ශ්රී ලංකාව සිය ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව නොවැම්බර් 22 දින රාත්‍රී 9.30ට චීනයේ ෂින්චෑන්ග් අභ්‍යාවකාශ මධයස්ථානයෛන් උඩුගුවනට යැවීමට නියමිතය. චීන රොකට්ටුවක් ආධාරයෙන් යවන මේ චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවට ඉහලින් කක්ෂගත කිරීමට නියමිතය. චීනයෙ ‘ චයිනා සැටලයිට් කොමියුනිකේෂන් කෝපරේෂන් ‘ හා ‘ චයිනා ගෙ%්ට් වෝල් ඉන්ඩස්ට්‍රිස් කෝපරේෂන් ‘ නම් සමාගම් හා එක්ව මෙරට ‘ සුප්‍රිම් සැට් ‘ සමාගම මේ සම්බන්ධ ගිවිසුම් අත්සන් කැර තිබේ. පල්ලෙකැලේ චන්ද්‍රිකා මෙහෙයුම් මධයස්ථාන හා අභ්‍යාවකාශ ගාමීන් පුහුණු නිකේතනය ඉදිකිරීමේ කටයුතු වලටත් 2015 යැවීමට නියමිත චන්ද්‍රිකාව ඇතුළු මෙතෙක් ක්‍රියාත්මක අභ්‍යාවකාශ වැඩසටහන් සඳහා වෙන්කැර ඇති මුදල ඇමරිකන් ඩොලර් ලක්ෂ 3200 කි. මෙම චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමත් සමග දකුණු ආසියා කලාපයේ චන්ද්‍රිකා තාක්ෂණය සහිත තෙවැනි රට බවටත් ලෝකයේ 45 වැනි රට බවටත් ශ්‍රී ලංකාව පත්වනු ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිං කෙත හෙල රන් දෙරණේ යළි උපදින්නට.. හේතුවාසනනා වේවා හේතු වාසනා..!(නු)
නියමයි... රට දියුණු වෙනවා තමයි... කොහොම උනත් වැඩක් කරනවා... වැරදි අඩුකරගන්න.. ජය වේවා..!(නු)
නියම වැඩක් අගය කරනවා .(ස)
ආඩම්බරයි මගේ රට ගැන. මගේ මව් රට ලංකා (ස)
මේ චන්ද්‍රිකාව චීනයේ නිෂ්පාධිත එකක්... එනිසා අපේ කට්ටිය ට අලුත් වැඩියා කිරීමේ කටයුතු වලින් වැඩි රැකියා අවස්ථාවක් සලසා ගත හැක.(ස)
හොඳයි (ස)
ඉතාම හොද වෙනසක්..!(නු)
ආයෙත් සැරයක් හදෙන් හාල් ගේන්න පුලුවන් වේවි (ස)
හැදෙන රට. " ජය වෙවා" (ස)
බොහොම සතුටින් අගේ කළ යූතූම වැඩක්.. තව තවත් ඉදිරියටම යෑමට සූබ ප්‍රාර්ථනා කරමූ...!! (ස)
ගොඩක් හොඳයි...නියමයි !!!!!(ස)
සුබ අනාගතයක් සහ ආසියාවේ ආශ්චර්‍යයට යන ගමනට මහඟු අත්වැලක් සපයනවා ඇති. ජාතික වශයෙන් මගේ ප්‍රණාමය පුද කරමි (ස)
මිනිස්සු බඩගින්නේ හිටියට මොකද ආශ්චර්‍යය උඩ්න් යානවනේ (ස)
හරිම සතුටුයි සියළුම දේවල් සාර්ථක වේවා..!(නු)
මෙහෙ මිනිස්සු කන්නවත් නැතිව ඉන්නවා.. ඒ අස්සෙ රොකට් යවනවා අහසට..(නු)
චීනය අපේ රට බටහිරයෙන් ගලවා මෙවැනි දෙයක් කිරීමට උපකාර කිරීම වසර සිය ගානක් බටහිර රටවල ගැති වෙලා හිටපු අපේ අයටත් සුද්දන්ටත් හොද පාඩමක්... චීනය ඔබට අපේ ප්‍රනාමය..!(නු)
