ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ ඉරණම මේ වන විටත් විසඳී තිබෙන නමුත් හෙට (4 වැනිදා) මහනුවර, පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පස්වැනි සහ අවසාන එක්දින තරගයේදී සියලූම ධෛර්යය යොදා කණ්ඩායමේ අභිමානය වෙනුවෙන් සටන් වදින බව ශී‍්‍ර ලංකා උප නායක ඇන්ජලෝ මැතිව්ස් කියයි. මහවැලි රීච් හෝටලයේදී අද (3 වැනිදා) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී මැතිව්ස් මේ බව පවසා සිටියේය. ”අප අපගේ අභිමානය වෙනුවෙන් සටන් වදිනවා” ”මේ තරගයේ ප‍්‍රතිඵලයෙන් තරගාවලියේ ඉරණම වෙනස් කරන්න බෑ කියලා අප දන්නවා තමයි. ඒත් කණ්ඩායමේ අභිමානය රැුකගන්නට මේ අවස්ථාව උපරිම වශයෙන් ප‍්‍රයෝජනයට අරගෙන තරගය ජයගන්න ඕනෑ” යයිද මැතිව්ස් ඊයේ පැවසීය.
2025 දෙසැම්බර් මස 04
803
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශී‍්‍ර ලංකාව අභිමානය වෙනුවෙන් සටන් වදී
අමිල Saturday, 04 August 2012 08:41 PM
අද තරඟයෙන් පස්සේ කස්ටියට මුණ වහගෙන තමා පාරේ යන්න වෙන්නෙහ්(නු)
ආනන්ද Saturday, 04 August 2012 08:49 PM
ඕකෙ ප්‍රතිපලේ හැමෝම දන්නවානෙ.. අමුතුවෙන් බලන්නෙ මොකටද?(නු)
ගුණරත්න Friday, 03 August 2012 08:45 PM
පැරදුණාට පස්සේ මොන අභිමානයක්ද? (නි)
සජී Friday, 03 August 2012 09:17 PM
ආන් අපි නම් දැන් ඔය පරදින තරග බලන එක නවත්තලයි තියෙන්නේ. (නි)
රංග Saturday, 04 August 2012 10:10 PM
ඇග බේරගන්න නායකයෝ ඉන්නකොට තව මොනවද කතා...?(නු)
අරුණ Friday, 03 August 2012 10:46 PM
මට නම් මෙයාලව පෙන්නන්න බැහැ. (නි)
බලංගොඩ Sunday, 05 August 2012 04:38 AM
තියන අභිමානෙත් නැති වෙයිද දන්නේ නෑ. (ත)
සනත් ඉන්දික Sunday, 05 August 2012 04:45 AM
අයි මගේ කොමෙන්ට් කපන්නේ ? මම දාපු 5 ක්ම කැපුවේ. මම ලියනවා සැර වැඩිද?
උදේනි Friday, 03 August 2012 11:45 PM
ලංකාවේ අභිමානය නෙවෙයි, ඔයාලගේ ලැජ්ජාව නැති කරගන්න බලන්න. (ත)
සමන් Saturday, 04 August 2012 12:38 AM
හෙට අපිට අභිමානය ඇතිව දිනන්න පුළුවන්. (ත)
සමීර Saturday, 04 August 2012 07:00 AM
ලොවෙත් නෑ මැතිව්ස්.. (ත)
අමිල Saturday, 04 August 2012 07:06 AM
ජය වේවා! ජය වේවා! දිනුම පැරදුම මොකක් වුණත් අපේ කොල්ලොනේ ඉතිං. (නි)
සසන්ක Sunday, 05 August 2012 07:59 AM
අභිමානය සැබවින්ම රැක ගැනීමට නම් මීට වඩා හොඳින් ක්‍රීඩා කිරීම සිදු කළ යුතුය. (නි)
අතුල Saturday, 04 August 2012 08:50 AM
ජය පැරදුම දෙකම එකසේ දරාගත යුතුයි . ඔවුන් තරග දිනන විට විතරක් වීරයන් සේ සළකන්න අපේ අය පුරුදුවෙලා ඉන්නේ. 4 වන තරගයේ පරාජයට විනිසුරු තීරණයත් ගොඩක් බලපෑවා. ඔබගේ උත්සාහය සාර්ථක වෙන්න කියලා පතනවා. (නි)
සනත් ඉන්දික Saturday, 04 August 2012 12:05 PM
ඔයා පැන්නේ බළලා මලලෙන් එළියට. ඒ කියන්නේ මෙයාලා කලින් රටේ අභිමානය ගැන හිතලා නැහැ කියන එකනේ. දැන්නම් මුළු රටම විනාසේටමයි යන්නේ. එහෙන් බාල ඩීසල්. පාර්ලිමේන්තුව පළාත් සභා, ප්‍රාදේශීය සභා, අමාත්‍යංශ වල ඉන්න දෙතුන් දාහක පිරිසක් මුළු රටේම ඉන්න කෝටි දෙකක ජනතාවගේ රීරි මාන්ශ උරාගෙන කනවා. කවදද මේ රටේ මිනිස්සු සැනසිල්ලේ හුස්මක් ගන්නේ? මේ හැම දෙයකටම මුල දේසපාලනේ. කමක් නැහැ. 2012/12/21 වැඩි ඇතක නෙමෙයිනේ. (නි)
සාමා Saturday, 04 August 2012 12:52 PM
ඇත්තටම පරදිනවා බලන අපේ කාලයට කවුද ගෙවන්නෙ..! (නු)
දුමින්ද Saturday, 04 August 2012 02:13 PM
අද තරගයක් තියෙනවාද?(නු)
උපුල් Saturday, 04 August 2012 03:13 PM
අපේ ලංකාවෙ කොල්ලන්ට ජය.., දිනන දාට කොල්ලෝ ෂා නියමයි කියලා... වැටි වැටි නැගිටපු ඒකාලෙ.. ආයෙමත් ඒ වගේ කාලයක් නමුත් නැගිටින්න උත්සාහ කරමු.. අපි මුළු හදවතින්ම සුභ පැතුම්..!!(නු)
සිංහබාහු Saturday, 04 August 2012 04:36 PM
ක්‍රිකට් කියන්නේ තමුන්ගේ රස්සාව! ඉතින් තරගය තරගයක් විදිහට කරන එක තමුන්ගේ රාජකාරිය! ගහන හැම තරගයක්ම දිනන්න කියන තරමට ශ්‍රී ලංකික ප්‍රේක්ෂකයෝ කුහක නැහැ. පැරදුනත් කමක් නැහැ හොද තරගයක් දීලා. එකටයි අභිමානය කියන්නේ. (නු)
රවීනාත් Saturday, 04 August 2012 04:53 PM
මෙයත් දේශපාලයට යාවිද? මේ විදිහට කතා කරන්නෙ..(නු)
රුවන් Saturday, 04 August 2012 07:38 PM
සිංහබාහුගේ කතාව ඇත්ත. බය නැතිව ගහලා පැරදුණත් කමක් නැහැ. (නි)