ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ ඉරණම මේ වන විටත් විසඳී තිබෙන නමුත් හෙට (4 වැනිදා) මහනුවර, පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පස්වැනි සහ අවසාන එක්දින තරගයේදී සියලූම ධෛර්යය යොදා කණ්ඩායමේ අභිමානය වෙනුවෙන් සටන් වදින බව ශී‍්‍ර ලංකා උප නායක ඇන්ජලෝ මැතිව්ස් කියයි. මහවැලි රීච් හෝටලයේදී අද (3 වැනිදා) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී මැතිව්ස් මේ බව පවසා සිටියේය. ”අප අපගේ අභිමානය වෙනුවෙන් සටන් වදිනවා” ”මේ තරගයේ ප‍්‍රතිඵලයෙන් තරගාවලියේ ඉරණම වෙනස් කරන්න බෑ කියලා අප දන්නවා තමයි. ඒත් කණ්ඩායමේ අභිමානය රැුකගන්නට මේ අවස්ථාව උපරිම වශයෙන් ප‍්‍රයෝජනයට අරගෙන තරගය ජයගන්න ඕනෑ” යයිද මැතිව්ස් ඊයේ පැවසීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද තරගයක් තියෙනවාද?(නු)
අභිමානය සැබවින්ම රැක ගැනීමට නම් මීට වඩා හොඳින් ක්‍රීඩා කිරීම සිදු කළ යුතුය. (නි)
අයි මගේ කොමෙන්ට් කපන්නේ ? මම දාපු 5 ක්ම කැපුවේ. මම ලියනවා සැර වැඩිද?
තියන අභිමානෙත් නැති වෙයිද දන්නේ නෑ. (ත)
ඇග බේරගන්න නායකයෝ ඉන්නකොට තව මොනවද කතා...?(නු)
ඕකෙ ප්‍රතිපලේ හැමෝම දන්නවානෙ.. අමුතුවෙන් බලන්නෙ මොකටද?(නු)
අද තරඟයෙන් පස්සේ කස්ටියට මුණ වහගෙන තමා පාරේ යන්න වෙන්නෙහ්(නු)
සිංහබාහුගේ කතාව ඇත්ත. බය නැතිව ගහලා පැරදුණත් කමක් නැහැ. (නි)
මෙයත් දේශපාලයට යාවිද? මේ විදිහට කතා කරන්නෙ..(නු)
ක්‍රිකට් කියන්නේ තමුන්ගේ රස්සාව! ඉතින් තරගය තරගයක් විදිහට කරන එක තමුන්ගේ රාජකාරිය! ගහන හැම තරගයක්ම දිනන්න කියන තරමට ශ්‍රී ලංකික ප්‍රේක්ෂකයෝ කුහක නැහැ. පැරදුනත් කමක් නැහැ හොද තරගයක් දීලා. එකටයි අභිමානය කියන්නේ. (නු)
අපේ ලංකාවෙ කොල්ලන්ට ජය.., දිනන දාට කොල්ලෝ ෂා නියමයි කියලා... වැටි වැටි නැගිටපු ඒකාලෙ.. ආයෙමත් ඒ වගේ කාලයක් නමුත් නැගිටින්න උත්සාහ කරමු.. අපි මුළු හදවතින්ම සුභ පැතුම්..!!(නු)
පැරදුණාට පස්සේ මොන අභිමානයක්ද? (නි)
ඇත්තටම පරදිනවා බලන අපේ කාලයට කවුද ගෙවන්නෙ..! (නු)
ඔයා පැන්නේ බළලා මලලෙන් එළියට. ඒ කියන්නේ මෙයාලා කලින් රටේ අභිමානය ගැන හිතලා නැහැ කියන එකනේ. දැන්නම් මුළු රටම විනාසේටමයි යන්නේ. එහෙන් බාල ඩීසල්. පාර්ලිමේන්තුව පළාත් සභා, ප්‍රාදේශීය සභා, අමාත්‍යංශ වල ඉන්න දෙතුන් දාහක පිරිසක් මුළු රටේම ඉන්න කෝටි දෙකක ජනතාවගේ රීරි මාන්ශ උරාගෙන කනවා. කවදද මේ රටේ මිනිස්සු සැනසිල්ලේ හුස්මක් ගන්නේ? මේ හැම දෙයකටම මුල දේසපාලනේ. කමක් නැහැ. 2012/12/21 වැඩි ඇතක නෙමෙයිනේ. (නි)
ජය පැරදුම දෙකම එකසේ දරාගත යුතුයි . ඔවුන් තරග දිනන විට විතරක් වීරයන් සේ සළකන්න අපේ අය පුරුදුවෙලා ඉන්නේ. 4 වන තරගයේ පරාජයට විනිසුරු තීරණයත් ගොඩක් බලපෑවා. ඔබගේ උත්සාහය සාර්ථක වෙන්න කියලා පතනවා. (නි)
ජය වේවා! ජය වේවා! දිනුම පැරදුම මොකක් වුණත් අපේ කොල්ලොනේ ඉතිං. (නි)
ලොවෙත් නෑ මැතිව්ස්.. (ත)
හෙට අපිට අභිමානය ඇතිව දිනන්න පුළුවන්. (ත)
ලංකාවේ අභිමානය නෙවෙයි, ඔයාලගේ ලැජ්ජාව නැති කරගන්න බලන්න. (ත)
මට නම් මෙයාලව පෙන්නන්න බැහැ. (නි)
ආන් අපි නම් දැන් ඔය පරදින තරග බලන එක නවත්තලයි තියෙන්නේ. (නි)