ප්‍රභාකරන් නොවෙන්න අපි ඉන්න ඕනේ කොතනද කියල දැන් හිතෙනවා. 30 අවුරුදු සාපෙ නොවෙන්න අපිටත් අබිමානවත් ජාතියක් විදියට ලෝකෙට මුහුණ දෙන්න තිබුණා. කමක් නැහැ ඔහොම යන්න .අපිට නැතිඋන ලෝකය අනාගත පරපුරට ලබාදෙන්න ලැබීම සතුටක්(නු)
ලොවට චන්ද්‍රිකා තාක්ෂණය හදුන්වාදුන් ආතර් සී ක්ලාක් මහත්තයාට කරන උපහාරයකි..!(නු)
අපේ මිනිසුන්ගේ තුල ඇති සුදු මානසිතත්වය ඉවත් වේවා...!(නු)
දැන්වත් පිටරට ඇමතුම්වල මිල අඩු වේවා...(නු)
සල්ලි නොකා වැඩක් කරනවානම් නියමයි..!(නු)
අපි 1994 චන්ද්‍රිකාවක් ගුවන් ගත කළා.. පළවෙනි දවසෙත් පරක්කුවෙලා තමයි උඩ ගියේ... අවුරුදු එකොළහක්ම පරක්කුඋනා.. අන්තිමට කරපු දෙයක් නැහැ... ඔක්කොටම බැන බැන ඉදලා හුලන් බැහැලා බිමට වැටුනා.. මතක් වෙනකෙටත් දුකේ බැහැ... රටම පරක්කු කළානෙ...!(නු)
උණුසුම් සුභ පැතුම්..!(නු)
රටේ දියුණුව අපටත් සතුටක්...(නු)
ජය වේවා..!(නු)
අඩුවකට තිබුනේ එචචරයි. ආ තව අඩුවක් තියනවනේ. න්‍යෂ්ටික බලය.නැවු එන්නේ නැති වරාය වගේ ගුවන්යානා නොඑන ගුවන් තොටුපල වගේ සන්නිවේදන නොඑන චන්ද්‍රිකාවක් නොවේවා! යි පතමි. (නු)
මේක විතරයි අඩු... වෙන කරන්න දේවල් නැහැනේ..!(නු)
චීනයෙන් හොද කෑමක් ලැබෙන දවස වැඩි ඈතක නෙමෙයි.. උදාහරණයක් ලෙස ටිබෙට් දේශය චීනය අත් කරගැනීම..!(නු)
බන්දුල මහතත්යාද දන්නෙ නැහැ ඕකෙ ඉන්නෙ..!(නු)
ශ්රී ලංකාව අභ්‍යවකාශය ජයගනී. වෙලාවට පාරක බෝක්කුවක්වත් හරියට හදාගන්න බැරි අපි මේ කොහෙද යන්නෙ.(නු)
ඔච්චරයි අඩු (ස)
ඇත්තටම ආඩම්බරයි. මගේ රටට දළදා හිමි සරණයි. (නු)
මෙච්චරයි අඩු වෙල තිබුනේ (ස)
නියමයි.. ලංකාව ගැන ආඩම්බරයි...!(නු)
රට පෙරට.. සෞදියේ ඉන්න අපිට ගොඩක් ආඩම්බරයි... අපිට පුළුවං වෙයි ළගදීම අපේ චැනල් එකෙන්ම සජීවී තරග නරඹණ්න.. (නු)
ලංකාවට ඔච්චරනෙ අඩුවට තිබුණේ.. අඩු තරමේ පාපැදියක්වත් හදන්නේ නැහැ මේ රටේ.. (නු)
නියමයි ශ්‍රී ලංකා...(ස)
නියමයි ශ්‍රී ලංකා...!(නු)
ඉදිරියටම යමු ළංකා..!(නු)
නුවනැති ක්‍රියාවක්... විද්වතුන් ලක් මව බිහි කිරීමට බලවතුන් යොමු වේවා..!(නු)
මම නැවතත් ලංකාවට ගැන ආඩම්බර වෙමි.. මේකත් තවත් දේශපාලන ව්‍යාපාරයක් වීම නම් සුදුදසු නැහැ.. මේකට සම්බන්ධවුණු සියළුම දෙනාට ස්තුතියි..!(නු)
මේකටත් දේශපාලනය ගාවගන්නෙ නැතිව ක්‍රියාත්මක කිරීමට සුභ පැතුම්...!(නු)
සෙල්ලම්ද කොල්ලෝ .ඔහොමතමයි වෙන්න ඕනි (ස)
ලෝකේ ඉන්න දක්ෂතම මිනිස්සු ,විද්‍යාඥයෝ ඉන්නේ ලංකාවෙනේ .පසු නොබසින උත්සාහයට අපේ සුබ පැතුම් !!!!! (ස)
ඒ චන්ද්‍රිකාවේ නම මොකද්ද ?(ස)
මේවට ප්‍රතිචාර දන්වන්න කවුරුත් නැ . හොද දෙයක් අගයකිරිම ඔවුන්කරන්නේ නැහැ නොවැ (ස)
