)
හිටපු මහින්දට වඩා කට්ටිය ගිය මහින්දට බය වෙලා..හතර හන්දි පුට්ටු වෙන්නේ මහින්ද මහත්තයා මහා මැතිවරණයට ඉදිරිපත් වුනාම තමයි.ඒ වෙනකොට මිනිස්සුනට කරගත්තු මෝඩකම අවබෝධ කර ගන්න කාලේ වැඩිත් තරම්.තව මේ වගේ පුවත් පලවීම අරුමයක් නෙමේ.(හේ)
මම ඉන්නෙත් බටහිරට අයිති ඉංග්‍රීසි භාෂාව මවුබස වෙන රටක. මෙහෙ ඔය කතාව නැහැ. මේ රට ත්‍රස්තවාදයට විරුද්ධ නිසා වෙන්න ඇති. ප්‍රංශය කියන්නේ අලුත්ම කොටි ගුහාවයි. ඒ නිසා කතාව ආවේ කොතනින්ද කියලා හරියට හිතන්න. (නි)
අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න වලට සැමවිටම බටහිර උදව් අවශ්‍ය බවට සිතන ගතිය නිසා රටට තමයි අපහාසය. (නි)
මේවා ගැන මට කියන්න දෙයක් නැහැ. (නි)
යුද්ධේ කාලේදී ලංකාවට විරුද්ධව කුමන්ත‍්‍රණ කලේ කවුද කියලා ඒ පත්තරේට කියලා දෙන්න අපිට පුළුවන්. (ර)
මේවා හංගන්න බැහැ. අද සමාජජාල වෙබ් අඩවි වලින් බොහොම ඉක්මණින් පුවත් යනවා. (නි)
බන්දුල පෙරේරා මෙතන වෙනත් නමකින් ලියල තිබෙනවා. පුළුවන් නම් සොයා ගන්න. එයා දැන් වෙනදා වගේ පල් හැලි නොලියා හින් සීරුවේ තමයි අදහස් ලියන්නේ. (ස)
බන්දුල පෙරේරා දැන් හොඳට "පවිත්‍ර " වෙලා වගේ . අනේ හොඳයි. (ස)
පනස් අටලක්සයක් විරුද්දව සිටිනබව අමතක කරන්න එපා. (ස)
ඕවා ලෝකයටම යනවා, එෆ්.බී. , ට්විටර්, වෙබ් පුවත් මාර්ගයෙන් (නි)
මේ ගැන හැමෝම දන්නවා. ඔබට අනාගතයේදී දැනගැනීමට පුළුවන් (නි)
රට ගිලගන්නට, බෙදන්නට හදන කුමන්ත්‍රණකරුවන් ඉදිරියේ "වෙස්සන්තර රජ්ජුරුවන්ට" වඩා "කැකිල්ලේ රජ්ජුරුවන්" හොදයි. මේක තමයි තිත්ත ඇත්ත. (හේ)
බටහිරට ඕනෑ විදියට නටන්න අවශ්‍ය නැහැ. අපි හොඳ බෞද්ධයෝ. අපි පැවතුනේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ,අනගාරික ධර්මපාලතුමාගෙන්. ඒ නිසා හොඳට ගුණදහම් දන්නවා.අපේ මවුබිමට අපි හැමදා ණයගැතියි. (නි)
ඇමෙරිකාව අපේ රටට මොකද මේ තරම් ආදරේ දන්නේ නැහැ.ඉන්දියාව අපේ රටට බලහත්කාරයෙන් ඇතුලුවෙලා පරිප්පු දාපු වෙලාවේ ඇමෙරිකන් හිතවාදීන් කවුරුත් උදවු කළේ නැහැ අපිට. අන්තිමට අපි චීනය පැත්තට හැරුන නිසා යුද්ධය කරන්නත් උදවු කළා.දැන් අපි නැවතත් අංශක 180 හැරිලා පරණ පාරේ යන්නද හදන්නේ? (නි)
මහින්ද මහතාගේ ට්විට්ර් පණිවුඩයේ සඳහන් වෙලාව බලන්න. (නදී)
මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ ශ්‍රේෂ්ඨත්වය කාටවත් විනාශ කරන්න බැහැ. ලංකාවේත්, විදේශ රටවලත් එතුමාට විරුද්ධව බොරු ප්‍රචාරක කටයුතු එදත් කළා, අදත් කරනවා. මේවා බුද්ධියෙන් තේරුම් ගත යුතුයි. එතුමාගේ අගය කවුරුත් තේරුම් ගත යුතුයි. (බ)
මොනවද දෙවියනේ මේ කතා? (නි)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියනවලුනේ (නි)
සමහරක් හිතන්නේ විදෙස් පුවත්පත් වලින් කියපුවාම ඔක්කොම හරි කියල.ලෝකේ ගැන තියෙන දැනීම එකෙන් පේනවා.ඔය බී බී සී, සී එන එන , ෆොක්ස් නෙව්ස් කියවල බලන්න.උන් හොයන්නෙම චීනේ,රුසියාවේ වැරදි. ලංකාව ගැනත් එහෙම තමා. (ස)
ශ්‍රේෂ්ඨ රජවරු හොරකම් කරන්නේ නෑ නේ.(ෙහ්)
මෙම ලිපියම ලන්ඩනයේ නොමිලේ බෙදාහරින මෙට්‍රෝ පුවත්පතේ පළවී තිබුනා (නි)
'කුසගිණි දැනුනට ඉදුල් නොකව් තණකොල නොබුදිති සිංහ පැටව්'.(හේ)
මොන දේ වුණත් අපිට බටහිර රටවලින් කිසිම සහයෝගයක් ලැබුනේ නැහැ.හැමදාම හිටියේ හරහට. (නි)
මේ ගැන වෙනත් රටවල පත්තරේක යන්න තරම් බරපතල වුනාද?(හේ)
කරුණකරලා මේ ගැන ලංකාවේ ජනතාව දැනුවත් කළා නම් නේද හොඳ? (නි)
කිසිදු දෙයක් සදාකල් නැහැ අනිත්‍යයි (නදී)
දැන් හරිනේ! හැමෝම දැනගත්තා. ලැජ්ජාවේ බැහැ. (නදී)
මහින්ද ඔයා පත්තර බලන්නේ නැද්ද? බලන්න ඩේලි මිරර් (නදී)
මේ කුමන්තුණයට සම්බන්ධ සියලුම දෙනාට නිසි දඬුවම් දෙන්න (නි)
කුමන්ත්රණ කළේ කවුද කියල අපි දන්නවා (නදී)
නුවන්, බටහිර ගැතිවෙන්න එපා. මේවා කාගේ වැඩද කියලා තේරුම්ගන්න ඔයාලට ටිකක් කල්යාවි. (නි)
මේ රටේ මිනිස්සුන්ට දැන් නම් හොදටම අමතකවෙලා මහින්ද මහත්තයා නොඉන්න අපි සේරම අද කොහෙද. එතුමා කියූ දේ කලා. (හේ)
ඇමෙරිකාව අපේ රටට මේ තරම් ආදරේ නිසා නේ බැසිල් වත් අරගතේ. (ස)
මොනවා උනත් ලංකාවේ, දැන් කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන උසස් නිලධාරීන් ඉන්න එක ගැන බොහොම සන්තෝසයි.....(ස)
රට දියුණු වෙන්න පටන්ගත් දා ඉදල බටහිර රටවලින් අපිට කෙනෙහිලි කම් කලා. හමුදා කුමන්ත්‍රණයකින් රට අල්ලන්න නම් කාලසීමවටත් කලින් ජනාධිපතිවරණයක් තියන්න ඕනේ නැහැනේ. හැමෝම බටහිර රටවලට ආවඩන්නේ නැතිව නිතරම ලාංකිකයන්ගේ පැත්ත ගන්න. (නදී)
මේකේ තියෙන්නේ නව රජයේ මාධ්‍ය ප්‍රකාශක කිව්වා කියලා. මේ පුවත ගෙතුවේ මොකටද කියල නොවහැටෙන්න මේ රටේ ඉන්නේ මි හරක් නෙමෙයි. කොහොම උනත් කට්ටිය හිටපු මහින්දට වඩා ගිය මහින්දට බයේ දගලනවා වගේ පේන්නේ. (නදී)
සම්පූර්න ප්‍රතිඵල කීමටත් පෙරම තනතුර බාරදුන් බව රනිල් අගමැතිතුමා කීවෙ වැරදිලා.(බ)