මිනිසුන් කන්නෙ නැතිව දුක් විදිනවා.. ආණ්ඩුවට සේවකයන්ට පඩි ගෙවාගන්න විදියක් නැහැ.. මේවා කාගෙ මුදල්ද? කේ.පීගෙද හොයලා බලන්න...(නු)
හොදයි හොදයි පුතා අභ්‍යාවකාශසෙ ගැන උපාධිය අරගෙන එනකොට එයාට රස්සාවකුත් හදලා දෙන්න එපායැ..!(නු)
ඇත්තටම ඔය ගොල්ලො දන්නෙ නැද්ද අපේ රටේ හාමුදුරුනමක් හදල තිබුන අභිධර්ම චන්ද්‍රිකාව ගැන? ඒ හින්ඳා මේක මට හිතෙන්නෙ මේක දෙවෙනි චන්ද්‍රිකාව කියල.(නු)
පිටරටවල් වල ඉන්න අපට උදව්වක් වේවි... අපගේ දුරකථන ගාස්තුව අඩු වේවි..!(නු)
හොද පුවතක් ලංකාවට..!(නු)
ඒ සමග ඉන්ටනෙට් අඩු මිලට දෙන්න පුළුවං නම් හොදයි..!(නු)
අපි චීනයේ කොලනියක් වෙලා වගේ හිතට දැනෙනවා..!(නු)
අනේ මධුශානි ලෝකය යන විදියට අපිත් ගමන් කල යුතුයි මේ 21 වන ශතවර්ශයනෙ.හොද වැඩක් කරන කොට සුබවාදිව බලන්න පුරුදු වෙන්න.(නු)
මධුෂානි සුභවාදීව හිතන්න පුරුදු වන්න..!(නු)
හරිම සතුටුදායක පුවතක්...!(නු)
අපේ රටේ ආරක්ෂාවට මෙය ඉතා වැදගත් දෙයක් (ස)
හොද යෙට හොදයි කීමට පුරුදු විය යුතුයි..! සෑමස දෙයක් දෙසම දේශපාලන ඇසින් බැලිය යුතු නැහැ.. මගේ සුභ පැතුම්..!(නු)
මේකෙ නම මොකද්ද කියලා නැහැනේ..?(නු)
ලංකාව ලෝක සිතියමෙන් ඉවත් කරලා චීනයේ ප්‍රාන්තයක් කරන්න යනවා කියල ඉන්දියාවේ පුවත් පතක් කියනවා.සෞදි වල සිට ඉන්දියාව ,බංග්ලාදේශය, පකිස්ථානය වැනි රටවල් සඳහා ඉන්ටෙර්නෙට් කාඩ් වලින් විනාඩි 1000 කතා කරන්න පුළුවන්. ලංකාවට ඒ කාඩ්වලින් විනාඩි 110 පමණි තිබෙන්නේ. අපේම සෙටෙර්ලිට් එක නිසා අපටත් විනාඩි 1000 ලබා ගන්න පුළුවන් වේවි.(ස)
සතුටුදායක පුවතක්.. අපේ රටේ ඉදිරියට යන්ට අවශ්‍යනම් අපි නවීන තාක්ෂණය භෘවිතා කළ යුතුයි.. කන්ට බලාගෙනම ඉන්න මධුෂානි වගේ අයනත් අහාර ප්‍රශ්ණයක් කියෙනවානම් එයටත් විසදුමක් නවීන තාක්ෂණයෙන් ලබා දිය හැකි වේවි.. සුභ පැතුම්..!(නු)
මෙ වගේ දේවල් වලට අපි සතූටු වෙනව නමුත් ඔබ සැම දෙනාම හොදට හිතට ගත යුතු කරුණක් තාම දැන් අපේ රෙට එක් පැත්තක තිබුන යුද්ධය ඉවරවෙලා නමුත් තව කරදරයක් ලග ලග එනවා..අනිත් ලොකුම එක තමා අපි දැන් අපේ හැම වැඩකටම චීනය සම්බන්ධ කරගැනීම එයින් ගම්‍ය වන කරුණක් නම් ඉතා ලගදීම අපි චීන කොලනියක් වෙන එක දැන් කාටවත් නවත්වන්න බැරි වන එකයි...................... (ස)
කොහෙවත් යන රටකට සමාගමකට මුදල් වැය කරලා. ශවුන්ගේ චන්ද්‍රිකාවට අපේ නමක් ගාවගන්න වැඩ මටනම් ආඩම්බර අපේම රටේ ඔය චන්ද්‍රිකාව හදලා අපේ තාක්ෂණයෙන් උඩුගුවනට ගියොත් තමා..!(නු)
ඉතා හොද පුවතක්.. රටේ මහජනයාගේ දුරකථන බිල ඉන්ටටෙනට් හැම ගමකටම ලැබෙයි කියලා පතනවා... චීනයේ උනත් නොරොච්චෝල වගේ වෙන එකක් නැහැ.. රජයට සහ ගරු ජනාධිපතිතුමාට ප්‍රණාමය.. අපේ රට පිට රටට වෙන ණය ප්‍රමාණය සියයට හතලිහකින්වත් අඩු කරන්න. නැත්නම් අපේ දරුවොත් අපිත් ලොකු උගුලක පැටලෙනවා නියතයි..!(නු)
සන්තෝසයි මේ පියවර ගැන. නමුත් මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න පියවරක් ගන්න මෙතරම් ප්‍රමාධ ඇයි (ස)
මේ ආණ්ිඩුව ලොකු ලොකු දේවල් නෙ කරන්නෙ... අභ්‍යාවකාශයට යන බාලම කෙනත් රාජපක්ෂ කෙනෙක්නේ.. (නු)
රොකට් එක ලංකවේ නෙමෙයි චන්ද්‍රිකාව විතරයි මෙහේ (ස)
නිශාන්ත ප්‍රෙමරත්න, ලංකාවෙ තරම් අඩුවට ඉන්ටනෙට් දෙන රටක් මම දැකලා නැහැ..!(නු)
සුභවාදීව හිතමු.. එකට එක්ව ජාති ආලයෙන් රටේ වැරදි හදාගන්න පෙන්වා දීලා අපේ පුංචි රට ශ්‍රී ලංකා අපේ අම්මා තව තවත් පොහොසත් කරමු.. පෙරටම යමු ලංකා..!(නු)
තව ටිකක් පහුවෙලා ඉපදුනානම් හොදයි කියලා හිතෙනවා.. වැඩේ හොදයි ගාන තමයි ටිකක් සැර.. රුපියල් බිලියන තිස් දෙකක්.. දෙදහස් එකොළහ වර්ෂයේ ලංකාවෙ සමස්ථ ආදායමම රුපියල් බිලියන 52යි නේ..!(නු)
ආඩමිබරයි ලාංකිකයෙක් වීම (ස)
මම මේ කියන්නේ අශෝක වගේ හිතන හැම දෙනාටම.. ටිකක් ලොක්ය දිහා ඔලුව උස්සලා බලන්න.. නිකම්ම කතා කරන්න එපා.අපේ රටේ කන්න නැහැ කියනවානම් ඒක කම්මැලියාගේ කතාවක්.. තමන්ගේ රට ගැන ඔයිට වඩා සුභවාදීව හිතන්න.. පාට පක්ෂ නැතිව.. සාමූහිකව හිතන්න පුරුදු වන්න..!(නු)
කුහක මිනිස්සු කුහක කතා කියනවා . රටක් දියුණු වෙන්නේ මේ වගේ තමයි . හරිම ආඩම්බරයි .. නොසැලි ඉදිරියටම යමු ලංකා (ස)
මෙකෙ තියෙන අදහස් දෑක්කාම අපේ රටේ මිස්සුන්ගේ අදහස් කොහොමද කියලා හිතාගන්න පුලුවන්. පව් මේ මිනිස්සු. චන්ද්‍රිකා යවන එක හොද දෙයක්. ඒත් ඒක ක්‍රමානු කූලව කරන්න ඔනා. අන්තිමට කරන්න ඔනා එක මුලින් කරනවා මුලින් කරන්න ඕන එක අන්තිමට කරනවා. සංවර්දනය කියන්නෙ මේවා නෙමේ. රටේ ආර්ථික වෑඩ පිලිවෙල. අපේ රටේ ඉපදෙන්න ඉන්න ළමයත් ලක්ශ ගානක් ණයයි. මේවා මහා පිස්සු මෝඩම වෑඩ.(ස)
රට ඉදිරියට යන්න මේ වගේ තාක්ෂණික ක්‍රියාවලියන් අත්‍යාවශ්‍යි.. ආණ්ඩුවෙ තියෙන දූෂණ හොර මැරකම් සහ අනවශ්‍ය වියදම් තමයි සහමුලින්ම ඉවත් කරන්න ඕන.. මිනිසුන්ට නිදහස් ජීවිතයක් කරන රුකියාවට පිළිගැනීමක් සහිත වැටුපක් අවශ්‍යයි.. ජය වේවා..!(නු)
ඔවු ඉතින් පොලවේ ප්‍රශ්න දැන් ඉවර කරලානේ. දැන් තියෙන්නේ අභ්‍යවකාශේ වැඩ. අපේ ගමේ පාරට ගිය අවුරුද්දේ දාපු කොන්ක්‍රීට් එක දැන් තිබිච්ච හැටි වත් හොයාගන්න බැහැ. රට ගිහින් ඉන්න අය ලාබෙට කෝල් ගන්න සැටලයිට් යවනකල් බලා ඉන්නවා. (ස)
චීනය වගේ බලවත් රටක කොලනි වැසියෙක් වීම ගැන ආඩම්බරයි. ඉස්සර අපේ ආතලා මුත්තලා ජෝර්ජ් මහරජ්ජුරුවන්ගේ එලිසබෙත් මහේසිකාවගේ යටත් වැසියන් වීම ගැන සතුටු වුනෙත් මේ වගේ වෙන්න ඇති. (ස)
හරිම අඩාම්බරයි.. ජය වේවා..! චීනයට අපේ ප්‍රණාමය.. ආතර් සී ක්ලාක් ජීවත් උණ රටේ සුද්දන්ගෙන් නොලැබුණු සහයෝගය චීනෙන් ලැබුණු නිසා..!(නු)
චන්ද්‍රිකා නෙමෙයි තෙල් හමුඋනත් ලංකාවෙ මිනිසුන්ට කාර් එකක්වත් ගන්න බැහැ..! අනිවාර්යයෙන්ම දුරකථන ගාස්තු වැඩිවෙයි..! මෙච්චර කල් ඉන්දියාව පිහිටෙන් බලපු තරගවලටත් සල්ලි අය කරයි..! මේක ශ්‍රී ලංකාව..!(නු)
අපේ චන්ද්‍රිකාවක්නම් මොකද චීනේ ඉඳලා යවන්නේ.. මේවා ලෝකේ හිනස්සන වැඩ. (ස)
මේ රටේ මිනිසුන්ට කන්න බොන්න සහන දෙන්න බැරිලු.. ඒ නිසා බඩ ගින්නේ දරුවන් සමග ගගට මුහුදට පැනලා ජීවිත විනාශ කර ගන්නට රටේ මොන චන්ද්‍රිකාද? (නු)
මෙතන තියෙන අදහස් දැක්කම මටත් නම් හිතෙන්නේ පුන්නක්‍කු මිල වහාම පහත හෙලන්න ඕනි කියලා තමයි (ස)
අපි කොහොම කිව්වත් ලෝකය තාක්ෂණය අතින් ඉහලට යනවා .අපිත් ඒ මගේ නොගියොත් ඉන්න වෙන්නේ හැමදාම එකම තැන තමයි . අපි ලඟ නැති තාක්ෂණයක් පිටින් ගත්තට කමක් නෑ . ඒක ගැති වීමක් කියලා මටනම් හිතෙන්නේ නෑ (ස)
මේක හරියට ගේ උකස් තියලා කාර් එකක් ගෙනාවා වගේ වෑඩක්. මුලු ලෝකෙටම ණයයි. මේවා ජාතික අපරාද. අඩුම තරමෙ රටේ පොඩි දෙයක් නිශ්පාදනය කරන්න මේ මුද්ල් යොදවනවනම් කොච්චර වටිනවද? (ස)
මේවා මොනවද ? රටේ ජීවන වියදම කිරි සයුරෙනුත් එහාට යසට ඇරලා තියෙන්නේ. (ස)
මෙය හොද වැඩක්... එත් අපිතාම තුන්වැනි ලෝකයේ රටකට අයිති වෙන්නෙ.. මෙයට වඩා රටක සංවර්ධනයට කළ හැකි දේ බොහෝ තියෙනවා... තාක්ෂණය සහ මිනිස් බලය තුලින් දේශීය දේ නිශ්පාදනය කර දියුණු ලෝකයක් කරා යා හැකිය.. මගේ මව්බිමට ජය වේවා..!(නු)
සියල්ලන්ම දැන ගනිත්වා..! මේකට ලංකාවෙ රජයෙන් සල්ලි සතයක්වත් වියදම් කරන්නෙ නැහැ.. සුප්‍රීම් සැට් කියන පෞද්ගලික ආයතනයයි මේකට ආයෝජනය කරන්නෙ.. ඔවුන් ලාබ ලබන එක තමයි ගැටලුව..!(නු)
රටේ අනාගතය ගැන හිතා ගත්ත එඩිතර පියවරක්..!(නු)
තාක්ෂණය චීනයෙන් , ගුවන්ගත කරන්නේ චීනයෙන්, වියදම චීනයෙන්, ණය ගෙවන්නේ අපෙන්.(නු)
අයවැය 3 වන වරට කියවන්නේ නොවැම්බර් 22 ආසන්න කාලයේ නේ ද ? අපිට දැන් අය-වැය ගැන නැතිව කතා කරන්න දෙයක් තියෙනවා. බඩ පුරවා ගමු. අධ්‍යාපනයට මොකට ද 6 % ක්. චන්ද්‍රිකා තියෙනවානේ. ඒ මදෑ...(නු)
මෙහි අදහස් දක්වලා තියෙන අය අතර පිටරට සිට මෙරටට ආදරය කරන අයද ඇත. (නි)
නියමයි ශ්‍රී ලංකා (ස)
පොළවේ ඉදලා බැරිනම් ගුවනින් පටන්ගෙන පොළවට බැහැලා හරි රට උස්සලා තබනවා නම් කම්නැත. (නි)
ක්ලාක් මහතාට පිං සිදු වේවා..!(නු)
අපේ රටේ චන්ද්‍රිකා අයිතිය අටව ගත්ත කොම්පැනියකට වීකිනිලා අපේ මෝඩ රාළලා සතූටු වෙනවා (ස)
මානව හිමිකම් යෝජනාවේදි අපිට ගැහුවා දෙපිටින් යන්න. දැන් චීනේ. ඔහොම යං. චීනෙත් අපිට ගහන දවස වැඩි ඈතක නෙමෙයි. එතකල්...., චීනං සරණං ගච්චාමී... (නි)
'මේඩ් ඉන් චයිනා' ගම කෑවා නේද ? (නි)
චීනේ නම යනවා අපේ හම යනවා (ස)
ලංකාව අද තියෙන තැන ගැන කිසි වරදක් කියන්න බැහැ මේකේ තියෙන අදහස් දැක්කහම! කිරි වීදුරුවක් බොන්න හරකෙක් ගෙනාවම සාධු සාධු කියන සමාජයක අපි ඉන්නේ. සමාජයේ නොදැනුවත් කම ගැන හරිම දුකයි. මොකද මේ වියදම් කරන්නේ අප සැමගේ මුදල් නිසා.(ස)
රටේ දියුණුවට මොනවහරි වෙනවානම් ලාංකිකයෙක් විදිහට ආඩම්බර වෙන්න ඕනි. පිට රටින් ණයට ගෙනත් කන්න දෙනවට වඩා, ණය වෙලාහරි මෙහෙම දෙයක් කරන එක වටිනවා. අපේ බොහොම දෙනෙක්ට කන බනේම තමයි හැම වෙලේම අංක එක.(ස)
ඉතාලියේ සෞදියේ ඉන්න කට්ටිය ජයවේව කියල කියල තියනවා, ඔය කට්ටියට සැපට නීතියේ සාධාරණත්වය ලබාගෙන ඔය රටවල ඉන්න පුළුවන්. එත් අපේ රටේ අධිකරණයටත් ගහල ජිවත් වෙන්නත් බැරිව කන්නත් නැතිව ඉන්නවා, චීනයට සේරම දීල ණය බරත් වැඩිවෙලා අපේ රටේ ජීවත් වෙන්න පුලුවන්ද, අපේ කට්ටිය නියමයි කියල කගහනවා ඇත්ත තත්වය නොදැන, (නු)
අනුන්ගෙ රටකින් රොකට් එකක් යැව්වට ඒක අපේ වෙන්නෙ කොහොමද? එහෙනම් මේක අපේරටේම හදලා අපිම යවන්න ඕන... අපේ තාක්ෂණය අපේ මිනිසුන්ගේ ශ්‍රමය, දැණුම අපේරටේ අමුද්‍රව්‍ය යොදා සැකසුවොත් එය අපේ වේවි..!(නු)
නියමයි අපි හදටත් යනවා අනුන්ගේ කර පිටින්..(නු)
හොදයි සංතෝෂයි.. අකුණු අනතුරු වලක්වා ගැනීමට චන්ද්‍රිකා තාක්ෂණය යොද ගත්තොත් හොදයි නේද?(නු)
රැකියා සදහා මවුරටෙන් එපිට ගිය අපට අපේ රට ගැන මෙවැනි දේ දැකීම විශාල සතුටක්..!(නු)
හොදයි හොදයි ජනතාව අවදියෙන් ඉන්න ඕන..!(නු)
මාත් ආසයි ගගණගාමියෙකු වන්න..!(නු)
මගෙත් අනාගත බලාපොරෙත්තුව ගගණගාමියෙක් වෙන්න.. දැං ඒකත් හරි..!(නු)
මෙතන තියෙන අදහස් දැක්කම මටත් නම් හිතෙන්නේ පුන්නක්‍කු මිල වහාම පහත හෙලන්න ඕනි කියලා තමයි ...(නු)
මේක ඉතාම හොදයි මම නම් හිතන්නෙ..!(නු)
මම මේ දවස්වල අභ්‍යාවකාශ තාක්ෂණය පිලිබදව චීනයෙ විද්‍යා ඇකඩමියෙ පාඨමාලවක් හදාරන රජයේ නිලධාරියෙක්. මේ පාඨමාලාවට ආසියාවෙ රටවල් 15ක නියෝජිතයෝ ඉන්නවා. මේ රටවල් වලින් තමන්ටම කියලා චන්ද්‍රිකාවක් නැත්තෙ ලංකාවට විතරයි. දුප්පත්ම රටක් වන කාම්බොජෙටත් තියෙනවා. මේ වගෙ දෙයකින් තියෙන ප්‍රයෝජනය හරියට නොදැන අදහස් පලකරන එක වැරදියි.මේ කියන චන්ද්‍රිකාව සන්නිවෙදනයට පමනයි. නමුත් මීට වඩා රටේ දියුනුවට පාවිච්චිකරන්න මේ තාක්ෂණය යොදා ගන්න පුලුවන්. පටු විදියට කල්පනා කරන්න නරකයි. (අ)
ආතර් සී ක්ලාක් මහත්තයාට කරන උපහාරයකි..(නු)
අපේ රටේ චන්ද්‍රිකා අයිතිය අටව ගත්ත කොම්පැනියකට වීකිනිලා අපේ අය සතූටු වෙනවා . අධ්‍යාපනයට සියයට 1.8ක් වෙන් කරන එක 0.8ට අඩු කළානම් මීට වඩා හොද අදහස් ටිකක් බලන්න තිබුණා..!(නු)
නොනාවරුනි මහත්වරුණි හොඳක් දුටුකල එයට හොඳයි කියන්න නරක දුටුකල නරකයි කියන්න හොඳටත් නරකටත් දෙකටම නරකයි නොකියන්න(නු)
ලංකාව ලෝක සිතියමෙන් ඉවත් කරලා චීනයේ ප්‍රාන්තයක් කරන්න යනවා කියල ඉන්දියාවේ පුවත් පතක් කියනවා.චීනයෙන් හොද කෑමක් ලැඅපිටතබෙන දවස වැඩි ඈතක නෙමෙයි.. උදාහරණයක් ලෙස ටිබෙට් දේශය චීනය අත් කරගැනීම..!අපිටත් වෙන්නේ කවදාහරි දවසක පිලිපීනට ටිබෙට් රටට උන දේම තමයි.!(නු)
ශ්රී ලාංකිකයනි සුභ වාදීව සිතන්න.. ශය කන්න නැහැ බොන්න නැහැ කියන අයටත් ඉදරියෙදි මෙයින් සෙතක් සළසනවා..!(නු)
1.කළ යුතු දේවල් මොනවාද? 2.කළ හැකි දේවල් මොනවාද? 3.කරන දේවල් මොනවාද?(නු)
පහේ ශිෂ්‍යත්ව විභාගය හරියට තියාගන්න බැරි අපට මොන චන්ද්‍රිකාද?(නු)
මේක හොද වැඩපිළිවෙලක්.. නමුත් අපිත් අපේම තාක්ෂණයක් එක්ක හදා ගන්න ඕන.. දැන්වත් ගගන තාක්ෂණය ආයතනයක් පිහිටුවා රොකට්.. චන්ද්‍රිකා තාක්ෂණය පරීක්ෂණ කරන්න.. එවිට කා මතවත් යැපීමට සිදු නොවේ.. නමුත් සමහර රටවල් කැමති නැති වෙයි..!(නු)
එදා වේල කන්නවත් නැති අපි බල්ලන්ට හැට්ට මහනවා...!(නු)
අර චන්ඩි පුතාව මේකෙ දාලා යවමුද? ලංකාව වටේ කැරකි කැරකි ඉන්න.. (නු)
ලෝකේ පුරා විහිදුනු සුපිරි වේග ආලෝක තන්තු ජාලයක් තියෙද්දී යල් පැනපු තාක්ශනයක් වෙන චන්ද්‍රිකා මගින් සන්නිවේදනයට මුදල් යෙදවීම කොතරම් දුරට ප්‍රයෝජනවත් වේවිද දන්නේ නැහැ. මේක මීට අවුරුදු 20-30 කලින් කලානම් ප්‍රයෝජනය වැඩියි. ඒ කෙසේ වෙතත් අපේ ආණ්ඩුව කාලේ තමයි ශ්‍රී ලංකාව චන්ද්‍රිකාවක් ගුවන් ගත කලේ කියලා වේදිකා වල කියන්න පාඨයක් ආන්ඩුවට ලැබිලා තියෙනවා.(නු)
ඒකෙ නමද ඇහුවෙ..ඒක ඉතිං මරා 01 ද දන්නෙ නැහැ..!(නු)
මේකෙ නම මරා 01 ද?
මොනවා නැතත් චන්ද්‍රිකාව හරි උඩ ගියානෙ.. මේවා නෙමෙයි රටේ වෙනෙ මිනී මැරුම් ටික නවත්ත ගත්තා නම් නේද හොද?(නු)
අනේ මන්ද? මේකේ ලියල තියෙන දේවල් බැලුවම අපේ රටේ තාක්ෂණ දැනුම කෙසේ වෙතත් සාමාන්‍ය දැනුම ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. අභ්‍යාවකාශ තාක්ෂණය ගැන දන්න අය අපිට කියනවා ලංකාවට චන්ද්‍රිකාවක් ඕනේ දුප්පත්ම රටක් වන කාම්බොජෙටත් චන්ද්‍රිකාවක් තියෙනේ නිසා කියල. අරාබියේ අය කියනවා ලාබෙට දුරකථන පහසුකම් සහ ඉන්ටෙර්නෙට් පහසුකම් ලැබේවි කියල. අපේ බාප්පනේ මේක උඩට ඇරල තියෙන්නේ! ඒකනිසා චන්ද්‍රිකාව හදවගන්න සහ උඩට යවාගන්න ගෙවපු මුදල අමතක කරලා නිකම්ම වගේ සන්නිවේදන පහසුකම් පුන්නක්කුත් එක්ක අපිට දේවිනේ! (නු)
ජාත්‍යන්තර දුරකථන ගාස්තු අඩුවෙනවා. අන්තර්ජාල වේගය වැඩි වෙනවා.. ලංකාවට ජය වේවා..!(නු)
මගේ හද පතුලෙන්ම සුභ පැතුම්! හිරුගෙන් ලැබෙන ආලෝකේ බලය අරන් තිස්හය දහක් කිලෝ මීටර් ඈත ඉඳන් පණිවිඩ එවන ඔබ වෙත විදුලිය වේගෙන් මම වෙමි චන්ද්‍රයා ශ්‍රී ලක අහස් කුසින් ... පොලවත් සමග කැරකෙමි මම සම වේගෙන් එබැවින් සිටිය යුතුවී ඇත ඔය ඈතින් මට ඇත යහලු මිතුරන් මගෙ අතේ දුරින් පණිවිඩ ඔබෙන් නාවොත් නම් මා තනියෙන්..(නු)
මෙය ඉතාමත් අගනා වැඩකි. දැන්වත් අධිවේගී අන්තර්ඡාල පහසුකම් අඩුමිලට සපයනවා නම් කොතරම් අගෙයි ද? අධ්‍යාපනයද චන්ද්‍රිකා තාක්ෂණයට සම්බන්ධ කළ යුතු වේ. (නි)
මෙය අපේ රටේ අනාගත පරම්පරාවට කරන මහගු සේවයක්. (නි)
සුබ පතමි! ලංකාවේ සංන්නිවේදන ක්ෂේත්‍රයේ විශාල ඉදිරි පිම්මක් වශයෙන් අප සළකනවා. ඒ වගේම මෙහි ප්‍රතිලාභ ජනතාවට හිමිවේවා යයි පතමි. (නි)
දැනටමත් රු. 400/- වැනි මුදලකට අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාගත හැකිව තිබියදී අනාගත පරම්පරාවම ණය කරවන්න හදන්නේ කීයකට විතර ඒ පහසුකම ගන්න හිතාගෙනද? චීනෙට අපිත් එක්ක ගැටළුවක් ආපු දාට සම්බාධක පැනවීමක් වශයෙන් චන්ද්‍රිකා සම්බන්ධතාව නැවත්තුවොත් අපි ලෝකෙන්ම වෙන් වෙන බව කාටවත් වැටහිලා නැත්ද? (නි)
කවුරු කළත් අගේ කරන්න ඕනේ (අ)
මේක පෞද්ගලික සමාගමකට අයිති චන්ද්‍රිකාවක්. පෞද්ගලික බස් සේවාව ආරම්භ කළා වගේ තමයි. තව ටික දවසකින් හැමෝටම තේරෙයි. (නි)
චන්ද්‍රිකාව යවන්නේ දෙමළ ජාතිකයින්ට අයත් පුද්ගලික සමාගමකින්. ඒ වෙලාවට දෙමළ අය ශ්‍රි ලාංකිකයෝ. සරණාගතයින් පිළිබද ප්‍රශ්නයේදී නම් දෙමළ අය ඉන්දියානුවෝ. (නි)
අනේ අපිට නම් කමක් නැහැ චන්ද්‍රිකා එකක් නෙමෙයි 10ක් යැවුවත්.. (නි)
මීට පස්සේ බඩු මිළ ඉහළ යවන්නේ රොකට් එකෙන්ලු. (නි)